බොදුබල සේනා සාමාජිකයෝ මහනාහිමිවරු හමුවෙති බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයෝ පිරිසක් අද (14) මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු හමුවූහ. 14 August 2018
වැලිකඩ රැඳවියෝ 5ක් සාකච්ඡාවකට යති වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත සිටිමින් උදඝෝෂණයේ නැයැලි සිටින කාන්තා රැදවියන්ගෙන් පස් දෙනෙකු මේ වන විට විශේෂ සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 14 August 2018
ගල්කිස්ස වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයාට මාරුවක් ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේප්පුවල තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියකට අදාළව සිදුකළ පරීක්ෂණයකට අනුව එහි වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයා වහාම තැපැල් මූලස්ථානයට මාරුකර යවා ඇත. 14 August 2018
බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ගැනත් ජවිපෙන් චෝදනාවක් බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී සැක සහිත ගනුදෙනු රැසක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. 14 August 2018
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ජේ.පී. ඩුමිනි පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 14 August 2018
ශ්‍රී ලංකාවටත් ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක් ඉදිරි සති කිහිපය තුළ ස්වාභාවික ද්‍රව වායු බලාගාර පර්යන්තයක් කඩිනමින් ඉදිකිරිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 14 August 2018
‘බස් වර්ජනයට සහය දෙන්නේ නෑ’- ගැමුණු අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් හෙට (15) සිට යෝජිත පෞද්ගලික බස් වර්ජනයට සහය නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 14 August 2018
රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමට අලුත් කොමිසමක් රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අලුතින් වැටුප් කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 14 August 2018
‘ මානව හිමිකම් සංවිධානයේ යෝජනා ගැන අධ්‍යනයට කොමිසමක් ඕනෑ‘ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයේ 30/1 යෝජනාව පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සඳහා කොමිසමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 14 August 2018
‘ පස් වලට රන් මිශ්‍ර කිරීමේ ජාවාරම් පරීක්ෂණ බලපෑම් මත නවත්වලා‘ පස්වලට රත්‍රං මිශ්‍රකර පිටරට යැවීමේ ජාවාරාම පිළිබඳ පරීක්ෂණ ඉහළ නිළධාරීන්ගේ බලපෑම් මත අතරමඟ නතරවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය. 14 August 2018
‘ජ‘පුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් නෑ‘ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මුදල් අයකරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණවලට මිස මරණ පරීක්ෂණවලට නොවන්නේ යැයි ද එවැනි මුදලක් අයකිරීමට සිදුව තිබෙන්නේ සිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු නොමැති නිසා යැයි ද එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ලංකාදීපයට කීය. 14 August 2018
රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකු බව පවසමින් විදේශ රටවල රැකියා දෙන බව පවසා මහජනතාව ගෙන් වංචනික ලෙස මුදල් ගත් පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාලයේ විමර්ශන නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 14 August 2018
‘නේවි සම්පත්’ රඳවා ප්‍රශ්න කිරිමට අවසර හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්’ අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා එම් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව රඳවා ප්‍රශ්න කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) අවසර ලබා දුන්නාය. 14 August 2018
ලංගම රියදුරුට - කොන්දොස්තරට මැරයෝ තර්ජනය කරති ප්‍රමාද වී සිය ගමන් වාරය අරඹන්නැයි ලංගම බස් රියක රියදුරුට හා කොන්දොස්තරවරයාට තර්ජනය කරමින් පෞද්ගලික බසයක හිමිකරුවකු ඇතුලු පිරිසක් පොලු මුගුරු රැගෙන ඔවුනට මරණිය තර්ජනය කළහ. 14 August 2018
බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1184 ක් නවතී බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය අතර පවතින කඹ ඇදිල්ලක් හේතුවෙන් නියාමක පුරප්පාඩු 1184ක් සඳහා අළුතින් බඳවාගත් නියාමකයින්ට පත්වීම් ලබාදීම ඇණහිට ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. 14 August 2018
'නේවි සම්පත්' අත්අඩංගුවට 2007 වර්ෂයේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ අතුරුදන්ව සිටි හිටපු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ’නේවී සම්පත්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 14 August 2018
තරුණියගෙන් කප්පම් ගත් කතුන් දෙදෙනකු ඇතුළු අයෙක් අත්අඩංගුවට විසි දෙහැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප මුහුණු පොතට මුදා හරින බවට තර්ජනය කර එම තරුණියගෙන් රුපියල් දස දහසක කප්පමක් ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 14 August 2018
බිරියට පිහියකින් ඇන තුවාල කළැයි සැමියා අත්අඩංගුවට කොම්පඤ්ඤවීදිය පෞද්ගලික රෝහලක පවිත්‍රා අංශයේ සේවිකාවකට එම රෝහල ආසන්නයේ දී අද (14) පෙරවරුවේ පිහියකින් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධයෙවන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 14 August 2018
නව තැපැල්පති ධුරය රංජිත් ආරියරත්නට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ රංජිත් ආරියරත්න මහතා අද (14) සිට නව තැපැල්පති ලෙස පත් කර තිබේ. 14 August 2018
රත්නපුර අධිකරණයේ දී පැනගිය රැඳවියා අත්අඩංගුවට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදි පැනගිය 27 හැවිරිදි සැකකරුවෙකු පැය විසිහතරක් ගතවීමට පෙර දම්බුලූවන කහවත්ත, දෙමටකැටිය ප්‍රදේශයේ පාලූ නිවසක සිටියදී අද (14) අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි. 14 August 2018
මුදල් වංචා කළැයි උප තැපැල් ස්ථානාධිපතිවරිය රිමාන්ඩ් විවෘත නොවු තැපැල් ඉතිරි කිරිමේ ගිණුම්වල මුද්දර ඉදිරිපත්කර තැපැල් කාර්යාල වලින් වංචනික ලෙස රුපියල් 47500/-ක් ලබාගත් වැඩ තහනමට ලක්වි සිටින උපතැපැල් ස්ථානධිපතිනියක් ලබන 24 දා දක්වා බන්ධනාගාරගත කර ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා කන්තලේ මුලස්ථාන පොලිසියට නියම කළේය. 14 August 2018
උද්ඝෝෂණයේ නිරත රැඳවියන්ට පාර්සල් 17 ක් එළියෙන් බන්ධනාගාර වහළය මත රැදී උද්ඝෝෂණයේ නිරතව සිටින රිමාන්ඩ් බන්ධනාගාර කාන්තා රැඳවියන්ට ලැබුණු පාර්සල් 17ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ. 14 August 2018
ජ’පුර මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීම ගැන වෛද්‍ය සංගම් කරුණු විමසයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකරනු ලබන මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීමට එම රෝහල් කළමනාකරණ මණ්ඩලය තීරණය කළේ කවර පදනමකින් දැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාගෙන් ලිඛිතව විමසා ඇත. 14 August 2018
රුවන්පුරේ මැණික් ව්‍යාපාරිකයෙක්ට වෙඩි ප්‍රහාරයක් රත්නපුර කලවාන ප්‍රධාන පාරේ මාරපන ප්‍රදේශයේ දී අද (14) අලූයම නිවිතිගල සිට රත්නපුර දෙසට ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි නිවිතිගල පොලිසිය කියයි. 14 August 2018
බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කරයි බන්ධනාගාර වහළය මත රැදී සිටින රැදවියෝ ඉන් බස්සවා ගැනීමට බන්ධනාගාර ඉහළ නිලධාරී උත්සාහ දැරූවද අද (14) සවස 2.20 වන විටත් රැදවියෝ එයට එකඟ වී නොමැත. 14 August 2018
අධීක්ෂණ මන්ත්‍රීලාගේ ප්‍රවාහන දීමනාව ඇමතිවරුන් ලෙස පත්වූ අයගෙන් ඉවතට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හිමිවූ රුපියල් ලක්ෂ දෙකේ ප්‍රවාහන දීමනාව මෑතකදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ලැබූ අයගෙන් කපා දැමූ බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 13 August 2018
ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත. 13 August 2018
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. 13 August 2018
බන්ධනාගාර විරෝධතාවයේ පසුබිම් කතාව වැලිකඩ බන්ධනාගාරායේ කාන්තා රැඳවියෝ 25 දෙනෙක් පමණ අද පෙරවරු 6.00 සිට එහි වහලය මතට නැගී විරෝධතාවයක නියැලුනේ තමන් එතෙක් විඳි පහසුකම් අහිමිවූ නිසා බව බන්ධනාගාරයේ ඇතුළත තතු දන්නෝ කියති. 13 August 2018
සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළැයි ලාංකිකයෙකු අත්අඩංගුවට ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත්‍රස්ත ක්‍රියාකාරම් වල නිරතවෙමින් සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළා යැයි කියන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙකු සෞදි බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි ගැසට් වෙබ් අඩවිය අද (13) වාර්තා කළේය. 13 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026