සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදී අංශ 13 ක් සඳහා ‘ඔන් ලයින්‘ අයදුම්පත් කැඳවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදි අංශ 13 ක් සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට ලබන මස පළමුවැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ (Online) අයදුම්පත් කැඳවීමට නියමිතය. 16 August 2018
කාසල්රි ජලාශය පිටාර මට්ටමේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉතා ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි. 16 August 2018
‘රටට අයහපත් කරුණු ඇත්නම් ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්‘ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් එය සංශෝධනය කිරීමේ හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 16 August 2018
සීමා නිර්ණය කොමිසම් වාර්තාව 24 වැනිදා පාර්ලිමේන්තුවට පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කොට්ඨාශ වෙන්කිරීමේ සීමා නිර්ණය කොමිසමේ වාර්තාව මෙම මස 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 16 August 2018
ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටි අයෙක් මරුට: අයෙක් රෝහලේ වත්තේගම සිට මාතලේ දෙසට ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටි එහි ගමන් එකම පවුලේ සහෝදරයින් දෙනොගෙන් එක් තරුණයෙකු මිය ගොස් අනෙකා බරපතල තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය කියයි. 16 August 2018
ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින් ව්‍යාජ සංවිධානයක් පිහිටුවාගෙන මුදල් වංචාවේ නිරත වූ බව කියන පුද්ගලයකු පොලොන්නරුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාරවිල - කටුනේරියේ දී අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 August 2018
භු විද්‍යා කාර්යාංශයේ බලපත් හොරට හැදු අයෙක් අත්අඩංගුවට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් පස් සහ වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර කූඨ ලෙස සකස් කරන ස්ථානයක් වේයන්ගොඩදී වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 16 August 2018
පීසීගේ මරණයට කොස්තාපල් රියදුරු අත්අඩංගුවට මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල්වරයකුගේ මරණයට සැකපිට එම පොලිස් විද්‍යාලයේම පොලිස් කොස්තාපල් රියදුරුවරයකු අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. 16 August 2018
හැටන් කොළඹ මාර්ගයේ ඉරි තැලීමක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ඉරිතැලීමකට ලක්ව සුළු ගිලා බැසිමකට ලක් වි ඇති බව වටවල පොලිසිය කියයි. 16 August 2018
කොළඹ දෙමළ මාධ්‍ය පාසල් සංවර්ධනයට කොළඹ නගරයේ තිබෙන දෙමළ මාධ්‍ය කුඩා පාසල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය. 16 August 2018
‘නේවි සම්පත්ට‘ රට පනින්න නාවික හමුදාවෙන් ලක්ෂ 5 ක් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තාට මැලේසියාවට පලායෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය. 16 August 2018
පැමිණි බසයටම යට වී කතක් මරුට වැලිමඩ ප්‍රධාන බස්නැවතුම් පොලේදි ලංගම බස් රථයකට යටවි බරපතල තුවාල ලැබූ 51 හැවිරිදි කාන්තාවක් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව වැලිමඩ පොලිසිය පවසයි . 16 August 2018
මහවැලි ගඟේ වැලි ගොඩ දමන බෝට්ටු 30 ක් ගිනිබත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා යොදවා තිබෙන බෝට්ටු 30 ක් පමණ අද (16) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 16 August 2018
චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ඇමැති රිෂාඩ්ට වැඩිපුර වාහන 7ක් ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු උපරිම වාහන ගණන තුනක් වුවද කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වැඩිපුර වාහන හතක් ලබා දී ඇතැයි අනාවරණය වේ. 15 August 2018
ටොනාඩෝවකින් විරඹුගෙදර නිවාස 100ට හානි වර්ෂාව සමඟ ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟක් හේතුවෙන් විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව කුරුණැගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ අරුණ විරාජ් දිසානායක මහතා පවසයි. 15 August 2018
බදුලු පාරත් ලිස්සන සුළුයි - පොලිසිය අනතුරු අඟවයි බලංගොඩ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ඇති ප්‍රධාන මාර්ග කිහිපයක්ම ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය පැදවීමේදී කල්පනාකාරී වන්නැයි බලංගොඩ රථ වාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. 15 August 2018
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කරන්න යයි පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්ෂක ගොඩනැගිලි නව තාක්ෂණ පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 15 August 2018
අවුරුදු 60කට කලින් හොරාගත් ලෝකඩ බුදු පිළිමය ඉන්දියාවට යළි බාරදෙයි වසර 60කට පෙර ඉන්දියාවේ බිහාර්හි පිහිටි නාලන්දා කෞතුකාගාරයේ තිබී සොරා ගන්නා ලද 12 වැනි සියවසට අයත් ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක් ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය අද (15) නැවත ඉන්දියාවට බාර දීමට පියවර ගත්තේය. 15 August 2018
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බලාත්මක වීම පමාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රථම වරට පිහිටුවා ඇති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් සැකැසූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සංශෝධනය සඳහා සිය යෝජනා හා නිරීක්ෂණ ලබාදීමට කැබිනට් මණ්ඩලය අවස්ථාව ඉල්ලා ඇත. 15 August 2018
වැස්සෙන් දිස්ත්‍රික් 6 ක පවුල් 1152 ක් අවතැන් පසුගිය දින කිහිපයේදී බලපෑ වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක පවුල් 302කට අයත්, 1152 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 August 2018
‘ග්ලයිෆොසේට් යළි තහනම් කළ යුතුයි‘ ඇමෙරිකා අධිකරණයක් මගින් ද ග්ලයිෆොසේට් වල්නාශක තහනම් කර ඇති බැවින් ශ්‍රී ලංකා රජය ද කල්පනා කර තීන්දුවක් ගත යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 15 August 2018
පළාත් කිහිපයක වැසි සහිත සුළං තත්ත්වය 20 වැනිදා තෙක් පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහ තද සුළං තත්ත්වය මෙම මස 20 වැනිදා පමණ වනතුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 August 2018
වැටුප් ප්‍රශ්නයට විසඳුම් හොයන කොමිසමට කැබිනට් අනුමැතිය ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවේදී පැවසුවේ රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත්කර දුම්රිය සේවාවේ ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින ගැටලූ විසඳීමට කටයුතු කරන බව යැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 15 August 2018
ගංවතුරෙන් කේරළයේ 43ක් මරුට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 43දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. කාළගුණ විද්‍යා අංශ පවසන්නේ ප්‍රදේශයට සතියක පමණ කාලයක් තිස්සේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි. 15 August 2018
රසායනික අවි සම්මුති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධය කිරීමට සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 15 August 2018
ශ්‍රී ලංකාව ආශ්රිත සාගර කලාපයට රසායන අපද්‍රව්‍ය එක්වීම ගැන පරීක්ෂණයක් කරන්න‘ ශ්‍රී ලංකාව ආශ්රිත සාගර කලාපයට රසායන අප ද්‍රව්‍යන් මුසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අදාල ආයතන පරීක්ෂණ කළයුතු බැව් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි. 15 August 2018
පළාත් ඡන්දය ඉක්මන් කරන්නැයි සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව කියයි පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගන්නැයි පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව සියලුම දේශපාලන පක්ෂවලටත් මැතිවරණ කොමිසමටත් යෝජනා කර සිටී. 15 August 2018
‘ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන විමට ඉල්ලා සිටියහොත් ඊට ඉඩ දෙනවා‘ ඒකාබද්ධ විපක්ෂය ස්වාධින වීමට ඉල්ලා සිටියොත් ඊට ඉඩ දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 15 August 2018
කොචින් ගුවන් ගමන් 18 වැනිදා තෙක් අත්හිටුවයි දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය නිසා එම ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් අගෝස්තු මස 18 වැනිදා වන තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ. 15 August 2018
කතානායක පනත් දෙකකට අත්සන් තබයි සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමේ සංශෝධන පනතට සහ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනතට කතානායක කරු ජයසූරිය මහතා අද (15) අත්සන් යෙදූ බව එම මාධ්‍ය අංශය පවසයි. 15 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026