(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්තනගල්ල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවකට දහවල් කාලයේ දී ඇතුළු වී වසර දෙකක කාලයක සිට රුපියල් කෝටි පහකට ආසන්න මුදල් සොරාගෙන කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණු වැඩ තහනමකට ලක්වූ උපාධිධාරී ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සොරාගත් මුදලින් මිලදී ගත් මොටර් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගත්තේ මීගොඩ කඩුහේන හන්දිය ප්‍රදේශයේදීය.
අතුරුගිරිය කහන්තොට විහාරස්ථානයේ ආවාස ගෙයක් කැඩීම කළ උත්සාහයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී ලද සී.ටී.වී. දර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. විහාරස්ථාන දෙකකින් මුදල් සොරාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පන්සල්මද? නැත්නම් සිටුවරුන්ගේ මන්දිරද?
"වසර දෙකක කාලයක සිට රුපියල් කෝටි පහකට ආසන්න මුදල් පන්සල් වලින් සොරාගෙන" මෙච්චර සල්ලි හොයන්න පුළුවන්ද පන්සල් කඩලා , මම අවුරුදු 25ක් විතර රස්සාව කරනවා කෝටියක් දැකලත් නැහැ... දැන් තවත් අය මේක කරන්න යයි..
මාර පොරක්නේ... රජ කාලේ වගේ උල තියන්න වටිනවා.