(බිඟුන් මේනක ගමගේ )
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට තම සංවිධානය ඇතුලු සංවිධාන කීපයක් තීරණය කර ඇතැයි සිහළ රාවය සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ.
ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා මීට පෙර බොදු බල සේනා සංවිධානයත් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්ව ඇතුලු සංවිධාන රැසක් ද ජනාධිපති ලේකම්වරයාට ලිපි යොමු කළ ද මේ වනතුරුත් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද සුදත්ත හිමියෝ කීහ.
ගෝනවල සුනිල් ආදී පාතාල ප්‍රබලයන්ටත් විවිධ අපරාධවල නිරත වූ පුද්ගලයන්ටත් සමාව දීමට ජනාධිපතිවරුන්ට හැකි වූයේ නම් රටේ උන්නතිය වෙනුවෙන් මැදිහත් වූ භික්ෂුවකට ජනපති සමාව දිය නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළ උන්වහන්සේ ඥානසාර හිමියන් ජාතික ආරක්ෂාව ගැන පළ කළ අනාවැකි දැන් සත්‍ය වෙමින් තිබෙන්නේ යැයි ද කීහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ සංචාරයක නිරත වන බැවින් හෙට හා අනිද්දා දෙදින සාකච්ඡාවක් ලබාගැනීමට අපහසුව ඇතැයි ද ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණි විගස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ යැයි ද සුදත්ත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉල්ලන්න ඔක්කොම... නීතිය කඩාපු මිනීමරුවන්ටයි, කුඩුකාරයින්ටයි ජනාධිපති සමාව...
අපි ජනාධිපතිගෙන් සමාව ඉල්ලන්නේ නැහැ කියලා ලොකුවට කිව්වේ... දෙන මොන මුහුණ තියාගෙනද ඉල්ලන්නේ?
නීතියට ගරු කරන්න හැමෝම ඉගෙන ගන්න ඕනෑ..
මෙම සමාව දුනහොත් ජනාධිපති වැරදි පූර්වාදර්ශයක් දෙනු ලබන අතර එය වෙනත් අයටද සමාව දීමට යොදා ගනු ඇත. එහිදී කිසිවෙකුට කිසිවක් කිය නොහැකි වනු ඇත. මන්දයත් වැරද්ද නිර්වචනය කිරීම උසාවිය සිදු කර ඇති බැවින් ඊට වඩා යමක් කිසිවෙකුට කිව නොහැකි බැවිනි.
උසාවිය ඇතුළට පැනලා චන්ඩි පාර්ට් දැම්මට දැන් මොකද?
එලියට ඇවිත් ආයෙත් වැරදි නොකර හොඳින් ඉන්නවා කියලා විශ්වාසනම් කමක් නැහැ. නමුත් ආයෙත් පරණ විදියටම පටන්ගත්තොත් ඇප වුනු කෙනාට තමයි කුණු නාමේ එන්නේ.
ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා කිසිම සාධකයක් නැහැ
උන් වහන්සේට ජනාධිපති සමාව එපා. සිංහයන් කවදාවත් සමාව ගන්නේ නෑනේ.
අනේ හාමුදුරුවනේ, ධර්මය රකින්න උත්සහ කරන්න. දැන් තවත් ගොඩ ගන්න බැරි තරමට පිරිහිලා. ඒ මුදල් සහ සැප සම්පත් නිසා. දේශපාලුවන් මෙහෙයවන නිසා.
මොකකක්ද කරපු වරද ?