(දයාරත්න ඇඹෝගම)
ජල හිඟය නිසා වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් යළි හෙට (8) සිට විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසීය.
කළමනාකරණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පිඨය, තාක්ෂණ පීඨය සහ සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ථ පීඨ මෙසේ යළි 8 වැනි දා විවෘත කිරිමට නියමිතය.
අනුරාධපුරය දිස්ත්‍රික්කයට පසුගිය කාලයේ පැවති දැඩි නියඟය හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට ජලය සැපයීමට නොහැකිවිම නිසා පසුගිය මාසයේ තුන් වැනි දින සිට මෙම පීඨ හතර තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සුදුසුකමක් නැති ගුරුවරු සිටින මෙම සරසවිය වසා දමන්න.