(සුජිත් හේවාජූලිගේ)
අලුත් වෛද්‍ය ආඥා පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටියි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උප සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු, මහාචාර්ය නරේන්ද්‍ර ද සිල්වා හා මහාචාර්ය පාලිත අබේකෝන් යන මහත්වරුන්ය.
අලුත් වෛද්‍ය ආඥා පනතක් සකස් කිරීම සඳහා සළකා බැලීමට නව යෝජනා හා අදහස් ඉදිරිපත් කරන්නැයි එම කමිටුව මහජනතාවගෙන් හා විද්වතුන්ගෙන් ඉල්ලීමක් කරයි.
කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, නො. 31, නොරිස් කැනල් පාර, කොළඹ 10 කමිටුවේ ලිපිනයයි. වෛද්‍ය සී. එල්. කේ. අතපත්තු මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සභාවට සභාපති කෙනෙක් තාම නැහැ. ඒත් ඒ ගැන පනතක් හදනවා. මේව තමයි විහිළු කියන්නේ...