(දයාරත්න ඇඹෝගම)
නියඟය හේතුවෙන් කන්න හයක් ගොවිතැන් කටයුතු නතර වී තිබුණ රජරට ගොවීන් හට මාස් කන්නයේ වගා කිරිම සඳහා අවශ්‍ය බිත්තර වී, බඩඉරිගු ඇතුළු අනෙකුත් ධාන්‍ය වර්ග නොමිලේ ලබා දීමට රජය වහා පියවර ගතයුතු යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.
අද (7) පෙරවරුවේ ඒ මහතාගේ අනුරාධපුර පිහිටි නිවසේ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා මෙසේ ද පැවසීය.
රජරට පැවති වියළි කාලගුණික තත්වය අවසන් වී අද වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. මේ වන විට මාස් කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ වී තිබෙනවා. වසර දෙක හමාරක කාලයක් කිසිදු ආදායමක් ගොවීනට ලැබුණේ නෑ. ඔවුන් එදා වේල හොයාගන්න බැරි තත්වයකයි ජීවත් වෙන්නේ. මේ කරුණු සැළකිල්ලට ගෙන සී සෑමට, පොහොර සහ ගොවි බිමට අවශ්‍ය බීජ නොමිලයේ ලබාදීම මේ මොහොතේ රජය වගකීමෙන් යුතුව සිදුකළ යුතුයි.
එමෙන්ම ගොවිබිම්වල අස්වනු නෙලා ගන්නා තුරු සියලුම ගොවි පවුල්වලට වියළි සලාක මල්ලක් ලබාදීම ද රජයෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාරණයක්. නමුත් වත්මන් රජයට ගොවියා නගා සිටුවීම පිළිබඳ සැලැස්මක් නෑ. අද දඹුල්ලට ගෙන එන එළවළු ටොන් ගණන් විකුණා ගන්න බැරිව අලින්ට කන්න දානවා. එළවළු පළතුරු අපනයනයක් ගැන ආණ්ඩුව තුළ ඇත්තේ වචන හරඹයක් පමණයි.
රුපියලේ අගය අඩු වැඩි වීම පිළිබඳව කතා කරන ආණ්ඩුව ගොවියා පත්ව සිටින ඉරණම ගැන ඇහැක් ඇරල බලන්නේ නෑ. කන්න හයක් පාලු වුණ ගොවීන්ට සැළකිය යුතු ආකාරය අපි මතක් කර දිය යුතු නෑ. මේ ආණ්ඩුවේ ඉන්නවයි කියන ආර්ථික විශේෂඥයින් ට අසරණ ගොවියා අමතක වීම පුදුමයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා වැඩක් නැහැ ගොයියෝ සුන්...
පළාත් සභාව තියෙන්නේ ඒකට තමයි නැතිව රටේ මහජන මුදලෙන් රට සවාරි ගහන්නයි, හොරකම් කරන්නයි විතරක් නොවේ. මුලින්ම තමන්ගේ අතින් ඉටුවෙන්න තියෙන වගකීම් හා යුතුකම් ඉටු කරලා හිටියා නම් හරි...
දැන් බලන්න එළවළු මිල... තක්කලි කිලෝ 1 රුපියල් 5යි. දැන් බණ්ඩාරවෙල එළවළු ගොවීන් වගාවෙන් ඉවත් වෙලා සිමෙන්ති අනනවා. වෙනස කොහොමද?
එලවලු මිල වැඩි කරණු