‘සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් අවදානමකට මුහුණපෑමට සිදුවනවා’ ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ලොකු අවදානමකට මුහුණපෑමට සිදුවන බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. 29 August 2018
නි. පොලිස්පතිගේ උපාධි සහතිකයේ කොස්සක් නියෝජ්‍ය පොලිස්පති නිලයට මේ වනවිට උසස්වීම් ලබා රාජකාරියේ නිරතව සිටින නිලධාරියකු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට බැඳීමේදී ඉන්දියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබාගත් බව කියමින් ඉදිරිපත් කර තිබූ උපාධි සහතිකය සැබෑ එකක්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා ඉන්දියාවේ එම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගෙන් තොරතුරු වාර්තාවක් ඉල්ලා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි. 29 August 2018
ඥානසාර හිමිගේ සිරදඬුවමට එරෙහිව අභියාචනයකට අවසර දෙනවාදැයි තීන්දුව 31 වැනිදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙසට විත්තිකාර පාර්ශවය කල ඉල්ලීම ලබන සිකුරාදා (31) සලකා බැලීමට අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය. 29 August 2018
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව සාක්කි දෙන්න රතන හිමි ජනපති කොමිසමට ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව සාක්ෂි ලබාදීමට එ.ජා.ප. පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ හෙට(30) බ්‍රහස්පතින්දා පෙනී සිටිති. 29 August 2018
ගෝඨා විශේෂ ජනපති කොමිසමට ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදු වු බව කියන දුෂණ වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. 29 August 2018
ලක්ෂ 28 ක රන් මාලයක් සමඟ පුද්ගලයෙක් රේගුවේදී අල්ලයි රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා රන් මාලයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්අත් අඩංගුවට ගෙන තිබේ . 29 August 2018
හොරෙන් මැණික් ගෙන ආ චීන ජාතිකයන් තිදෙනකු අල්ලයි චීනයේ සිට මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු අද (28) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 29 August 2018
මාමාගෙන් පිහි පහර කා බෑනා රෝහලේ බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය මාමා සහ බෑනා කෙනෙකු අතර මුහුද මැදදී ඇතිවූ ආරවුලක් දුර දිග ගොස් මාමා පිහියෙන් ඇනිම නිසා තුවාල ලැබු බෑණා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කර ඇති අතර පිහියෙන් ඇනීම සිදු කළ බව කියන ධිවරයා අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 29 August 2018
වන නිලධාරීන්ට පහර දුන් සිද්ධියට මන්ත්‍රීවරයෙක් ඇතුළු 12 ක් අත්අඩංගුවට මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 29 August 2018
අගමැති ඉන්දීය සාගර සමුළුව නිමවා නැවත දිවයිනට වියට්නාමයේ හැනෝයි නුවර පැවති ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දුත පිරිස අද (28) රාත්‍රී ලංකාවට පැමිණියහ. 29 August 2018
ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ලංකාවට ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ (Kazuyuki Nakane) මහතා ඇතුළු දූත පිරිස තුන් දින නිල සංචාරයක් සදහා අද (28) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියහ. 29 August 2018
ඒකාබද්ධයේ උද්ඝෝෂණය ගැන අදත් සාකච්ඡා ඒකාබද්ධ විපක්ෂය ලබන මස 5 වැනිදා පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට ”උද්ඝෝෂණය සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගිකරවා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අද (28) දීර්ඝව සාකච්ඡා කෙරිණ. 28 August 2018
වේත්‍රධාරී තනතුරින් විශ්‍රාම යන අනිල් පරාක්‍රම වෙනත් තනතුරකට වේත්‍රධාරී තනතුරින් හෙට (29) විශ්‍රාම යන අනිල් පරාක්‍රම සමරසේකර මහතා පාර්ලිමේන්තුවේ වෙනත් තනතුරකට පත් කිරීමට නියමිතය. 28 August 2018
විගණකාධිපති වැටුප් වැඩිවීමක් ඉල්ලයි - ලැබෙන වැටුප බිල්වලට ඉවරයිලු තමාගේ මාසික වැටුප රුපියල් 69,000 කට සීමා වී ඇති නිසා වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව විගණකාධිපති හා ජාතික විගණන කොමිසමේ සභාපති ගාමිණි විජේසිංහ මහතා පවසයි. 28 August 2018
ඉන්දීය ධීවරයෝ බත්තලංගුඩුව බදු ගනිති කල්පිටිය බත්තලංගුන්ඩුව දූපතට නුදුරු ශ්‍රී ලාංකීය මුහුදේ ඉන්දීයා ධීවර යාත්‍රා 50 ක් පමණ අද (28 ) සන්ධ්‍යාවේ ධීවර මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි බවත්,එම නිසා කෙන්දන් පන්නයන් සදහා මුහුදු ගිය බත්තලංගුන්ඩුව ධීවරයන් පෙරළා ගොඩ බිමට පැමිණි බවත් බත්තලංගුන්ඩුව ධීවර සමිතියේ සභාපති ඩබ්ලිව් ඒබට් ප්‍රනාන්දු මහතා පැවසීය. 28 August 2018
නාවික හමුදාව ඇමෙරිකා වෙරළ ආරක්ෂක “ෂර්මන්” නෞකාව බාර ගනී ඇමරිකා එක්සත් ජනපදය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකායට අයත් “ෂර්මන්” (USCGC Sherman) නෞකාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත අද (28) පස්වරුවේ හවායි දුපතේ හොනලුලු හිදී බාර දුන් බව නාවික හමුදාව කියයි. 28 August 2018
‘මහ බැංකුව වග කියන්න ඕනේ මහජනතාවට‘ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ එහි අධ්යක්ෂ මණ්ඩලය වගකීමෙන් බැඳි සිටින්නේ මහජනතාවට මිසක ඔවුන් අදාළ තනතුරුවලට පත් කරන ලද දේශපාලන ස්වාමිවරුන්ට නොවේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය. 28 August 2018
‘මහ බැංකුවේ පසුගිය සිදුවීම් ගැන වෝහාරික විගණන 6ක් සිදුවෙනවා‘ ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට වෝහාරික විගණන හයක් සිදු වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (28) කොළඹදී පැවැසීය. 28 August 2018
අලි මිනිස් ගැටුම නවත්වන වැඩපිළිවෙළට අලුතින් 1019ක් බඳවා ගන්න යයි අලි මිනිස් ගැටුම විසඳීම සඳහා යෝජිත නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැති බැවින් අලුතින් නිලධාරීන් සහ සේවකයන් 1019ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. 28 August 2018
පොදු දේපලවලට හානිකර රිමාන්ඩ් බාරයේ සිටි සරසවි සිසුන් තිදෙනාට ඇප කැලණි සරසවියේ පොදු දේපල වලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් 20 වැනි දා සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සිසුන් තිදෙනා රුපියල් පන්දහසක බැගින් වු මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (28) නියම කළේය. 28 August 2018
පෞද්ගලික විදුලිබලාගාර වලින් විදුලිය මිලට ගන්න මැදිහත් වන්නැයි ජනපතිගෙන් ඉල්ලයි පෞද්ගලික විදුලිබලාගාර තුනකින් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා මැදිහත්වන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 28 August 2018
රුපියලේ අගය තවදුරටත් පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිනෙන් දින වාර්තාගත අන්දමින් පහළ යමින් තිබේ. 28 August 2018
මින්නේරිය - කවුඩුල්ල යළි අරී වනජිවී නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය අද (28) පස්වරුවේ යළි විවෘත කළ බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 28 August 2018
ලොග්ගල්ලා ඔයේ වළක ගිල්වා තිබු මළ සිරුරක් ගොඩ ගනී ජලයේ පාවීම වැළැක්වීම සඳහා පිටෙහි ගලක් ගැට ගසා දෑත් බැද ලොග්ගල්ලා ඔයේ වතුර වළක ගිල්වා තිබූ පුද්ගල මළ සිරුර අද (28) දහවල් බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය. 28 August 2018
දරුවකු මිය යාමෙන් ගලහ රෝහල අසල කැළඹෙයි උණ රෝගය සෑදී ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවකු අද (28) රෝහල් වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් මිය යාම සම්බන්ධයෙන් උරණ වූ පිරිස් ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කර රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ. 28 August 2018
ගම්මන්පිලට එරෙහි නඩු පුර්වගාමී මහාධිකරණ විනිසුරු හමුවේ විභාග කරන්නැයි ඉල්ලීමක් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව පුර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා හමුවේ ම විභාග කිරීමට අවසර දෙන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතාට අද (28) දැනුම් දුන්නේය. 28 August 2018
‘සීමානිර්ණ වාර්තාව සැකසීමට වැය කළේ ලක්ෂ 160 යි’ පළාත් සභා සීමානිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 212 ක් වුවත් ඊට වැය කළේ රුපියල් ලක්ෂ 160ක් පමණක් යැයි පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සභාපති හිටපු මිනුම්පති කනගරත්නම් නවලිංගම් මහතා පැවසීය. 28 August 2018
‘ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම සකස් කිරිමේ දී විද්වතුන් සහභාගී වී නෑ’ රටවල් දෙකක් අතර නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කිරීමේදී විවිධ වෘත්තීන් පිළිබඳව දැනීමක් ඇති විද්වතුන් සහභාගී විය යුතු වුවද ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සකස් කිරීමේදී විද්වතුන් සහභාගී වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (28) පැවසීය. 28 August 2018
තංගල්ලේ ලංගම බස් ධාවනයෙන් ඉවත් වෙයි බස් රථ රියදුරෙකුගේ සේවය අසාධාරණ ලෙස තාවකාලිකව අත්හිටුවේ යැයි කියමින් අද (28) දහවල් සිට තංගල්ල ඩිපෝවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව එම බස් රියදුරෝ පවසති. 28 August 2018
නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කෙරේ නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස දුම්රිය ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු එම්. ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇත. 28 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026