බදුලු ඔයට අපද්‍රව්‍ය මුදාහළ වැසිකිළි 5කට මුද්‍රා තබයි වැසිකිළි අපද්‍රව්‍ය බදුලුඔයට මුදාහැරීම සම්බන්ධයෙන් ඇල්ල කුඹල්වෙල ප්‍රදේශයේ වැසිකිළි පහක් මුද්‍රා තැබූ ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ වැසිකිළි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගනු ලැබීය. 19 January 2020
ලෝක ආගමික දිනය අදයි අද ලෝක ආගමික දිනයයි.සෑම වර්ෂයක ම ජනවාරි මාසයේ තුන්වැනි ඉරිදා දිනය ලෝක ආගමික දිනය ලෙස පිළිගෙන අදට වසර 70කි. 19 January 2020
රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන් අවවාද කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 19 January 2020
අබුඩාබියේදී රිය අනතුරකින් ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් මරුට අබුඩාබිහිදී සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි 19 January 2020
දිවයින වටා මුහුදු පතුල පිරිසිදු කිරීමේ වැඩසටහනක් දිවයින වටා මුහුදෙහි ගල්පර හා කොරල් පර විනාශ කරමින් පැටලී ඇති නයිලෝන් හා තංගුස් දැල් ඉවත් කර පිරිසුදු කිරිමේ වැඩ සටහනක් අද (18) දවස පුරා හලාවත අඹකදවිල මුහුදු ප්‍රදේශයෙහි සිදු කරන ලදී. 18 January 2020
දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනයට දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. 18 January 2020
පියාගේ පිහි පහරින් තුවාල ලැබූ දියණිය රෝහලේ බීමත්ව පැමිණ සිය පියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතළ තුවාල ලැබූ මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ තරුණියක් අද (17) රාත්‍රී මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 17 January 2020
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරය සඳහා යසන්ත කොදාගොඩ පත්කෙරේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. 17 January 2020
ඉන්දුනීසියානු ජාතිකයාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවන්සා අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඉන්දුනීසියානු ජාතිකයාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවන්සා - ඒ නැමැති වෛරස් උණ රෝගය යැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. 17 January 2020
විදුර වික්‍රමනායකට වරෙන්තු කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තු නිකුත් කළේය. 17 January 2020
‘රංජන්ලාගේ වචන ජනප්‍රිය වෙන්න භාවිතා කිරීමෙන් රටම කැළඹනවා’ රන්ජන් රාමනායක වැනි අයගේ වචන දේව වාක්‍ය හැටියට සළකා ජනමාධ්‍ය ජනප්රියවිම සඳහා ගන්නා උත්සාහයේ ප්‍රතිඵල විසින් මුළු රටම කළඹවන්නේ යැයි ශ්‍රි ලංකා රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සොභිත හිමියෝ පවසති. 17 January 2020
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස් තාක්ෂණික ක්‍රමවේදයන්ට හා පරිසර නියමනයන්ට අනුව නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) බලධාරීන්ට උපදෙස් දුන්නේය. 17 January 2020
‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’ එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 17 January 2020
ඩ්‍රෝන යානා තහනම ඉවතට පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 17 January 2020
වතු සේවක දිනක වැටුප 1000 කට වැඩි නොකරන්නැයි ඉල්ලීමක් වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදිය නොහැකි අතර එම යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළකින්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා සේවක සම්මේලනය සඳහන් කරයි. 17 January 2020
මීගහකිවුල පිටමාරුවේ දී බස් රථයක් අගලකට පෙරැළෙයි මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ වෙන්දේසියාය මහා වංගුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 55 ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කන්දකැටිය පොලිසිය පැවසීය. 17 January 2020
නිශ්ශංක සේනාධිපතිට ඇප ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය. 17 January 2020
ජනපතිගෙන් ආදායම් කොමසාරිස් ජනරාල්ට උපදෙස් වැට්බද්ද අඩුකිරීමේ සහනය පොදු ජනතාවට නොලැබීම පිළිබඳව සොයාබලා වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ. 17 January 2020
මාධ්‍ය හමුවක වීඩියෝ දර්ශන දෙන්නැයි විද්‍යුත් මාධ්‍ය 4 කට නියෝග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් පැවැත්වූ බව කියන මාධ්‍ය හමුවට අදාල සංස්කරණය කළ හා නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට බාර දෙන්නැයි විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හතර දෙනකුට නුගේගොඩ මහෙස්ත්‍රාත් යු.කේ පැල්පොල මහතා අද( 17) නියෝග කළේය. 17 January 2020
රන්ජන්ගේ බලපත් රහිත තුවක්කු නඩුව කල් යයි බලපත් රහිත තුවක්කුවක් ළඟ තබාගෙන සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද නුගේගොඩ අධිකරණයේදී විභාගයට ගත් නඩුව ලබන පෙබරවාරී 9 වැනිදා යළි කැඳවන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් යූ.කේ පැල්පොල මහතා නියෝග කළේය. 17 January 2020
හිටපු ජනපති පොළොන්නරුවෙන් මහ මැතිවරණයට මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (17) පැවසීය. 17 January 2020
මිනිස් සිරුරේ උෂ්ණත්වය පහළ වැටිලා පසුගිය සියවසක කාලය තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය එහි සම්මත අගය වන ෆැරන්හයිට් අංශක 98.6 (සෙල්සියස් අංශක 37) සිට සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ. 17 January 2020
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඩුම් නියම කළේය. 17 January 2020
ලංකාවේ පස්දෙනෙක් ඕස්ට්‍රේලියාවේදී පිට්පොකට් ගසා මාට්ටු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් පස්දෙනෙකු පුද්ගලයන්ගේ පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව වික්ටෝරියානු පොලිසිය පවසයි. 17 January 2020
චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවතට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 January 2020
ලසන්ත අත්තනගල්ල වැඩබලන සංවිධායක ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ වැඩබලන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පශ්රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ වැඩබලන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.ත්කර තිබේ. 17 January 2020
‘චොකා මල්ලී’ ට එරෙහි නඩුව පෙබරවාරියේ නැවත කැඳවයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලී’ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 18 වැනිදා නැවත කැඳවීමට රත්නපුර අංක 2 මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද(17) නියම කළේය. 17 January 2020
රන්ජන් නුගේගොඩ අධිකරණයට රැගෙන එයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 17 January 2020
රාජිත මහාධිකරණයට සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට එරෙහිව නීතීපති විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ ඇප ප්රතිශෝධන පෙත්සම අද(17) විභාගයට ගැණිනි. 17 January 2020
හොර තේරීම් බේරගන්න බුද්ධි අංශ යොදවයි දිළිඳුම පවුල්වල පිරිස්වලට නව රැකියා ලක්ෂයක් සැපයීමේ වැඩසටහනේ දී සහ දිළිඳු පවුල්වලට ආහාර සහන මිලට සැපයීම සඳහා නිර්දේශ ලබාදීමේ දී ග්‍රාම නිලධාරීන් නිසි ලෙස සිය රාජකාරිය ඉටුකරන්නේද යන්න ගැන අධීක්ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් පත්කර ඇත. 17 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026