හිම කුණාටුවට මැදිවුණු දැරියක් පැය 18කට පසු බේරාගනී පාකිස්ථානයේ කාෂ්මීර පාලන ප්‍රදේශයේ ඇතිවූ හිම කුණාටුවෙන් කඩාවැටුණු නිවසක සුන්බුන්වලට යටවුණු 12 හැවිරිදි දැරියක පැය 18කට පසු සොයා ගත් බව වාර්තා වේ. 16 January 2020
යාපනයේ දෙපිරිසක් කපා කොටාගෙන 7ක් රෝහලේ යාපනය කොට්ටඩි ප්‍රදේශයේදී දෙපිරිසක් තියුණු ආයුධවලින් පහරදී ගැනීම හේතුවෙන් 7දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව යාපනය පොලීසිය පවසයි. 16 January 2020
‘බෙල්’ ගෙන ගිය බුදුපිළිමය වසර 100කට පසු ලංකාවට ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, දළඳා මාළිඟයෙන් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. 16 January 2020
රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට පොලිසියේ කණ්ඩායම් 10ක් හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්රමාණයවිශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි. 15 January 2020
හඬපට ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා විකාශය කරන්නැයි ජවිපෙ ඉල්ලයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ අන්තර්ගත යැයි කියන දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත කාර්යකැයි ද ඒවා ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් චැනලයක් ඔස්සේ ජනතාවට අසන්නට විකාශය කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත වසන්ත සමරසිංහ මහතා ’ලංකාදීප’යට අද(15) පැවැසීය. 15 January 2020
අමානුෂිකව කුඩා දැරියකට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට මාතරදී සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ බාප්පා බව කියන පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව අද (15) අත්අඩංගුවට ගත්බව මාතර පොලිසිය පැවසීය. 15 January 2020
මීගමුව මහ රෝහල මධ්‍යම රජයට පවරා ගනියි මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ. 15 January 2020
මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී මත්කුඩු සමඟ තිදෙනකු පොලිස් දැලේ බන්ධනාගාරයේ සිටින රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් මුලා කරමින් ව්‍යාජ හේතු ඉදිරිපත් කර මුදල් ඉල්ලා හිරිහැර කරන යාචකයින් තිදනෛකු මත්කුඩු සමඟ අද (15) මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 15 January 2020
‘‘එජාප නායකත්වයේ වෙනසක් සිදු වන්නේ නෑ‘‘ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් තවදුරටත් පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී පැවැසීය. 15 January 2020
අඩු ආදායම්ලාභීන්ගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්න වැඩපිළිවෙළක් අඩු ආදායම්ලාභී ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. 15 January 2020
එ.ජා.පෙ නායකත්වය ගැන අවසන් තීරණය හෙට ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට(16) ගනු ලබයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවිමට යෝජිතය. 15 January 2020
චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය හෙට පරීක්ෂණ චාරිකාවක චීනයෙන් ආනයනය කළ එස්-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා හෙට (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කෙරේ. 15 January 2020
‘දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටු කරනවා‘ පසුගිය රජයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(14) පැවැසීය. 15 January 2020
ජනපති ලබන මාසයේ චීනයේ සංචාරයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාසයේ දී චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතය. 15 January 2020
ආහාර බඳුනේ සඟවා බන්ධනාගාරයට මත්කුඩු ගෙනගිය අයෙකු දැලේ ආහාර බඳුනක සඟවා දුම්බර බන්ධනාගාරයට රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා මත්කුඩු තොගයක් රැගෙනයාමට තැත් කළ පුද්ගලයකු බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් අද(15) අත්අඩංගුවට ගෙන ඇත. 15 January 2020
රන්ජන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නියම කර තිබේ . 15 January 2020
‘ජාතික බුද්ධි පනත’ නමින් නව පනත් කෙටුම්පතක් බුද්ධි අංශ නියාමනය කිරීම සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 15 January 2020
පළමු වසරට සිසුන් ඇතුළු කිරීමේදී රජයේ තීරණය වෙනස් කරන්නැයි ජනපතිට ලිපියක් පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ දී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට රජය ගත් තීරණය වහා අවලංගු කරන්නැයි ලංකා ගුරු සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද(15) ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. 15 January 2020
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරු 7 ට පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිතය. 15 January 2020
රංජන් නුගේගොඩ අධිකරණයට රැගෙන එයි රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට නුගේගොඩ අධිකරණය වෙත රැගෙන එනු ලැබීය. 15 January 2020
වෑන් රිය දුම්රියක ගැටී තරුණයෙක් මරුට කුරුණෑගල නයිලිය දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස ධාවනය කරවූ වෑන් රථයක් අද (15) කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනයවූ ශිඝ්රගාමී දුම්රියේ හැපීමෙන් එකම පවුලේ මල්ලි මරණයට පත්ව අක්කා බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව කුරුණෑගල පොලීසිය කියයි. 15 January 2020
ගුවන් සෙබළාගේ මරණයට සැකපිට තවත් සෙබළුන් 3 ක් අත්අඩංගුවට සාදයක් අතරතුරදී හදිසියේ රෝගාතුරව රෝහල් ගත කරන අවස්ථාවේ දී මියගොස් සිටි බව කියන ගුවන් සෙබළාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගුවන් සෙබළුන් තිදෙනෙක් අද (15) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි. 15 January 2020
ඉබ්බා දියේ දැම්මා වගේ මා දැන් නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමත් සමග තමා ඉබ්බා දියේ දැම්මා වැනි තත්ත්වයට පත්වුණු බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය. 15 January 2020
නොදැනිම දරුවා ඇකයෙන් වැටුණා:මයිල හතක් ගොස් අම්මට දැනුණා “නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා” යන ගුත්තිල කාව්‍යයේ එන කවි පදය සජීවී අත්දැකීමක් බවට පත්වූ පුවතක් වතුපිටිවල රෝහලෙන් ඉකුත් 13 වැනිදා වාර්තා විය. 15 January 2020
මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙඩි තබාගනී මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 January 2020
අසර්බයිජාන් හී මියගිය සිසුන්ගේ සිරුරු අද ලංකාවට අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහයන් අද (15) පෙරවරු 9.20ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය. 15 January 2020
බටපොල දී පුද්ගලයෙකු ඝාතනය කරයි බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ වෙළඳසළක් අසල දී අද (15) අලුයම පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි බටපොල පොලිසිය පවසයි. 15 January 2020
ලංකාව - රුසියාව ත්‍රස්තවාදය මඬින්න එකඟතාවයකට ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමටත් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව සහ රුසියාව එකඟතාව පළ කළ බව දෙරටේ විදේශ අමාත්‍යවරු අද (14) ප්‍රකාශ කළහ. 14 January 2020
සංස්ථා සභාපතිවරුන්ගේ පඩිය ලක්ෂයකට සීමා කෙරේ රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට හා එක් නිල වාහනයක් පමණක් ලබාදීමට නියෝග කරමින්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. 14 January 2020
‘‘මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන යළි සාකච්ඡා කාරනවා‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය. 14 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026