වතු කම්කරු වැටුප මාර්තු පළමු වැනිදා සිට වැඩි කෙරේ වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 14 January 2020
ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක් විවිධ හේතූන් මත 2019.09.30 දිනට පෙර නීත්‍යානුකූල නොවන අයුරින් ත්‍රිවිධ හමුදා හැරගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට නැවත හමුදාවට භාර වීම සඳහා දින හතක පොදු සමාවක් ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 14 January 2020
වනාතවිල්ලුවේදී තිදෙනෙක් දියේ ගිලී මියයති වනාතවිල්ලුව රාල්මඩුව ජලාශයේ දිය නෑමට ගිය එකම පවුලේ මව පුතා හා දියණිය දියේ ගිලී අද (14) මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. 14 January 2020
සුභාවිත ගීත ප්‍රචාරය නොකරන බස් රථ හෙට සිට පරීක්ෂාවට ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත ගීත හෙට (15) සිට ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිසම පැවසීය. 14 January 2020
ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබේ. 14 January 2020
‘‘ධූර කාලය තුළ ඇති ප්‍රධානම කාර්යය ආර්ථිකය නඟා සිටුවීමයි‘‘ තම ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බිඳවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) විදෙස් නියෝජිතයෝ හමුවේ පැවැසීය. 14 January 2020
රන්ජන් හෙට අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි. 14 January 2020
නීති විරෝධී ගිනි අවි බාර දීමට සතියක සහය කාලයක් දිවයින් පුරා ඇති බලපත්‍ර රහිත ගිනි අවි රජයට බාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය දින 7 ක සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 14 January 2020
ශ්‍රිලනිපයේ ආසනවල සංවිධායක ධූර සඳහා අයදුම්පත් කැඳවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩුව පවතින ආසනවල සංවිධායක ධූර පිරවීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 14 January 2020
රන්ජන්ගේ හඬපට වලට ඇමැතිවරුන්ගේ කටහඬවල් සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ කටහඬට සමාන ව්‍යාජ හඬපට රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලානාත්මක හඬපට සමඟ සම්බන්ධ කිරීමේ කුමන්ත්රණයක එක්සත් ජාතික පක්ෂය යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසයි. 14 January 2020
රන්ජන් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත. 14 January 2020
ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණයක් ගෙන නැහැ සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට රජය තීරණය කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) පැවැසීය. 14 January 2020
ඉරාජ්ට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තනතුරක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත් කරනු ලැබ ඇත.සංචාරක සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අද (14) පත්කිරීම සිදුකර ඇත. මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වේ. 14 January 2020
‘‘රංජන්ගේ හඬපට ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගතයුතුයි‘‘ සමාජය තුළ විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන පරිදි තවදුරටත් රංජන්ගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමට විදුලි සංදේශ හා නියාමන කොමිසන් සභාව පියවර ගත යුතුව ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (14) පැවසීය. 14 January 2020
වෝහාරික විගණනය විවෘත කරන්නැයි ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව කතානායක බලතල පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත. 14 January 2020
රන්ජන්ගේ හඬපට ප්‍රචාරය නවත්වන්නැයි බොදු බල සේනා සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරය වන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වහාම වාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව බොදුබල සංවිධානය කියයි. 14 January 2020
නාලක කලුවැවගේ තනතුර ස්ථිර කෙරේ වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා එම තනතුරේ ස්ථිර කර තිබේ. 14 January 2020
‘‘විහිළුකාරයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි‘‘ මන්ත්‍රී ධූරයට පත්වන ඇතැම් පුද්ගලයන් සමාජය ඉදිරියේ එය විහිළුවට පත්කර තිබෙන ඇයුරු මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වන දුරකතන හඬපට වලින් පෙන්නුම් කෙරෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතා අද (14) පැවැසීය. 14 January 2020
‘‘ආණ්ඩුවට ජනතාවාදී වැඩපිළිවලක් නෑ‘‘ ජනතාවාදී වැඩපිළිවලක් නොමැති වත්මන් ආණ්ඩුව ඉදිරි මහමැතිවරණය තෙක් ජනතාවට බොරු පොරොන්දු දෙමින් කැරට් අල පෙන්නමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 14 January 2020
රන්ජන්ට වරෙන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය. 14 January 2020
පැය 4 කට පසු රාජිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) පැය 4 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 14 January 2020
සරත් විජේසූරියට එරෙහි පැමිණිල්ලට විරෝධතා ගොනු කරන්න අධිකරණයෙන් දින දෙයි මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 17 වැනි දින හෝ ඊට පෙර විරෝධතා ගොනු කරන්නැයි ඒ මහතාට අභියාචනාධිකරණය අද (14) නියෝග කළේය. 14 January 2020
පෙර පාසල් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි. 14 January 2020
රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකුට ආයතන පැවරීමේ ගැසට් නිවේදනය එයි තවත් රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකුට ආයතන හා වගකීම් පවරාදී තිබේ. 14 January 2020
රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට අද ( 14) නියම කර තිබේ . 14 January 2020
‘රජයේ අර්බුද ඇති බව ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වෙනවා‘ වත්මන් රජය තුළ දැඩි අර්බුදයක් පවතින බව එහි ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. 14 January 2020
මොරගහකන්දේ ජලකාන්දුව අවසන් මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ පසුගියදා ඇතිවූ ජල කාන්දුව සම්පූර්ණයෙන්ම අද (14) වන විට අවසන් කළ බව මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති නිලධාරීහු පවසති. 14 January 2020
අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ දේහයන් අද සවස ලංකාවට අසර්බයිජානයේදී මියගිය සිසුවියන් තිදෙනාගේ මළ සිරුර අද (14) සවස රැගෙන ඒමට නියමිතය. 14 January 2020
රාජිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තුන්වැනි සැකකරු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි. 14 January 2020
ලක්ෂ 25 ක හෙරොයින් සමඟ කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු වූ ජොශප් නොහොත් ජොශා නැමැත්තාගේ හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරන පුද්ගලයා වැලිපැන්න නගරයේ දී අද ( 14) අත්අඩංගුවට ගෙන තිබේ. 14 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026