විනිසුරුවන් තිදෙනාගෙන් ප්‍රකාශ ගන්න නීතිපති නියම කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල යෙදුණු බව කියන විශ්‍රාමික සහ දැනටත් සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට ඊයේ (16) නියම කළේය. 17 January 2020
නීතිවිරෝධීව ගෙනා දුම්වැටි 10,800ක් කටුනායකදී අල්ලයි ඩුබායි සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට දුම්වැටි 10,800ක් ගෙන ආ ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අද(17) අත් අඩංගුවට ගෙන තිබේ. 17 January 2020
සජිත්ව නායකත්වයට ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟතාව පළ කරති එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගත යුතු යැයි මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (16) එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. 16 January 2020
‘‘ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකාවේ අභිලාෂයයි‘‘ ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂය යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළාය. 16 January 2020
ශ්‍රීලනිප නියෝජිතයන් 20 ගේ සාමාජිකත්වය අත්හිටුවයි ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. 16 January 2020
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 85,000 ක් යළි මුදාහරින්න නියෝග පරිභෝජනයට නුසුදුසු බවට පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා තිබූ සහල් කිලෝ 85,000 ක් යළි එම මුදා හරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා වැලිකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂවරයාට අද (16) නියෝග කළේය. 16 January 2020
රන්ජන් හිස බූ ගාගෙන රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිස මුළුමනින්ම බූ ගාගෙන සිරකුටියේ තනිවී සිටින බව මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 16 January 2020
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න අයදුම්පත් බාරගැනේ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා හෙට (17) සිට අයදුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 16 January 2020
අභ්‍යන්තර ගුවන් ගමන්වලට පනවා තිබූ තහනම ඉවතට කොළඹ නගරයේ සිට රටේ අභ්‍යන්තර ස්ථානවලට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික දේශීය ගුවන් සමාගම්වලට අද (16) අවසර ලබා දී තිබේ. 16 January 2020
මන්ත්‍රී රංජන් සිරකුටියේ නිසොල්මනේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 16 January 2020
ඉරාජ් මාසික දීමනා - වාහන එපා කියයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර සිටින ජනප්‍රිය ගායක හා සංගීත අධ්යක්ෂ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරට හිමි මාසික දීමනාව හා තමන්ට වාහන පහසුකම් අනවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත. 16 January 2020
රංජන් පාර්ලිමේන්තු සභාවාරයට ඉදිරිපත් කරන්නැයි දන්වයි රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනවාරි 21 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද(16) දැනුම් දී ඇතැයි එම මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. 16 January 2020
කොළඹට 18 - 19 දා වතුර කපයි කොළඹ සහ අවට පළාත් පාලන බල ප්‍රදේශ රැසක අනිද්දා(18) පෙරවරු 9.00 සිට 19 වනදා පෙරවරු 7. 00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. 16 January 2020
ජනපති කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(16) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය. 16 January 2020
මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි. 16 January 2020
තමා නිකුත් කළ චක්‍රලේඛය කැඩුවාට ඇමැති ඩලස් සමාව ඉල්ලයි දේශපාලනඥයින් සහභාගී වන පාසල් උත්සව පැයකට සීමා කළ යුතු බවට චක්‍රලේඛයක් තමා විසින් නිකුත් කළද එය තමා අතින්ම උල්ලංඝණය වීම සම්බන්ධව පැමිණ සිටින සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බව අධ්‍යාපන, ක්‍රිඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 16 January 2020
මාතරදී දැරියකට අමානුෂිකව පහර දුන් අය රිමාන්ඩ් මාතරදී සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ බාප්පා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද(16) නියෝග කළේය. 16 January 2020
‘වාලච්චේන ජාතික කඩදාසි කම්හල මාස කිහිපයකින් ක්‍රියාත්මක කරනවා‘ වසා දමා තිබෙන වාලච්චේන ජාතික කඩදාසි කර්මන්ත ශාලාව මාස කීපයක් ඇතුළත යළි ක්‍රියාත්මක කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍ය විමල් විරවංශ මහතා අද (16) 16 January 2020
බඹරු ඇනීමෙන් සරසවි සිසුන් 9දෙනෙකු රෝහලේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටිය තරණය කිරීමට ගිය විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට බඹරු ඇනීමෙන් 9දෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලිසිය පැවසීය. 16 January 2020
’ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා’ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් ඔප් නැංවීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 16 January 2020
තාජුඩීන් ඝාතන නඩුව විමසීම කල් යයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නොමැතිව ඔහුට එරෙහි නඩුව විමසීම සඳහා ලබන මාර්තු 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(16) නියම කළේය. 16 January 2020
විදුහල්පති සිසුන් 40ක් එළියට දමා පාසලේ ගේට්ටුවට ඉබ්බා දමයි මැදිරිගිරියේ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කළ එක් ගුරුවරිය වෙනත් පන්තියකට මාරු කිරීම සම්බන්ධයෙන් මව්පියන් කළ විරෝධතාවයකට උරණ වූ පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස්ද නොතකා සිසුන් 40 දෙනෙකු පමණ පාසලින් එළියට දමා ගේට්ටුවට ඉබි යතුරු දමා වසා අද(16) කටයුතු කර තිබේ. 16 January 2020
චිත්‍රාංගනී විජේවීර ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි භීෂණ සමයේ දී අතුරුදහන් වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය ගොනු කර තිබූ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය. 16 January 2020
කසළ කඳු 150ක් ශ්‍රී ලංකාවේ කසළ ගොඩ ගැසීමෙන් ඇතිවූ කෘතිම කඳු 150ක් දිවයින පුරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවැසීය. 16 January 2020
විරෝධතා පාගමනින් අන්තරේ සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඇතුළු පිරිසකගේ ශිෂ්‍ය භාවය හෝසි කිරීමට එරෙහිව විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිසුහූ පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණ සිටිති. 16 January 2020
මහින්දානන්දට එරෙහි නඩුවේ විභාගය නවත්වන්නැයි නීතිඥවරයාගෙන් ඉල්ලීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පරීක්ෂණ අවසන් වනතුරු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව රුපියල් ලක්ෂ 39ක් සාවද්‍ය පරිහරණය කළ බවට පවරා ඇති නඩුවේ විභාගය නවතා දමන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාගෙන් ඉල්ලා සිටියේය. 16 January 2020
රංජන්ගේ සුව දුක් බලන්න හරීන්-හේෂා-තෙවරප්පෙරුම බන්ධනාගාරයට රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ හා පාලිත තෙවරප්පෙරුම යන තිදෙනා අද (16) බන්ධනාගාරය වෙත පැමිණියේය. 16 January 2020
කාසල්රී රක්ෂිතයේ ගින්නකින් අක්කර 5ක් විනාශයි කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත. 16 January 2020
නිකවැරටියේ දැරියට පහරදුන් සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ් නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ බාල වයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධියේ සැකකාර ග්‍රාම නිලධාරිනිය, දැරියගේ සුළු මව සහ දැරියගේ පියා ජනවාරි 30 දක්වා යළි බන්ධනාගාර ගතකරන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (16) නියෝග කළාය. 16 January 2020
වෛද්‍ය ෂියාබ්දීන්ගේ නිවසේ සී.සී.ටී.වී.දෘඩ තැටිය සී.අයි.ඩීයට දෙන්න’යි නියෝග වෛද්‍ය මෙහොමඩ් සාෆි ෂියාබ්දීන් මහතාට සම්බන්ධ නඩුවේ විශේෂ නඩු භාණ්ඩයක්ව තිබූ ඒ මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් දෘඩ තැටි කොටස ජනවාරි 20 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද(16) සැකකාර වෛද්‍යවරයාට නියෝග කළේය. 16 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026