ශ්‍රී ලංකාව ආරක්ෂිතයි - ජපන් රාජ්‍ය ඇමැති කියයි වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි මෙරට නිල සංචාරයක නිරත වූ ජපානයේ කලාපීය පුනරුදය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා කොළඹදී පැවැසීය. 14 January 2020
රන්ජන්ගේ නාම යෝජනා ගැන ඉදිරියේදී තීරණයක් තාවකාලිකව පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ රංජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධව නාම යෝජනා කමිටුව තීරණය කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 14 January 2020
සිල්රෙදි නඩුවට ලලිත්-අනූෂ පටලවන කුමන්ත්රණයේ රන්ජන් හඬපට මාධ්‍යයට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා සිල් රෙදි නඩුවකට සම්බන්ධ කර සිරගත කිරීමට සිදුකළ කුමන්ත්රණවලට අදාළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මේ වනවිට මාධ්‍යයට නිකුත් වී ඇතැයි මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙරේදා (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 January 2020
රාජ්‍ය ඇමති පුටුවෙන් විදුර අයින් වෙයි? රාජගිරිය අතිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ (13) පැවැසීය. 14 January 2020
කොළඹ සරසවියේ සිසුන් 12දෙනාට ඇප කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දෙවන වසර සිසුන් 12දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(14) නියෝග කළාය. 14 January 2020
මනෝගේ අවසන් කටයුතු හෙට සම්මානලාභී කීර්තිමත් රංගධරයකු මෙන්ම කලා ක්ෂේත්රයේ විවිධ අංශ රැසක ප්‍රවීණයකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී හෙට (15) පස්වරු 4.00ට සිදු කෙරේ. 14 January 2020
මිල්කෝ කම්හලේ කෝටි 50 ක කිරිපිටි තොගයක් ඉවතට රුපියල් කෝටි 50ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් නුවරඑළිය අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාවේ කාමරයක ගබඩා කර ඇතැයි එම කම්හලේ කළමනාකරු මහින්ද දිසානායක මහතා පැවැසීය. 14 January 2020
රන්ජන්ගේ හඬ පටයකින් තවත් ඇවිස්සිල්ලක් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා බුදුන්වහන්සේට, යශෝධරා දේවියට, සුද්ධෝධන රජතුමාට හා මරිය මව්තුමියට අපහාස වන අන්දමින් කැළැයි කියන ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (13) සංසරණය වෙමින් තිබිණ. 14 January 2020
රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්ගේ රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 14 January 2020
යුරෝපා සංගමය එල්ටීටීඊයට පැනවූ තහනම දීර්ඝ කෙරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත. 14 January 2020
හැටන්-කොළඹ මාර්ගයේ බස් අනතුරකින් 20 ක් රෝහලේ පෞද්ගලික බස් රථ මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වූ අනතුරකින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගින් 20 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 14 January 2020
වෙඩි තැබීමකින් තරුණියක් මරුට වරකාපොළ, ගනේගම ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 14 January 2020
චීන විදෙස් ඇමැති දිවයිනට චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 14 January 2020
ඇලිස් වෙල්ස් දිවයිනට ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය. 14 January 2020
රුසියානු විදෙස් ඇමැති දිවයිනට රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද(14) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 14 January 2020
රාජිත රෝහලෙන් පිටවී යයි හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක ප්‍රතිකාර නේවාසික ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත. 14 January 2020
බදු ප්රතිලාභ ලබානොදෙන ව්‍යාපාරිකයන් ගැන පියවර ගන්නැයි ජනපතිගෙන් නියෝගයක් රජය විසින් ලබාදෙන ලද බදු ප්රතිලාභ පාරිභෝගිකයන්ට ලබානොදෙන ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. 13 January 2020
දෙවැනි එළිසබෙත් රැජින හදිසි රැස්වීමක් කැඳවයි රජ පවුලෙන් ඉවත්වීමට හැරී කුමරු ගත් තීරණයත් සමඟ හදිසි රැස්වීමක් කැඳවීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින තීරණය කර ඇතැයි වාර්තා වේ. 13 January 2020
පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කරන්න අවසර දෙයි නිශ්චිතව වගාකළ හැකි මට්ටමේ නොපවතින පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කිරීමට මේ මාසයේ සිට අවසර දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 13 January 2020
පර්වේස් මුෂාරෆ්ගේ මරණ දඬුවම නිෂ්ප්‍රභ වෙයි පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ට ලබාදුන් මරණ දඬුවම නිෂ්ප්‍රභ කරමින් එරට අධිකරණයක් අද (13) නව නඩු තීන්දුවක් දුන්නේය. 13 January 2020
රන්ජන්ගේ හඬපට හේතුවෙන් සිතාසි - ඇස්කීසි නිලධාරීන් අපහසුතාවයට මේ වන විට මහත් ආන්දෝලනයට ලක් වී ඇති රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන නිලධාරීන් රාජකාරී කටයුතු වලදී දැඩි අපහසුතාවයට මුහුණ දෙන බව එම නිලධාරීන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 13 January 2020
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිට එරෙහිව ‘ලංකාදීප‘ අධිකරණ මාධ්‍යවේදිනියගෙන් පැමිණිල්ලක් අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගෙන් තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා තමා අපහාසයට හා අපහසුතාවට ලක්වන අයුරින් හැසිරෙමින් එම පැමිණිල්ල බාරගැනීම ප්‍රතික්ෂේප කළේ යැයි කියමින් එම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ‘ලංකාදීප’ අධිකරණ මාධ්‍යවේදිනී නිමන්ති රණසිංහ මහත්මිය නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. 13 January 2020
කැබිනට් - රාජ්‍ය ඇමැතිවරු 8 කට විෂයන් පැවරීමේ ගැසට් නිවේදනය එයි කැබිනට් ඇමැතිවරුන් සිවුදෙනෙකුට සහ තවත් රාජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනෙකුට ආයතන හා විෂයන් පවරමින් අද (13) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 13 January 2020
නව විදුලි බලාගාර 4ක ඉදිකිරීම් මේ වසරේදී ඇරඹෙයි නව විදුලි බලාගාර හතරක ඉදිකිරීම් මෙම වසර තුළදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 January 2020
රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කළ දැනුම් දීමක් ගැන විමර්ශනයක් කරන්න නියෝග කොළඹ වරායේ තිබෙන කැළි කසල අඩංගු බහලුම් පරීක්ෂා කිරීමට තම දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කර ඇති දැනුම් දීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමති , එම අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයාට අද (13) නියෝග කළේය. 13 January 2020
17 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි රාජිතට සිතාසි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්‍රය ලබන 17 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් රාජිත සේනාරත්න මහතාට අද (13) සිතාසි නිකුත් කළේය. 13 January 2020
ලංකාවේ ගෝනුස්සන් රට ගෙනයන්න හැදූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200දෙනෙකු නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද(13) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 13 January 2020
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට මාර්තු මස 1 වැනිදාට ප්‍රථම රැකියා ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පැවැසීය. 13 January 2020
දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 30 ක සිරදඬුවමක් බාලවයස්කාර පිරිමි දරුවකු වසරක කාලයක් පුරා බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා වසර 30 ක බරපලත වැඩ සහිත සිරදඬුවමක් අද (13) නියම කළේය. 13 January 2020
‘මට ද්‍රෝහියා කියන්න අයිතියක් ඇත්නම් ඒ ප්රභාකරන්ට විතරයි‘ තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සදහන් කරයි. 13 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026