කොරෝනා තියෙද්දී එල්.පී.එල්. සංවිධානය ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ එල්. පී. එල් තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයන් අනතුරේ හෙලීමක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය. 20 November 2020
නිරෝධායන නීති කැඩූ 117 ක් අත්අඩංගුවට පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව ක්‍රියාවට නංවන ලද ඩ්‍රෝන මෙහෙයුම් වලින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 117 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 20 November 2020
සොහේල් තන්වීර්ට කොරෝනා ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී ඇතැයි වාර්තා වේ. 20 November 2020
හලාවත මාළු පොදු වෙළෙඳපොළ සතියකට වසා දමයි කොරෝනා වසංගතයෙන් හලාවත ජනතාව මුදා ගැනීම අරමුණු කර ගනිමින් මේ මස 21 වන දින ( හෙට) සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළද වස සියළු වෙළද කටයුතු නවතා වසා දෑමිට තීරණය කළ බව එහි ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කීය. 20 November 2020
මහව ව්‍යාපාරික ස්ථාන දින තුනකට වසා දමයි මහව, මඩපොකුණ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල මියගොස් සිටි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මහව නගරයේ ව්‍යාපාරික ස්ථාන අද(20) සිට දින තුනක් වසා දැමීමට එහි වෙළඳ සංගමය පියවර ගෙන ඇත. 20 November 2020
වැල්ලම්පිටිය-කටුනායක සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා කරයි වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. 20 November 2020
බැසිල්ගේ මල්වාන ඉඩම් නඩුව මාර්තුවට කල්යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ලබන වසරේ මාර් තු මස 12 වෙනිදාට නැවත විභාගයට ගැනිමට ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (20) නියම කලේය. 20 November 2020
අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා පත අභියාචනාධිකරණය අහෝසි කරයි 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් අද(20) රිට් ආඥාවක් නිකුත් කළේය. 20 November 2020
ශ්‍රී ලංකාව එංගලන්තයේ ආරක්ෂිත රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව ඊයේ (19) එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කරන ඇතැයි රොයිටර් පුවත් සේවයි පවසයි. 20 November 2020
නිරෝධායන නීති කැඩු රංගන ශිල්පියකු අත්අඩංගුවට නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් ප්‍රවීන රංගන ශිල්පීයකු කිරුලපන පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 20 November 2020
පාර්ලිමේන්තු විවාදය සජීව නොදීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට විවෘත නොවන පසුබිමක සජීවී විකාශය ලබාදීමට අපොහොසත්වීම මෙන්ම අදාළ පටිගත කළ පාර්ලිමේන්තුවේ විවාද ඊයේ(19) දිනයේ මාධ්‍යයට නිකුත් නොකිරීම පිළිබඳවත් විපක්ෂය අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 20 November 2020
සති අන්තයේ කිසිදු දුම්රියක් නෑ සති අන්තයේ නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු මහතා පැවසීය. 20 November 2020
ගල් පෙරැළීමේ අවදානමකින් පවුල් 36ක් ඉවත් කෙරේ පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ බෙරගල කොස්ලන්ද මාර්ගයේ පහළ ගල් කන්ද ප්‍රදේශයට විශාල ගල් පෙරැළීමේ හා පස්කඳු කඩා වැටීමේ අවදානමක් මතු වීමත් සමඟ ඒ අවට පදිංචි පවුල් 36ක පුද්ගලයන් 153 දෙනෙකු ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා අද ( 20 ) පැවසීය. 20 November 2020
අවුරුදු දෙකහමාරේ පුතාත් රැගෙන මව අයි.ඩී.එච්. රෝහලෙන් පළායයි කොළඹ අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 20 November 2020
තවත් කොරෝනා මරණ 4 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් සිවු දෙනකු අද (19) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 19 November 2020
කෝටි 9 ක වංචාවකට පොහොර සමාගමේ හිටපු සභාපති අත්තඩංගුවට රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අද (19) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 19 November 2020
තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන් මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි තවත් දුර්ලභ වයිරසයක් බොලීවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. 19 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර අද දිනයේදී 15,000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (19) පස්වරු 22.00 වනවිට තවත් ආසාදිතයන් 194 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 437 ක් දක්වා ඉහළ ගියේය. 19 November 2020
පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට නිර්දේශ මාලාවක් ලබන 23 වැනිදා පාසල් විවෘත කෙරෙන ප්‍රදේශවල සිසුන් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සහ පාසල් වෑන් රථ සේවය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 19 November 2020
2021 අවසානයේදී ට්‍රිලියන 18 ක ණය කන්දක රට හිරවෙනවා මෙම ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවට අනුව 2021 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ට්‍රිලියන 18 ක ණය කන්දක හිරවන බවත් ඒ සඳහා විකල්ප ලෙස නැවත ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. එය අසමත් බවේ ලක්ෂණයක් ලෙසින් ද විජිත හේරත් මහතා විසින් හඳුන්වන ලදි. 19 November 2020
හල්දුම්මුල්ලට - ඇල්ලට නාය යාමේ අවදානම් කහ නිවේදන අධික ලෙස වැසි ඇදහැලෙමින් පවතින බැවින් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අද 19 සවස නායයාමේ අවදානම් කහ නිවේදන නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 19 November 2020
හපුතලේ නායයාමක් - පවුල් 16 ක් ඉවත් කරයි පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් 16ක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පැවසීය. 19 November 2020
කොරෝනා අසාදිත වූ 243 ක් හඳුනාගනී කොරෝනා අසාදිත වූ පුද්ගලයින් 243 ක් අද (19) පස්වරු 6.20 වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 19 November 2020
සමූපකාරයේත් සීනි ගිනි ගණන් සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම පාලන මිල රුපියල් 85 ක් වශයෙන් නියම කර තිබියදී, සීනි කිලෝවක් රුපියල් 50 ක වැඩි මිලට 135 බැගින් අලෙවි කිරීම මත පාරිභෝගික සේවා අධිකාරිය ගම්පහ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ගම්පහ නගර ශාඛා වෙළදසළ වටලා නඩු පැවරීමට පියවර ගනු ලැබීය. 19 November 2020
විපක්ෂ නායක ලේකම් ලෙස නීතිඥ රවි ජයවර්ධන වැඩබාරගනී විපක්ෂ නායක ලේකම්වරයා ලෙස නීතිඥ රවි ජයවර්ධන මහතා විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාරගත්තේය. 19 November 2020
කොරෝනාවේ හොඳ පැත්ත නාසා පර්යේෂණයකින් හෙළිවෙයි පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ ඉන්ධන පරිභෝජනය අඩුවීමෙන් පරිසර දූෂණය සැලකියයුතු ලෙස අඩුවී ඇතැයි නාසා ආයතනය පෙන්වා දෙයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලොවපුරා රටවල් විසින් ක්‍රියාත්මක කර ඇති අගුලු දැමීම් හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ද පසුගිය මාසවල බොහෝ සෙයින් අඩුවිය. 19 November 2020
ක්‍රිකට් දූෂණයේ කරුණු 3 කට සොයිසා වැරදිකරු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ කරුණු 3 ක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකුද වන නුවන් සොයිසා වැරදිකරු වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව කරුණු 3 ක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 19 November 2020
කොළඹ හුදකලා ප්‍රදේශවලට හෙට සිට විශේෂඥ වෛද්‍ය සේවාවක් කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින මහජනතාව වෙනුවෙන් හෙට (20) දිනයේ සිට විශේෂ ගිලන් රථ සේවාවක් හා විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 19 November 2020
සේවා ස්ථානවලට කාර්ය මණ්ඩල ප්‍රවාහනයට අන්තර් පළාත් බස් රථ යොදවයි කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව සේවා ස්ථාන වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව අන්තර් පළාත් බස්රථ යෙදවීමට අවධානය යොමුකර තිබේ. 19 November 2020
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ඇරඹෙයි බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත. 19 November 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026