
(ඩී.ජී.සුගතපාල සහ අමිල මධුසංඛ)
ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ දියනෑමට ගොස් සිටියදි අද (25) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි හෑගොඩ සුමණ සාමණේර හිමියන්ගේ දේහය නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගෙන ගොඩට ගෙන එන ලදී.
උන්වහන්සේගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් තිබේ.
පොද්දල බලගොඩ විහාරස්ථානයේ වැඩ සිටි උන්වහන්සේ තවත් හිමිවරුන් තිදෙනෙකු සමග මුහුදේ නෑමට පැමිණ සිටියදී, සෙල්ලම් කරමින් සිටි පන්දුව වතුරට වැටීම නිසා එය ගැනීමට ගිය අවස්ථාවේ දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇත.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd