දකුණේ ආසාදිතයන් ගණන 600 පනී දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 20 December 2020
කෝටි 5ක මුදල් සමඟ හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනෙකු දැලේ රුපියල් කෝටි 5කට අධික මුදලක් හා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 310 සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 20 December 2020
ඉඳුරුව තුන්දූව හුදෙකලා කරයි ගාල්ල ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරිවසම් ඊයේ රාත්‍රියේ (19) සිට හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 20 December 2020
අදත් කොරෝනා මරණ 06ක් අද (06) දිනයේ කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව දැනට මිය ගිය මුලු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 171කි. 19 December 2020
කැබ් රථයක් වව්නිකුලම් වැවට වැටී 3ක් අතුරුදන් මුලතිව් මල්ලාවි වව්නිකුලම් වැවට අද (19) සවස 4ට පමණ කැබ් රථයක් පෙරළීමෙන් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 19 December 2020
ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 03ක සංචරණ සීමා ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ තමන් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ බවයි. 19 December 2020
ලංකාදීප මාධ්‍යවේදී උපාලි ආනන්ද රිය අනතුරක ලංකාදීප අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද මහතා හා ඔහුගේ දෙහැවිරිදි පුතු මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා මහව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. 19 December 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 10 ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) මිලියන 10 ඉක්මවා ගියේය. 19 December 2020
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයින් 1190ක් මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 19 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2020
නිධන් හොරු වාරියපොල නුවරකන්ද විහාරයත් බිඳිති කුරුණෑගල වැහැර පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසකට ඊයේ (18) රාත්‍රියේ දී ඓතිහාසික වාරියපොල නුවරකන්ද විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතය තුල නිධන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. 19 December 2020
පාතාලයට සම්බන්ධ 06ක් අත්අඩංගුවට පොලිස් වෙඩි පහරින් මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ හැරල්ඩ් රොහාන් ද සිල්වා නොහොත් රත්මලාන රොහා නැමැත්තාගේ සමීපතම ගෝලයන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු මහා වස්කඩුව නිවාඩු නිකේතනයක දී ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 19 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 660 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (18) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 284 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 660 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 18 December 2020
තවත් කොරෝනා මරණ 5 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (18) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. 18 December 2020
කොරෝනා මර්දනයට යතුරු පැදි හමුදාවක් කොරෝනා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10කින් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී තීරණය කළ බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා මහතා පවසයි. 18 December 2020
නත්තල් දිනයේදී රැඳවියන් බලන්න ඒම තහනම් එළඹෙන නත්තල් දිනයේදී රැඳවියන්ගේ බැලීමට කිසිදු පිටස්තර පුද්ගලයකුට බන්ධනාගාර වෙත පැමිණීමට අවසර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 18 December 2020
ගාල්ල - වැලිගම වසම් 10ක සංචරණ සීමා ලිහිල් කෙරේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක සංචරණ සීමා ලිහිල් කිරීමටත්, අනික් ග්‍රාම නිලධාරි වසම් 3 තුළ දැඩි සංචරණ සීමා පැනවීමටත් අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව තීරණය කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 18 December 2020
ගාල්ලේ පාසල් 23 දක්වා වසාදමයි පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 18 December 2020
පොල්ගහවෙල ගම්මාන කිහිපයක් හුදකලා කරයි පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් අද (18) සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි. 18 December 2020
සුවය ලැබූ 146 ක් කන්දකාඩුවෙන් පිටව යති කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 708 දෙනෙකු අද (18) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 18 December 2020
මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසිලා යහපාලන රජය විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසි ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක ,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. 18 December 2020
රංජන්ගේ අපහාස නඩුව ජනවාරි 12 කැදවයි විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අ ධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවැත්වෙන අධිකරණ අපහාස නඩුව ලබන ජනවාරි 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. 18 December 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට ස්ථාන මාරුවීම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි. 18 December 2020
බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත බ්‍රොතලයිසර් උපකරණ කට්ටල උත්සව සමයේ රිය අනතුරු අවම කිරීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සදහා සෑම පොලිස් ස්ථානයකටම බීමත් රියදුරන් පරීක්ෂා කරන බ්‍රොතලයිසර් උපකරණ කට්ටල 30,000 ක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 18 December 2020
ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත. 18 December 2020
සමුද්‍ර අහය භූමියේ මාලු ඇල්ලු බෝට්ටු 2 ක් මාට්ටු - 8 ක් පලා යයි කල්පිටිය සයුරේ පිහිටි වැළි පර සමුද්‍ර අභය භූමිය (බාර් පරය හෙවත් ගල් මල් උයන) තුළ ධීවර කටයුතුවල නිරතවූ යාත්‍රා දෙකක් සැක කරුවන් දස දෙනෙකු දැල් ආම්පන්න ද සමගින් අද (17) පස්වරුවේ වණ ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට පත් දැල මීටර 300 ක පමණ දිගින් යුතු රුපියල් ලක්ෂ 6 ක පමණ වටිනා දැලකි. 17 December 2020
ඔන්ලයින් නිසා දරුවන් 20-30 ක් දිනකට රෝහලට කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය. 17 December 2020
රත්නපුර නගරය අධි අවදානම් රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති නිසා රත්නපුර නගරයේ පාසල් තුනක් තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ. හෙට සිකුරාදා දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද තීරණය විය. 17 December 2020
සැකකරු පොලිසියේදීම පොලිස් පරීක්ෂකට පහරදෙයි කළුතර උතුරු පොලීසිය තුළදී සැකකරුවෙකු වු විශ්‍රාමික ගුරුවරයකුගේ පහරකෑමට ලක්වු පොලිස් පරීක්ෂකවරයෙකු අද රෝහල් ගත කළ බව කළුතර උතුර පොලිසිය කියයි. 17 December 2020
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් හතරකට කොරෝනා කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් රෝගින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (17) සවස තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 17 December 2020
අද කොරෝනා ආසාදිතයන් 650 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (17) පස්වරු 9.25 වනවිට එක්වූ ආසාදිතයන් 338 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 650 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 17 December 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026