IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජයේ සේවකයන්ගෙන් රජයට කෝටි හයහමාරක පොල්ලක්

(දයාසීලි ලියනගේ)

වසර 08ක කාලයක් රජයේ නිලනිවාසවල පදිංචිව සිටි බලධාරින්ගෙන් රුපියල් මිලියන 64.6 ක නිවාස කුලී රජයට අයවිය යුතුව තිබූ බව වාර්තා වී තිබේ.

වර්ෂ 2012 සිට 2019 දක්වා වූ කාලය තුළ නිවාස කුලී ගෙවීම පැහැර හැර තිබේ. වසර 2019 අවසන් වනතුරුත් එම කුලී ආදායම අයකරගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

රජයේ නිවාසවල පදිංචි විවාහක නිලධාරියෙකුගේ වැටුපෙන් 7.5% ක්ද, අවිවාහක නිලධාරියෙකුගෙන් 7.5% ක්ද නිවාස කුලී වශයෙන් අයකරනු ලබයි.

සියලුම රජයේ නිවාසවල බදුකාලය වර්ෂ 05කට සීමා වෙයි.



අදහස් (8)

රජයේ සේවකයන්ගෙන් රජයට කෝටි හයහමාරක පොල්ලක්

Appuhami Thursday, 18 February 2021 04:29 PM

පෙන්ෂන් එකෙන් හරි අයකර ගන්න තියෙන්නේ... මෙහෙම අපරාද වෙන්න දෙන්න පුළුවන්ද?

:       0       15

gamunuThursday, 18 February 2021 11:22 PM

රජය ලෝකයට ණයවෙනවා, රටේ ජනතාව රජයට ණය වෙනවා. රටට වෙනසක් කිරීමට නම් රටේ ජනතාවටත් ඇඟට දැනෙන වෙනසක් දෙන්න වෙනවා...

:       0       1

ඡන්දදායකයාFriday, 19 February 2021 12:12 AM

ඔච්චර දුරට හිතන්න එපා. ඕක දේශපාලනඥයින්ට සුළු වැඩක්. මේවා දැන් වහලා අපේ ජීවිත වලට සාමාන්‍ය දෙයක්...

:       0       1

RaveendraFriday, 19 February 2021 03:59 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. 99.999999% ම රජයේ සේවකයන්... වංචාවෙන්මයි ජීවිතේ ගෙනියන්නේ. කතාකළොත් සත්ගුණවත් පිං කඳන්.. අරක නැහැ. මේක නැහැ. උද්ඝෝෂණ කෙළවරක් නැහැ. නමුත් තමන්ගෙන් රටට වියයුතු අවංක සේවය සහමුලින්ම අමතක කිරීම සහ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විතරයි කෑමොර දෙන්නේ...

:       4       5

Raveendra Thursday, 18 February 2021 05:11 PM

ඇමැතිවරුන්ගේ පොලු ඔය ගොඩට අහුවෙලාම නැතුව ඇති මම හිතන්නේ..

:       0       1

ලුම්බිණි Thursday, 18 February 2021 10:25 PM

එතකොට මැති ඇමතිලා මේවගේ පොලු තියපු ඒවත් අය කර ගන්නවද?

:       0       4

ruwan Friday, 19 February 2021 12:56 AM

දේශපාලකයන් හැරුණාම ඊළගට දූෂණ වැඩියෙන්ම තියෙන්නේ රාජ්‍ය සේවයේ. වාහන අවභාවිතය / නිවාඩු ලබාගෙන විදේශ රටවල රැකියා කිරීම / විදේශ ශිෂ්‍යත්ව ලබා ගෙන ඒ රටවල් වල සිටීම. සියලු දෙනාම මේ දේවල් කරන්නේ නෑ. නමුත් බහුතරයක්... රාජ්‍ය සේවයේ යල්පැනගිය නීති අලුත් කරන්න කාලය ඇවිත්...

:       0       5

විජේ Friday, 19 February 2021 01:11 AM

කාලකන්නි දේශපාලුවෝම හොරා නොකා, රජයේ සේවකයින්ටත් අවස්ථාවක් දීම ගැන සතුටුයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site