IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අරුග්ගොඩ සලිදුගේ කෝටි 2ක මත්ද්‍රව්‍ය බණ්ඩාරගමින් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "අරුග්ගොඩ සලිදු " නැමැත්තාට අයත්    රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා  මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම දි  අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 750ක්, හෙරොයින්  මත් කුඩු  ග්‍රෑම් 10  ක් හා කේරල ගංජා ග්‍රෑම් 500 ක්  පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා  පිළියන්දල හා මිල්ලනිය වත්ත පදිංචිකාරියන් වන අතර පිරිමි සැකකාර පුද්ගලයා  පානදුර පදිංචිකරුවෙකි. 



අදහස් (4)

අරුග්ගොඩ සලිදුගේ කෝටි 2ක මත්ද්‍රව්‍ය බණ්ඩාරගමින් අල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 19 February 2021 05:27 AM

කුඩු.. කුඩු.. කුඩු.. හැමදාම කුඩු ... අල්ලනවා .. අල්ලනවා .. ඒත්, ඉවරයක් නැහැ. මේ ආකාරයට කෝටි ගණන් වටිනා මත්ද්‍රව්‍ය නිරතුරුවම මෙසේ රට තුළට එන්නේ කෙසේද? පෙරදී බන්ධනාගාරයෙහි හා ආරක්ෂක අංශවල පිරිස් ගැනද? ඇතැම් දේශපාලන අංශ ගැනද, කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පුවත් මැව්වා අපට මතකයි. දැන් ඔවුන් වෙනත් ආකාරයකින් මේ ජාවාරම් කරන්නේද? නැතහොත්, නීතියේ හා නීති අංශවල ඇසට වැලි ගසා සොයාගැනීමට අසීරු වඩාත් සංකීර්ණ ආකාරයකට මේ ජාවාරම් කෙරෙනවා වෙන්නට බැරිද? මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා උකුස්සෙකු පුහුණු කෙරුණු අවස්ථාවක්ද තිබුණා මතකයි. පෙරදී මත් ද්‍රව්‍ය වෙළඳාම සඳහා සමහර දේශපාලකයන්ගේ නම් ගැන සඳහන් වුවද, ඒ ගැන අදාළ අංශ ගත් පියවරක් ගැන එතරම් ප්‍රගතියක් නම් නොදැනේ. දේශපාලකයන් තමන්ගේ මඟුල් ගෙවල් හා අනෙකුත් උවමනාවන් සඳහා මුදල් වැය කරන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් උපයා තැබූ හතර මහා නිධානයෙන් ගන්නාක් මෙනි. මේ රටේ දේශපාලනය යනු පක්ෂ, පාට වලට බෙදී ජනයා රවටමින් තම තමන් සුඛිත මුදිත වෙන්නාවූ මහඟු ව්‍යාපාරයකි. ධන ඉල්ලමකි. ඡන්දදායකයා මේ ගැන නොසිතා පක්ෂ, පාට වලට ගැතිවී, වහල් වී උමතුවෙන් මෙන් හැසිරෙනු පෙනේ. අහෝ... මේ රටකට ගිය කලක්..

:       2       11

SL Friday, 19 February 2021 08:55 AM

මත් ජාවාරම මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට, කුරුම්බා විකුණන මිනිසා තෙක් විහිදිලා ගිහින් රටේ දරු සම්පත නොමරා මරන්න පටන් අරගෙන ගොඩක් කල් වුණත් කිසිම ආණ්ඩුවක් මත් කුඩු පිළිබඳ, විකුණන ජාවාරම් කාරයින්, කුඩු නිසා විනාශ වූ ජීවිත පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙන්න හිතුවේ නැහැ. මේ විනාශ වෙන්නේ රටේ දරුවන් !!! අරාබියට ගියොත් දරුවන් මතට ගොදුරු වෙයි කියලා බයක් නැහැ... හැබැයි ලංකාවේ... ළමයෙක් පාසල් යවන්නත් බැරි තත්වයක් තියෙන්නේ. ලොක්කෝ කයිවාරු ගැහුවට ඊයෙත් මහනුවර පාසල් දරුවන් තිදෙනෙක් ගැන පුවතක් පළවුණා..

:       0       2

විපරමා Friday, 19 February 2021 10:12 AM

පහුගිය දවස්වල දිගට හරහට මත් ද්‍රව්‍ය නම් ඇල්ලුවා. වෙන්නේ මොනවද කියන එක තමයි ප්‍රශ්නේ..? මේවා පිටිපස්සේ සමහර දේශපාලුවන් ඉන්න බව නම් අපි දන්නවා.

:       0       2

Nihal Saturday, 20 February 2021 06:15 AM

කහ ප්‍රසිද්ධියේ පිළිස්සුවාට කුඩු එසේ පුළුස්සන්නේ නැත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site