(මනෝප්‍රිය ගුණසේකර)
රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 22 කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (18) නියම කළේය.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා මෙම මුදල වංචා කළැයි මන්ත්‍රීවරයාට එරෙහිව නඩුව ගොනු කර තිබිණි.
වර්ෂ 1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ උදය ගම්මන්පිල මහතා සහ ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඩ්නි ජයසිංහ මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ 04 වැනි සාක්කිකරු පදිංචිව සිටින ස්ථානය තමන් දන්නා හෙයින් ඇගේ ලිපිනය පැමිණිලි පාර්ශවයට ලබාදීමට හැකියාව ඇතැයි දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් දැනට සොයා ගැනීඹට නොහැකිව සිටින පැමිණිල්ලේ 04 වැනි සාක්කිකරු පදිංචි ලිපිනය ලබා දෙන්නේ නම් ඇගේ සාක්කි ගැනීම සඳහා ඇය අධිකරණයට කැඳවීමට පියවර ගන්නේ යැයි දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 22 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස්කොට නිදහස්.. අහිංසකයා.
රජයට කහින, දන්න නොදන්න දේවල් වුණත් අල්ලෙ පැළවෙන විදිහට කියන්න දෙන්න. ගම්මන්පිල උන්නැහේ නිදොස් කර නිදහස් කර දොට්ට දැම්මොත් එය රජයට වාසිදායක වෙනවා ඇත...!!!
රුපියල් 10 ගානේ අපෙන් ඉල්ලන් පාර්ලිමේන්තු ගිය අසරණයාට විරුද්ධව දියත්කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඕක...
පොදු වැසිකිළි පරිපාලක රස්සාවටත් පොලිස් වාර්තා ඉල්ලන රටක නඩුපිට නඩු ඇති අයටත් පාර්ලිමේන්තුවට එන්න හැකි අරුම පුදුම රට..
නඩු තීන්දුව, නිදොස් කොට නිදහස්.. මොකක්ද නීතිය?
වන්දි භට්ටයෙක් තමයි...
මාර්තු 22 නිදොස්කොට නිදහස් කරන දිනයනේ... ඕකට ආයේ බොරුවට සාක්ෂිකාරයෝ කැඳවන්නේ මොකටද?