
තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (18) විවෘත විය.
එම බුදු කුලුන මස්තකයෙහි උසින් අඩි 16ක්, දිගින් අඩි 18ක් හා පළලින් අඩි 09ක් වූ ධර්මචක්ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්රතිමාවකි. රත්නපුරේ නන්ද හිමි මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුදු කුලුන විවෘත කිරීමෙන් එම පරිශ්‍රයේ සල් පැළයක් රෝපණය කළේය. අනතුරුව මහා සංඝරත්නය උදෙසා පැවැති සංඝගත දක්ෂිණාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට දන් පිළිගැන්නුවේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති දේවාලේගම ධර්මසේන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, විද්‍යෝදය පරිවෙණාධිපති බලංගොඩ සෝභිත හිමි, නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති උයන්වත්තේ සද්ධාරාම හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම පිංකමට වැඩම කළ වදාළහ.



(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ රටට අවශ්‍යම දෙයක්...
මේ කණුව ඇතුලේ විදුලි සෝපානයකුත් හයි කරන්න ඇති එහෙනම්. කණු හදලා ධර්මය රකින්න පුලුවන් නම් හරි ෂෝක්...
රට ණය කාරයෙක් කරලා හොර චීනත් එක්ක එකතුවෙලා හැදුවා නෙළුම් කුළුණ කියලා මල ජරාවක්. දැන් පාඩුයිලු. තව කොහෙද හදනවාලු මැණික් කුළුණ කියලා. මේවා දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. හැබැයි මේවාට ගෙවන්න වෙනවා, පවුල් පිටින්ම, අපායේ යනවා...
ඔය කුළුණ විතරයි තව රටට අවශ්‍ය වෙලා තිබුනේ... දැන් සෞභාග්‍යෙයන්, සියල්ලෙන් රට පිරිලා ඉතිරිලා, ඉන්දියාවටත් ගලාගෙන ගිහින්... ඔහොම යමු ගෝත්රිකයිනේ....
"හොඳහිත නෙළුම් බුදු කුලුණකි අහස් කුසේ ... විසිතුරු වර්ණ ඇති බුදුරුව පෙනෙයි මෙසේ ... බුදුහිමි ගුණ ගැයුම පිදුමත් කොට මෙලෙසේ ... සැමටම සෙත සෑදේ .. !!! මේ කුසලය විලසේ ... "
බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් මේවා දැකලා මොනතරම් කම්පා වෙයිද...?
කිරිපැණි විකුණලාම කුළුණකුත් හදලා කිරි මුදලාලි..සාදු..!!! සාදු!!!.
බුදුදහම රකින්න මේ කුළුණු හදලා හරියන්නේ නැහැ. අනිත් අය ගේම දෙනවා ලස්සනට ඒ අයගේ ඔලුගෙඩි ගැණ වැඩිකරගන්න. මේවා නීති මගින් පාලනය කළේ නැතිනම් ලංකාවේ කුළුණු විතරක් ඉතිරිවේවි...!!!
ජාතියට කුළුණු සපයන්නෝ... අනේ මෙහෙමත් විහිළු..!!!
වැඩිකල් යන්න කලින් අපේ සමහර පන්සල් "බෞද්ධ ඩිස්නිලන්ත" බවට පත්වෙන ලකුණු තමයි දැන් දැන් රට පුරා පෙනෙන්න තියෙන්නේ. අසරණ සැදැහැවතුන්ගේ අප්‍රමාණ ශ්‍රද්ධාව උළුප්පමින් ඔවුන්ගේ සම්මාදම් මුදල් යොදාගෙන තැනින් තැන සුඛෝපභෝගී සුවිසල් ගොඩනැඟිලි සහ විවිධ විච්චූරන ගොඩනඟන එක දැන් මෝස්තරයක් වෙලා. අනෙකුත් ආගමිකයින් බෞද්ධයින් බිලිබාගන්නා බවට රොස් පරොස් නඟන ධනවත් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා කීයෙන් කීදෙනාද අසරණ බෞද්ධයින්ගේ වගේම දුෂ්කර ගම්පළාත්වල පිහිටි විහාරස්ථාවල කටයුතු වලට අතහිත දෙන්නේ. ඔවුනට පිහිට වෙන්නේ..?
සමිත සේනක අලුත්ගමගේ. තනිවම ඉන්න ගමන්.., කවිත් ලියනවනේ ලජ්ජා නැතිව...? අනේ හැබෑටම මේ වගේ බෞද්ධයින් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ... පව්!!
ඉහට වහලක් නැති, කුසට අහරක් නැති මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා මේ අය දන්නේ නැද්ද?
රාජපක්ෂලා හැදුවත් එකයි.. රාජපක්ෂලාගේ එහෙයියෙක් හැදුවත් එකයි. හැබැයි මී කිරිවල සුද තරම් සුදු චරිත මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා.. පිරුවට සුදු වුණාට චරිත කලුයි.
‘බුදු කුළුණ’ ...? මේ නමත් බුදුන් වහන්සේට නිග්‍රහයක් නොවේද? වෙනත් ආගම් වල ජේසු කුළුණු, නබි කුළුණු, ශිව කුළුණු, ලෙස නම් තබා ඔවුන්ගේ ශාස්තෲන්ට නිග්‍රහ කරන්නේ නැත.
නදී, රොකී, බද්රානි, ඔබලා බොහොම හරි... තමුන් බාරගත් යුතුකම හරියට නොකර බොරු දේවල් කරනවා. රට තවතවත් ආපස්සටම අරන් යනවා.
කිතුණුවන් සාමාන්‍යයෙන් කාරුණිකයි. ඒත්, කිතුණුවන්ටත් නිගාදෙන "බෝන් අගෙයින් " කල්ලියේ එක්තරා කාන්තාවක් බොරු කැක්කුමක් ඇතිව බෞද්ධ ප්‍රශ්න ගැන මැදිහත් වනු පෙනේ. එදා කාදිනල් තුමාද පැවසුවේ මේ කල්ලියේ අයට නොරැවටී ඉන්නා ලෙසයි. මතකද වික්ටර් රත්නායක මහතාට සිදුකළ අපරාධය... බෞද්ධ ප්‍රශ්න බෞද්ධයන් බේරාගැනීම කළයුතු වුවත්, බෝර්න් අගේන්වරුන්ට ඒවා බාරදීම නොකළ යුත්තකි. අවධානයෙන් සිටිමු...