
(විනීතා එම් ගමගේ)
දුම්රිය ස්ථානවල අඩුපාඩු මිලදී ගැනීම සඳහා වාර්ෂිකව වෙන්කෙරෙන මුදලින් 2018 වසරේ එම දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 18 කට මිලදී ගත් භාණ්ඩ කිසිවක් දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් මෙම භාණ්ඩ මිල දී ගෙන ඇති අතර ඒවා මිල දී ගත් බව දුම්රිය බලධාරින් දැනගෙන ඇත්තේ ඒ සඳහා මුදල් ගෙවන ලෙස දන්වා එම සංස්ථාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්වොයිස් පත් එවීමෙන් පසුවය.
එසේ මිල දී ගත් භාණ්ඩ වෙනුවෙන් වසර කිහිපයක් යනතුරු මිලදී ගැනීම්වලට අදාල චෙක්පත් දෙපාර්තමේන්තුවෙන් නොලැබීම නිසා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ඒ පිළිබඳ නැවත විමසා ඇතැයි වාර්තාවේ.
2018 වසරේ දී මෙම මුදල්වලින් වල්කපන යන්ත්‍ර 6ක්, රෙදි මදින මේස 30 ක්, ඇඳුම් රාක්ක ආදිය ගන්නා ලෙස දුම්රිය නියාමන සංගමය විසින් කළ යෝජනාවක් අනුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් සකස් කරන ලද ලිපිය රාජ්‍ය විවිධ වාණිජ නීතිගත සංස්ථාවට ගොස් භාණ්ඩ ලබාගෙන ඇත්තේ එම සංගමයේ එවකට සිටි ලේකම්වරයා විසිනි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ මිලදී ගත් භාණ්ඩ කිසිවක් දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ලැයිස්තුවලට ඇතුළත් වී නැතැයි ද ඒවා කිසිදු දුම්රියපොළක ස්ථාන ගත කර නැති බව තහවුරු වී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd