IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරට ලක්වූ ආසාදිතයා රෝහලට ගෙන ගිය පොලිසියේ 5 ක් නිරෝධායනයට

 

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
රාවතාවත්තේදී රිය අනතුකට ලක්ව මහ මග වැටී සිටි කොරෝනා ආසාදිතයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු අද (18) ස්වයං නිරෝධානයට ලක් කළ බව පොලිසිය පවසයි.
 
පසුගිය දා මොරටුව රාවතාවත්ත කහ ඉර මත දී පුද්ගලික බස් රථයක ගැටී 69 හැවිරිදි පුද්ගලයෙකු වැටී  සිට ඇති අතර ලැබුන දුරකථන ඇමතුමකට අනුව පොලිසිය එහි යනවිටත් අනතුරට ලක් වු අය රෝහලට ගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත්ව සිට නැත.
 
පොලිස් රථවාහන අංශ නිලධාරින් විසින් අනතුරට ලක් වු අය සිය පොලිස් ජංගම රථයෙන් පානදුර මුලික රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු මියගොස් සිට ඇත.මියගිය අයගේ මෘත දේහය ඔහුගේ ඥාතින් වෙත බාර දීමට පෙර රෝහලේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත ලෙස වාර්තා පළවීම නිසා  ආශ්‍රිත පොලිස් නිලධාරින්  ස්වයං විරෝධයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.
 
අදාළ  මරණකරු පානදුර පොදු ආදාහනාගාරයේ  කොවිඩ් නීතිරීතිවලට අනුව ආදාහනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පැවසීය.එමෙන්ම මරණකරුගේ නිවැසියන් වන දූ දරුවන් සහ බිරිඳ යන තුන් දෙනෙකු සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් තිදෙනා ආසාධිතයන් නොවන බවද සෞඛ්‍ය පැවසීය.
 
මරණකරු පුද්ගලික ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයකු වන අතර ඔහු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



අදහස් (0)

රිය අනතුරට ලක්වූ ආසාදිතයා රෝහලට ගෙන ගිය පොලිසියේ 5 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site