
සිය පියාගේ ඝාතකයන්ට සමාව දුන් බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ පුඩුචෙරිහිදී පැවැසීය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයකින් රාහුල් ගාන්ධිගේ පියා වන ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා මරණයට පත්විය.
‘‘මට මහත් වේදනාවක් දැනුණා. ඒත් දැන් මට කේන්තියක් නැහැ. මට කවුරුවත් ගැන තරහක් නැහැ. ඔව්, මට මගේ තාත්තා නැතිවුණා. ඒක දුෂ්කර කාලයක්. ඒක නිසා කවුරුහරි ඔයාගේ හදවත කපලා ගත්තා වගේ. මට කියාගන්න බැරි දුකක් ඇතිවුණා. ඒත් මට කේන්තියක් නැහැ. මං කාටවත් වෛර කරන්නේ නැහැ. මම සමාවදෙනවා’’ යැයි රාහුල් ගාන්ධි කීය.
ඉන්දියාවේ පුඩුචෙරි හි පිහිටි කාන්තාවන් සඳහා වන භාරතීදාසන් රජයේ විද්‍යාලයේ දී හෙතෙම ඒ බව පැවැසීය.
ඔහු පැයකට ආසන්න කාලයක් සිසුන් සමඟ කාලය ගත කළ බව ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
සිය පියා ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක්දැයි සිසුන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාහුල් ගාන්ධි මහතා එම කරුණු පැවැසීය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා දඬුවම් ලබන සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වන මොහොතක රාහුල් ගාන්ධි මහතා මෙම අදහස් පළ කළේය.
දේශපාලනය හේතුවෙන් සිය පියා සහ මිත්තණිය මෙන්ම එරට හිටපු අග්‍රාමාත්‍යවරිය වන ඉන්දිරා ගාන්ධි අහිමි වී තිබියදී දේශපාලනයට පිවිසියේ ඇයිද යන ප්‍රශ්නය ද මෙහිදි යොමු වූ අතර ඊට පිළිතුරු දුන් රාහුල් ගාන්ධි මහතා මෙසේ ද කීය.
‘‘මේක තේරුම්ගන්න. ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. ප්‍රචණ්ඩත්වයට ඒ බලය නැහැ. ඔබට ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඒත් ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. අද ඔබ ගොඩක් දේවලට ඇහුම්කන් දුන්නා. ඒ සියල්ල මට ලැබුණේ මගේ තාත්තගෙන්. මගේ තාත්තා මා හරහා කතා කරනවා. ඒක නිසා අද මගේ තාත්තා මෙතැන කියන දේ හිතන්න අවශ්‍ය නැහැ’’.
(ද හින්දු ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජීව් ගාන්ධි මහතා උතුරේ ද්‍රවිඩ අන්තවාදීන්ට බොහෝ සේ උදව් උපකාර කළා. ජාත්‍යන්තර නීතිරීති පවා නොසලකා කොටුවී සිටි කොටි ත්‍රස්තයින්ට ගුවනින් ආහාර දැම්මා. අවසානයේ එම කොටින්ම රජීව් ගාන්ධි මහතාව ඝාතනය කළා. අන්න ඒ වගේ අන්තවාදීන්ට උදව් කිරීමට තමයි මෝදි මහතාත් උත්සාහ දරන්නේ. යකාට උදව් දෙන්නේ බලාගෙනයි. සලකනකං යකා හොඳයි. සලකන එක නවත්තපු ගමන් යකා බිලි ගන්නවා ගන්නවාමයි. ඔන්න මෝදි මහත්තයෝ.., විග්නේෂ්වරන්ලා, ශිවාජිලිංගම් ඇතුළු කල්ලියට කිරි පොවන්නේ බලාගෙනයි. උදාහරණ ඔබතුමා ඉන්න රටෙන්ම පේන්න තියෙනවා. ඔන්න අපි නොකිව්වා කියා කියන්නෙපා... හොඳද?
දැන් කොහොමත් කරන්න වෙන දෙයක් නෑ.
ඡන්දයක් දිනාගන්න දේශපාලකයෝ මොනවද නොකරන්නේ?
ඝාතකයා මැරිලා වලලපු තැන් ගසුත් පැලවුණාට පස්සේ සමාව දෙනවලු... පුදුම විහිලුවක්... ඇයි දැන් මරපු අයගෙන් පලි ගන්නද හදන්නේ?
අවෛරය සහ සමාව දීම බුදු දහමටද අනුකූලයි.
දේශපාලනය වෙනුවෙන් මිනිස්සු කුමක් නොකරන්නේද යන්නට තවත් කදිම නිදසුනක්...
ලංකාවේ බොහෝ මිනිස්සු හිතන්නේ ඔබ අනුවණ කෙනෙක් හැටියට. පියා මරපු එකේ පලිය ගත්තා නම් හොඳයි කියලා හිතනවා. එහෙම වුණා නම් මම හිතන්නේ අපි එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මැරුවා කියලා.