‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 30 April 2021
ඇතිමලේ පොලිසියේ 30කට කොරෝනා ඇතිමලේ පොලිසියේ නිලධාරීන් තව 30කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 30 April 2021
හබරාදූව ප්‍රා.ලේ කාර්යාලය වහයි කොරෝනා ආසාදිතයෙකු වාර්තාවිම නිසා හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අද (30) සිට තාවකාලිව වසා දැමිමට පියවර ගත් බව ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.එම්.ශර්ෆාස් මහතා පවසයි. 30 April 2021
රුවන්, පැල්පොල විපස්සි නාහිමියන් බැහැදකී නිදහස ලබා වසර 70ක් ගත වුවද තවමත් රට හදාගන්නට නොහැකි වීම පිළිබඳව ජාතියක් ලෙස කම්පාවට පත්විය යුතු යැයි අග්නිදිග ආසියාවේ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි නාහිමියෝ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවැසූහ. 30 April 2021
මානව හිමිකම් බෝඩ් ගහගෙන ගංජා ඇදලා ’’මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක’’ යනුවෙන් මෝටර් රථයක අලවා ගංජා ප්‍රවාහනය කළ අයකු පොලිසිය පන්නන්දී මොටර් රථය වෙළෙක දමා පළාගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 30 April 2021
රිෂාඩ්ට මැති සබයට එන්න කතානායකගේ කැමැත්ත රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා මැති සභා රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී අද( 30 ) කැමැත්ත පළකර ඇත. 30 April 2021
පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද( 30)තීරණය කළේය. 30 April 2021
ගෑස්, ගෑස් පෙන්නුවොත් 1977 කියන්න කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලේ මිලදී ගැනීමට නොමැති නම් පාරිභෝගික අධිකාරියේ 1977 දරණ පැමිණිළි කිරීමේ දුකරථන අංකයට දැනුම් දෙන ලෙස සමූපකාර සේවාල අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යය පවසයි 30 April 2021
ඇමැතිගෙන් ලිට්රෝ සමාගමට තහංචියක් ලිට්රෝ ගෑස් සමාගම හඳුන්වාදීමක් ලෙස දෙමුහුන් (හයිබි්රඞ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට ඉදිරිපත් කරන්නේ නම් සිලින්ඩරය වෙනත් වර්ණයකින් ඉදිරිපත් කළ යුතු යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. 30 April 2021
යහපාලන ටෙන්ඩරයට එරෙහිව සජබ මන්ත්‍රීගෙන් පැමිණිල්ලක් මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩරය, අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වූ විදේශ සමාගමකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන්නැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 30 April 2021
කුරුණෑගල අධිකරණයේ කොරෝනා අවදානමක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වීම සැලකිල්ලට ගෙන අද (30) දින සිට ලබන මස 09 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය. 30 April 2021
පී.සි.ආර් පරීක්ෂණ වැඩි කරයි කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා පී.සි.ආර් පරීක්ෂණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 30 April 2021
බස්නාහිරට සහ වයඹට ගිගුරුම් සහිත තදවැසි බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල අද (29) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 April 2021
ගිරිබාව රෝහලත් වසයි කොරෝනා වයිරසය ආසාධිත රෝගියකු මරණයට පත්විමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බළධාරියෙක් පැවසිය . 30 April 2021
නිරෝධායන නීති කැඩු 104ක් අල්ලයි නිරෝධාන නීති උල්ලංඝනය කරමින් මහ මඟ ගමන් ගත් පුද්ගලයන් 104 දෙනකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 30 April 2021
චීන ඇමැති එද්දී පොලිස් රාජකාරියට බාධා කළ අයෙක් අල්ලයි චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 April 2021
තවත් ගම් කීපයක් හුදකලා කරයි මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල,ගලේවෙල,මාතලේ හා නාවුල පොලිස් වසම් ද කුරුණෑගල දිස්ත්‍රක්කයේ පන්නල පොලිස් වසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද පෙරවරු 6.00 සිට හුදකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 30 April 2021
ගිලන් රථ නැතිව දඹුල්ලේ කොරෝනා රෝගීන් නිවෙස්වල දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යාම සදහා ප්‍රවාහන පහසුකම් නොමැති කමින් නිවෙස්වලට වි සිටින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි. 30 April 2021
අනුරාධපුර අභය වැවත් ලෝක උරුමයක් කරයි මෙරට ඉදි වූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව ලෝක උරුමයක් බවට පත්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇත. 29 April 2021
නව කොවිඩ් පොකුරට ’’අලුත්’’ නමක් මේ දිනවල හමුවන කොවිඩ් රෝගීන් අයත් වන පොකුර ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුර’ යනුවෙන් නම් කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) පස්වරුවේ නිකුත් කළ නව කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවේ එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කර තිබිණී. 29 April 2021
අධ්‍යාපන ඇමති ජී.එල් කියන කතාව අධ්‍යාපනය කාලානුරූපීව වෙනස් විය යුතු යැයිද එය හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවන බවද අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 29 April 2021
අද කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 414 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (29) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ ගියේය. 29 April 2021
කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ 20කට කොරෝනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 20 දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (29) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 29 April 2021
හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය දිවිගමනෙන් සමුගනී හිටපු පොලිස්පතිවරයකු වූ මහින්ද බාලසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. මිය යන විට 76 වන වියෙහි පසු වූ ඒ මහතා ලංකාවේ 32 වැනි පොලිස්පතිවරයා විය. 29 April 2021
කළුතර රැඳවියන් 32කට කොරෝනා කළුතර බන්ධනාගාරයේ රැදවියන් 32 කට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි කළුතර සෞඛ්‍ය බළධාරියෙක් පැවැසීය . 29 April 2021
කොරෝනා හැඳුණැයි හතරක් නවාතැනෙන් දොට්ට ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම සිවු දෙනා නවාතැන් පොලෙන් එළියට දැමීමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 29 April 2021
අර්ජුන් - අජාන් නැතිව බැඳුම්කර නඩුව විභාගයට මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනකුට එරෙහි නඩුවේ අධිකරණයට ඉදිරිපත් නොවී පැනගොස් සැගවී සිටින විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 29 April 2021
මාතලේ තරු පන්ති හෝටලයක ප්‍රධාන සුපවේදියාට කොරෝනා මාතලේ ප්‍රධාන පෙළේ තරු පන්තියක හෝටලයක ප්‍රධාන සුපවේදියාට සහ මානව සම්පත් අංශයේ සේවකයකුට කොරෝනා ආසාදන වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු කියති. 29 April 2021
සෞදි රැඳවුම් බාරයේ සිටින හැත්තෑවක් ඉදිරි දිනවල දිවයිනට සෞදි අරාබියේ රියාද් හී තර්හීල් කඳවුරේ සෞදි බලධාරීන්ගේ රැදවුම් බාරයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 98 දෙනා ගෙන් 70 දෙනකු ඉදිරි දින කිහිපයේදී කණ්ඩායම් වශයෙන් දිවයිනට පිටත් කර හැරීමට සෞදි රජය පියවර ගන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 29 April 2021
කොළඹ කෞතුකාගාරයත් වහයි කොළඹ ජාතික කෞතුකාගාරයේ නිලධාරින් පිරිසකට කොවිඞ් 19 වයිරසය ආසාදනය වීම නිසා කෞතුකාගාරගය සති දෙකකට වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත. 29 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026