පොලිස් රාජකාරියට බාධා කළ තරුණයාට ඇප
මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් විශේෂ රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹට එමින් සිටියදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කළැයි බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය මහත්මිය අද 30 නියෝග කළාය.