ගත වූ 24 පැයේ ගම්පහින් ආසාදිතයෝ 334 දෙනෙක් වාර්තා වෙති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලයේ කොරෝනා ආසාදිතයන් 334 දෙනකු වාර්තා වූ බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 02 May 2021
තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කරයි දිස්ත්‍රික්ක කීපයක පොලිස් වසම් සහ ග්‍රාම නිලධාරී වසම් කීපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 02 May 2021
තමිල්නාඩුවෙන් ගෙනා බීඩි කොළ එස්.ටී.එෆ් බාරයට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තුත්තිකුඩ් ප්‍රදේශයේ සිට බෝට්ටු මගින් මීගමුව කාමත්චොල වෙරළ තීරයට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනා බීඩි කොල තොගයක් සමග පුද්ගලයන් හය දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා ගොනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 May 2021
දඹුල්ලට එන එළවළු වෙනත් මධ්‍යස්ථානවලට යවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙනන එළවලු තොග වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත සෘජුවම රැගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහන්දා නන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට හා එළවලු එකතු කරන්නන් හට දැනුම් දුන්නේය. 02 May 2021
බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2021
වැඩිම කොරෝනා ආසාදිතයෝ අද වාර්තා වෙති මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 01 May 2021
කොරෝනා ආසාදිතයෝ නව දෙනෙක් මරුට කොරෝනා මරණ නවයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව මෙරට සිදු වූ මුළු මරණ 687 දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය අංශ පවසයි. 01 May 2021
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාද වන ලකුණු ඉන්දීය රජයේ ’’වැක්සින් මෛත්‍රී’’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා පැවසීය. 01 May 2021
’’රිෂාඩ් ගේන්න’’,වේත්‍රධාරී සී.අයි.ඩියට කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවන්නයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත. 01 May 2021
’’අල්ලස් ගෙදරට’’විමර්ශකයෝ විසි දෙනෙක් අලුතෙන් එක් වෙති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා විමර්ශන නිලධාරීන් තවත් විසි දෙනකු බදවා ගත් බව එහි විමර්ශන අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය . 01 May 2021
කොරෝනා අස්සේ ඉන්දියාවෙන් පැනවිත් පුත්තලමේ සැඟවෙලා ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමින පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගවි සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා දරුවන් දෙදෙනකු සැගවි සිටි නිවසේම නිරෝධායනය කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 01 May 2021
කරාපිටියේ 36 වාට්ටුවේ 35කට කොරෝනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 01 May 2021
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු වහයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. 01 May 2021
පිට පිට තෙවන දිනටත් මෙරට ආසාදියෝ 1500 පසුකරති කොවීඩ් -19 ආසාදිතයන් තවත් 396ක් වාර්තා වෙයි. අද වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන ඒ අනුව 1699 දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 01 May 2021
“ඔන්ලයින්’’ වුණු මැයි දිනය ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී ජනතා පක්ෂය මෙවර මැයි දිනය අන්තර්ජාලය ඔස්සේ අද (1) සැමරීම විශේෂත්වයකි. 01 May 2021
ඇමෙරිකානුවන්ට ඉන්දියාවෙන් යන්න කියයි ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි සංචාරක උපදේශනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ. 01 May 2021
එක් වරක දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවෙයි කොවිඩ් ආසාදිතයින් තවත් 1,304ක් අද (1) වාර්තා විය. දිනක එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ. 01 May 2021
කාලගුණෙන් අනතුරු ඇගවීමක් දිවයිනේ පළාත් කිහිපයක අද (1) රාත්රියේදී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 May 2021
සියලුම පාසල්, විශ්ව විද්‍යාල, නැවත දැනුම් දෙන තුරු වසා තැබේ පාසැල්, උපකාරක පංති, දහම් පාසැල්, පෙර පාසැල් සහ විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 01 May 2021
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂ 4 පසු කළේය. ඒ අනුව, එක් රටකින් එක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. 01 May 2021
රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ මැයි දින සැමරුමක් අතරතුර මිට වසර 28 කට පෙර ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ ගුණසමරුව අද 01 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ ඉදිකර ඇති රණසිංහ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට පැවැත්විණි. 01 May 2021
‘‘පාර්ලිමේන්තුවට කොරෝනා අවදානමක් නෑ‘‘ පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් කිසිවකු මෙතෙක් හමු වී නැතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද පැවසීය . 01 May 2021
පාසල් මැයි හත දක්වා වසා තැබේ දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 01 May 2021
සතොස සහන මල්ල නැවත හෙට සිට සතොස සහන මල්ල දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි . 01 May 2021
සාද,රැස්වීම් සහ ප්‍රිය සම්භාෂණ තහනම් කරයි විවාහ උත්සවය හැර හෝටල් තුල පවත්වනු ලබන සියලුම සාද, රැස්වීම් හා ප්‍රිය සම්භාෂණ සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු අද(30)රාත්‍රී 10 න් පසු සති 2ක කාලයක් තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 01 May 2021
තව ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කරයි පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 8 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 01 May 2021
සිංගප්පූරුවට ඇතුළු වීම රටවල් කීපයකට තහංචි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. 01 May 2021
වැස්ස වැඩි වෙයි බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 May 2021
විෂ පොල්තෙල් තව තොගයක් ආපසු හරවා යවයි පෞද්ගලික සමාගමක් ආනයනය කළ ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් යැයි තත්ව පරීක්ෂාවෙන් තහවුරු වූ තවත් පොල්තෙල් මෙටි්රක්ටොන් 230 ක් මැලේසියාවට නැවත හරවා යැවීමට කොළඹ වරායට රැගෙන ආවේය. 01 May 2021
‘‘හදිසි අවස්ථාවකට ගන්න ඔක්සිජන් රට තුළ තිබෙනවා‘‘ ශ්‍රී ලංකාවේ දැන් පවතින ‘කොවිඩ් 19’ වයිරස අවදානම මුහුණදීමට අවශ්‍ය අමතර ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026