වන්නියලැඇත්තන්ගේ පෙත්සම සලකා බැලීමට දිනයක්
මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙලි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීමට එරෙහිව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමසලකා බැලීම සඳහා ජූලි මස 13 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියම කළේය.