පලා කඩන්න ගිය මව සහ දරුවෝ දෙන්නා වළක වැටී මරුට කටාන අම්බලයායේ කැලෑ ප්‍රදේශයක පළා කැඩීමට ගිය මවක සහ ඇගේ දරුවන් දෙදෙනා අනාරක්ෂිත මැටි වළකට වැටී මියගොස් ඇතැයි කටාන පොලිසිය කියයි. 04 May 2021
රට පුරා සංචරණසීමා, ඕනෑම මොහොතක පැනවිය හැකියි රට තුළ කොවිඩ් වසංගතය පැතිර යන ආකාරය විශ්ලේෂණය කරමින් සිටින බවත් අවශ්‍යතාවය අනුව ඕනෑම මොහොතක රට පුරා සංචරණ සීමා පැනවීමට ඉඩ තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 04 May 2021
සංශෝධිත ඉඩම් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය . 04 May 2021
ඩුබායි හිදී ලාංකික තරුණයෙක්ට රුපියල් කෝටි 64ක දිනුමක් ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවිකරුවකු ’’ ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයකු වන මොහොමඩ් මිස්ෆාක් නැමැත්තා. අබුඩාබි බිග් ටිකට් (’’Abu Dhabi Big Ticket’’ ) නැමැති ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී. 04 May 2021
“සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්න කතානායක කියයි“ කොවිඩ් අවදානම හේතුවෙන් මැතිසබයේදී මෙන්ම ඉන් පිටතදීත් සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ දී අද (4)ඉල්ලීමක් කළේය . 04 May 2021
‘‘රිෂාඩ් මැතිසබයට ගෙනත් නෑ‘‘ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ගෙන්වීමට කතානායකවරයා එකඟ වුවත් ඔහු අද මැතිසබයට ගෙන්වා නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (4 ) චෝදනා කළේය . 04 May 2021
ගල්ගමුවේ කඩ දින තුනක් වසයි කොරෝනා අවදානම් තත්ත්වය සැළකිල්ලට ගෙන ගල්ගමුව නරගය අද දින තුනක් වසා දැමීමට නාගරික වෙළෙඳ සංගමය හා වෙළෙඳ ප්‍රජාව තීරණය කර තිබේ. 04 May 2021
රන්ජන්ගේ “කෝප්“ පුරප්පාඩුවට හර්ෂ ද සිල්වා රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති හෙයින් ඔහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) දැරූ සාමාජික තනතුරේ පුරප්පාඩුවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (4) දැනුම් දුන්නේය . 04 May 2021
උසස් පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල අද (04) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 04 May 2021
අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පැවැත්වෙන වකවානු සංශෝධනයට අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල වකවානු සංශෝධනය කිරීමටත්, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමට ගතවන කාලය අවම කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 04 May 2021
කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් කොරෝනා රෝගීන්ට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් වෙන්කර ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා පැවසීය. 04 May 2021
පළාත් 5 කට තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (4) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 May 2021
හොර නෝට්ටු 810ක් අල්ලයි රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 805 ක් සමග පුද්ගලයකු කිළිනොච්චි ශාන්තිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 04 May 2021
ග්‍රාම සේවා වසම් තව නවයක් හුදකලා කරයි දිස්ත්‍රික්ක පහකට ග්‍රාම නිලධාරී වසම් නවයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 04 May 2021
‘‘දුම්රිය සාමාන්‍යාධිකාරී තෝරන පරීක්ෂණය සාධාරණත්වයෙන් තොරයි‘‘ දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණය සාධාරණත්වයෙන් තොර පක්ෂපාති එකකැයි එයට සහභාගි වූ අයඳුම්කරුවන් තිදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ. 04 May 2021
ස්පුට්නික් එන්නත අත්‍යවශ්‍ය සේවාවලට මුලින්ම රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 04 May 2021
පී.සී.ආර් කට්ටල කඩිනමින් මිලට ගන්න කැබිනට් අනුමැතිය පී.සී ආර් පරීක්ෂණ වැඩි කිරීම සඳහා පී.සී.ආර් කට්ටල තවත් තොගයක් කඩිනමින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. 04 May 2021
කොරෝනා අසාදිතයෝ 1900 සීමාව පනති කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 867 දෙනෙක් අද (3) දිනයේ දී වාර්තා විය. 03 May 2021
‘‘මගේ නිවස සම්බන්ධයෙන් තීරණයක් ගන්න තව කල් තියෙනවා‘‘ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තව කල් ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසයි. 03 May 2021
මොරටුව නගර සභාවෙන් කොරෝනා රෝගීන් දහයක් මොරටුව මහ නගර සභාවේ කසළ අංගනයේ සේවකයන් දහ දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 03 May 2021
මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් හයකට කොරෝනා මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු ළමුන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 03 May 2021
රුසියා එන්නත් තොගයක් හෙට මෙරටට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් හෙට (4)මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . 03 May 2021
කොරෝනා ආසාදිතයෝ 1046ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 1,046 දෙනෙක් ඊයේ (3) දිනයේ දී වාර්තා විය. 03 May 2021
පාම් තෙල් ගැටළුවට තානාපතිවරු දෙකක් අගමැති හමුවන්න සූදානමක් පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැලේසියා සහ ඉන්දුනීසියා තානාපතිවරු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 03 May 2021
ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩාවැටේ මහ වැස්ස සමඟ ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයට බල්ලකැටුව ප්‍රදේශීයේදී අද (03) සවස ගල්පර්වත සමග පස්කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 03 May 2021
පූජිත් ජයසුන්දරට, හේමසිරි ප්‍රනාන්දුට චෝදනා 1728ක් අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත. 03 May 2021
චීන විදේශ අමාත්‍ය ජූනි මස ශ්‍රී ලංකාවට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලබන ජුනි මාසයේදී නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. 03 May 2021
ගම්පහ ප්‍රා.ලේ කාර්යාලයේ පැත්තක් වහයි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙහි නිලධාරිනියක් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම මත අද (3) දහවල් එම අංශය වසා දැමීමට පියවර ගෙන ඇත. 03 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026