සතියකට වරක් ස්පුට්නික් එන්නත් ලක්ෂයක්
කොරෝනා වසංගතයට පිළියමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 135ක් මෙරටට ගෙන්වන බවත්, එම එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ඉදිරියේදී සෑම සිකුරාදා දිනකට මෙරටට ගෙන එන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.