කොන්සියුලර් සේවා විදේශ අමාත්‍යාංශය සීමා කරයි පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා සැපයීමේ කටයුතු ඉදිරිදිනවලදී සීමාසහිත විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. නිවේදනයක් නිකුත් කර ඇත. 29 April 2021
ගම්පහ ආසාදිතයෝ දින ගණන් නිවෙස්වල ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 29 April 2021
වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (28) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1451 ක් දක්වා ඉහළ ගියේය. 28 April 2021
දෙවන එන්නත් මාත්‍රාව යුද්ධ හමුදාවටත් කොවිඩ් - 19 වෛරසය වැළැක්වීමේ එන්නත් වැඩසටහනට සමගාමීව ලබාදෙන දෙවන එන්නත් මාත්‍රාව කොළඹ යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් - 19 මර්ධනය කිරීම සඳහා ඉදිරි පෙළ රාජකාරි සිදුකරන යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ලබාදීම අද (28) දින ආරම්භ කරන ලදී. 28 April 2021
ගම්පහ ප්‍රා.ලේ. කාර්යාලයේ අංශයක් වහයි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය 28 April 2021
කෝටි දෙකක රූපලාවන්‍ය උපකරණ රේගුවේ හිරවේ නීති විරෝධී ආකාරයට ආනයනය කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාමකින් යුත් සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 28 April 2021
කොරෝනා රෝගීන් අද 988 කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 988 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,475ක් දක්වා ඉහළගොස් තිබේ. 28 April 2021
ගම්පහට ඇඳන් 2000 කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිරියේදී යම් අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට හැකි වන පරිදි ඇදන් 2000 ක් පමණ යෙදිය හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට අද (28) සවස පැවති ගම්පහ කොවිඩ් කමිටුවේදී තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි. 28 April 2021
වනාතවිල්ලුව අවිගබඩා නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වනාතවිල්ලූව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂීම් ඇතුළු හය දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් අද ඉල්ලා සිටියේය. 28 April 2021
මාතර අතවරයේ වමත් පිතිකරුට දැඩි අවවාද මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කහිටුව අවවාද කර තිබේ. 28 April 2021
ඇමැති කමිටුව මන්ත්‍රී වලියේ දර්ශන නරඹයි මැති සබයේ දී සහ ඉන් පිටත පරිශ්‍රයේදී ඉකුත්දා (21 ) වැනිදා ඇති වූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රී කමිටුව එම සිදුවීම්වල සීසීටීවී කැමරා දර්ශන අද (28) නිරීක්ෂණය කළේය. 28 April 2021
මහජන බැංකුවේ ශාඛා 17ක්:ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් වසයි පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් ද අද (28) දිනයේ වසා තිබුණි. 28 April 2021
එජාප පළාත් පාලන නියෝජිතයෝ 38 දෙනාගේ ඉරණම මැයි 21 විසැඳේ ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනකු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට කළ නියෝගය ලබන මැයි 21 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද ( 28) තීන්දු කළේය. 28 April 2021
‘‘ඇවන්ට් ගාඞ්’’ තීන්දුව මැයි 21 ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා මත ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මැයි 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) අද (28) තීරණය කළේය. 28 April 2021
කිඹුල් නඩුව ජූලි හත ජනාධිපතිවරණය ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ලබන ජුලි 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය. 28 April 2021
වෙසක් මාසයේ රතන සූත්‍රය සඡ්ජායනා කරන්න ‘කොවිඞ් 19’ වසංගත තත්වය පාලනය වී ලෝකවාසීන්ට සැනසිල්ල උදාවේවා යන ප්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලංකාවේ සියලූම වෙහෙර විහාරවල ලබන සෙනසුරාදා සිට ‘‘රතන සූත්‍රය’‘ දේශනා කරන්නැයි ලෙස ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාව ඉල්ලා සිටියි. 28 April 2021
කොරෝනා දැයි බලන්න පටල 4000ක් ජ‘පුරට කොරෝනා පරීක්ෂණ සඳහා මුළු දිවයිනෙන්ම ජෛව පටල සාම්පල හාර දහසක් පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට අද දින ලැබී තිබුණු බව එහි ප්‍රකාශකයෙක් පවසයි. 28 April 2021
බීමතින් රියපැදවූ හික්කඩුව ප්‍රා.සභා විපක්ෂ නායක දඩ කයි රියදුරු බලපත්‍රයක් ළඟ තබා නොගෙන බීමතින් රිය පැදවීමේ චෝදනාවන්ට වරද පිළිගත් හික්කඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් චන්දනට රුපියල් 27500ක දඩයක් ගෙවන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංස සමරදිවාකර මහතා අද නියම කළේය. 28 April 2021
සියලු සරසවි 10 විවෘත කරන බව ඇමති කියයි සියලු විශ්ව විද්‍යාල මැයි මස 10 වැනි දින විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෑවසීය. 28 April 2021
බන්ධනාගාර නිලධාරීන්ට දෙවන මාත්‍රාව හෙට බන්ධනාගාර නිලධාරීන් සඳහා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම හෙට (29) සිට ආරම්භවන බව බන්ධනාගාර කොමසාරිස් ( පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 28 April 2021
වැල්ලම්පිටියේ පෞද්ගලික බැංකුවක් වසයි සේවකයකුට කොරෝනා ආසාදනය වීම නිසා වැල්ලම්පිටියේ පුද්ගලික බැංකුවක් අද සිට වසා දමා ඇත. 28 April 2021
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 28 April 2021
විභාගයට ආ කැලණි සරසවි සිසුහු පහකට කොරෝනා කැලණිය විශ්ව විද්‍යාලයේ විභාගය සඳහා කැඳවා සිටි සිසුන්ගෙන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග ගියයි. 28 April 2021
කඵතර සිරගෙට විසි කළ පාර්සල් දෙකේ කුඩු කළුතර බන්ධනාගාරයේ බී අංශයට පිටතින් විසිකරන ලද පාර්සල දෙකක තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 158ක්,ජංගම දුරකතන 08ක් ඇතුලු තහනම් ද්‍රව්‍ය රාශියක් තිබී බන්ධනාගාර නිලධාරීන් අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 28 April 2021
ඇල්ලේ මනාල යුවළක් ඇතුළු හයකට කොරෝනා ඇල්ල ,කිතල්ඇල්ල හෝටලයක දී ඉකුත් 25 වැනි දා විවාහ ගිවිසගත් නව යුවළකට සහ එම විවාහ මංගල උත්සවයට එක්වූ තවත් හතර දෙනකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වූ බව ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 28 April 2021
ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (28) දින සිය බැංකු ශාඛා 23 ක් වසා තබන බව ලංකා බැංකුව පවසයි. 28 April 2021
‘‘මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වයිරසයයි‘‘ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 28 April 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා නසන්න මුහුණු පොත එයි එන්නත් කරණය ගැන ජනතාවට දැනුවත් කිරීමට අවශ්‍ය සහය දීම හා කොවිඩ්-19 මර්ධනය කිරීමේදී එන්නත්කරණ ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ෆේස්බුක් ආයතනය සහයෝගීතාවයකට එළැඹ ඇත. 28 April 2021
අරණායක රාජ්‍ය බැංකුවක් වහයි අරණායක දිප්පිටිය නගරයේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව අද වසා දැමීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. එහි සේවකයකුට කොරෝනා අසාදිත වීමෙන් මෙම පියවර ගෙන තිබේ. 28 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026