
රේඛා තරංගනී ෆොන්සේකා
පානදුර සහකාර පොලිස් අධිකාරි ඇතුළු නිළධාරීන් හතර දෙනකුගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යමින් එම නිලධාරින් ලෙස පෙනී සිටමින් වංචාන් කළ බව කියන පුද්ගලයකු නොවැම්බර් 8 වැනි දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද නියෝග කළේය.
රවතාවත්ත මොරටුව ලිපිනයේ පදිංචිව සිටි රවිදු කල්හාර නමැති 18 හැවිරිදි තරුණයකු මෙසේ රිමාන්ඩ් කළේය.
මෙම වංචාව සම්බන්ධයෙන් පුද්ගලික ගුවන් විදුලිය නාලිකාවක් සිදුකරනු ලැබූ හෙළිදරව්වකින් පසු පානදුර පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd