විමල් ට එරෙහි නඩු විභාගයක් කල් යයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුවේ විභාගය ලබන අගෝස්තු මස 29 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (30) නියෝග කළේය. 30 May 2022
21 ට සියලු දෙනා සහාය දිය යුතුයි යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පක්ෂ සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 30 May 2022
ශෂී වීරවංශගේ අභියාචනය සළකා බැලීම හෙට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය ගොනු කළ අභියාචන ඉල්ලීම හෙට 31 දා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද 30 නියෝග කළේය . 30 May 2022
බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්:අයෙක් මරුට කොළඹ බැස්ටියන් මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 30 May 2022
මුහුදේ ගිලී සිසුවා අතුරුදන් වයික්කාල වෙල්ලමංකරය දේවස්ථානය අසල මුහුදේ මිතුරන් තිදෙනකු සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙකු දිය රළකට හසුවි අතුරුදහන් වි ඇතැයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. 30 May 2022
කොළඹ ආරක්ෂාව ගැන දේශබන්දුගෙන් නියෝගයක් අරගලකරුවන්ගේ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 30 May 2022
පොලිසියට පහර දීමෙන් බලපිටිය උණුසුම් වෙයි:අහසටත් වෙඩි බීමත් කණ්ඩායමක් අහුන්ගල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසකට බලපිටිය නගරයේදී ඊයේ(29) රාත්‍රි පහරදීමෙන් එහි දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවූ අතර කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තාවේ. 30 May 2022
අයේෂා ඝාතනයට කීර කොටු ගොවියෙක් සැකපිට බණ්ඩාරගම අටුලුගම අයේශා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය 30 May 2022
නව මුදල් නීති සම්මත කරනවා නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 29 May 2022
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙි කාල වකවානුව සහ ක්‍රමවේදය පක්ෂ නායකයන් විසින් තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. 29 May 2022
විදුලියෙන් කෝටි 2300 පොල්ලක් පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ ගෙවීම් පාහැර හැර ඇතැයි වාර්තා වෙයි. 29 May 2022
‘දැරියගේ මරණය ගැන ළමා අධිකාරියෙනුත් පරීක්ෂණයක්‘ බණ්ඩාරගම අටලූගම ප්‍රදේශයේ පාතිමා අයීසා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත 29 May 2022
යාපනේ දූපත්වලට ඉන්දියාවෙන් භූමිතෙල් යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක් බෙදා දෙන ලදී. 29 May 2022
‘21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක්‘ විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (29) පැවසීය. 29 May 2022
මන්ත්‍රී ප්‍රසන්නගේ ගිනි ගත් ගේ හදන්න ජනතා සහාය ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමියට ඉකුත් 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු කලහකාරී වූ පිරිස්, ගිනි තබා විනාශ කළ නිවෙස් අතර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටි හුණුපිටියේ පිහිටි නිවස යළි ගොඩනැගීම එම ප්‍රදේශවාසීහු සහ ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව එක්ව අද (29) පෙරවරුවේ ආරම්භ කළහ. 29 May 2022
වෛද්‍ය පීඨ ශිෂ්‍ය පා ගමන කොටුව දෙසට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ පා ගමන මේ වන විට කොළඹ කාර්මික විද්‍යාල හන්දිය පසුකර කොළඹ කොටුව දෙසට ගමන් ගමිමින් සිටියි. 29 May 2022
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට බිලියනය ඉක්මවා පාඩුවක් ශ්‍රී ලංකාවේ රජයට හිතවාදී පිරිස් සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ඉකුත් 9 වෙනිදා ඇති වූ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය සතු ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට රුපියල් බිලියන1 ඉක්මවන පාඩුවක් සිදුවිය හැකි බව නිව්යෝර්ක් හි ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් සමාගම පවසයි. 29 May 2022
බෙහෙත් හිඟය ගැන ඩබ්ලිව්.එච්.ඕ අවධානය ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ඊට අවශ්‍ය පහසුකම් සලසන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය 29 May 2022
දුම්රිය මගීන් සියයට 50 කින් ඉහළ යයි බස් ගාස්තු ඉහළ යෑම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය මගීන් සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. 29 May 2022
අර්බුදය උග්‍රයි ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගන්නැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 29 May 2022
‘අරගලයේ පණිවිඩයට රජය කන්දිය යුතුයි‘ දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. 29 May 2022
මගීන් 22 ක් සමඟ නේපාල ගුවන් යානයක් අතුරුදන් නේපාලයේ පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් අද(29) අතුරුදහන් වී ඇතැයි එරට බලධාරීහු නිවේදනය කළහ. 29 May 2022
‘අලි -නරි නෑවීමට මම සූදානම් නෑ‘ ජනාධිපතිවරයා හිර කිරීමට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනවලට තමා සහය නොදෙන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 29 May 2022
ඕස්ට්‍රේලියාව දිවා තරගවලට බෑ කියයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන මස මුල ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ. 29 May 2022
ගෑස් බෙදන්න මාතරින් දුරකතන යෙදුමක් දින ගණනක් පෝලිම්වල රැදී සිට රස්තියාදු නොවී ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සදහා වු නව වැඩපිලිවෙලක් මාතර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ආරම්භ කර ඇත. 29 May 2022
කෘෂි අමාත්‍යංශයෙන් පොහොර සමාගම් වලට මිලියන 34000ක පොල්ලක් කෘෂිකර්ම අමාත්‍යාංශය 2019 වසරේ සිට පොහොර සමාගම් වලට රුපියල් මිලියන 34000ක් ගෙවීමට ඇතැයි කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 29 May 2022
රාජ්‍ය අමාත්යවලටත් තරගයක් රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 29 May 2022
21 ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. 29 May 2022
‘මහබැංකුවේ වැඩවලට අත ගහන්නෙ නෑ‘ මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යෑමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 29 May 2022
අටුළුගම දැරියගේ ඝාතන පරීක්ෂණය සී.අයි.ඩි.යට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව සිටී 9 හැවිරිදි පාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට බාර දී ඇත. 29 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026