කොච්චිකඩේ මංගල සාදයක 100 කට කොරෝනා ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට වාර්තා වී ඇතැයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 26 January 2022
නීලාගේ දේහය හෙට දිවයිනට මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි. 26 January 2022
චමරි ලෝකයේ ප්රබලතම පිතිකාරිනියන් අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටින්නීය. 26 January 2022
රෝහල් තුණ්ඩුවට ඔසු සලෙන් නොමිලේ බෙහෙත් බස්නාහිර පළාතේ සියලුම රෝහල් වල පරිපුරක වෛද්‍ය සේවා, හෙද සේවා, අතුරු වෛද්‍ය සේවා විසින් සිදුකරනු ලැබු සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ජාතික රෝහලේද ඖෂධ නිකුත් නොකිරිම නිසා කොළඹ රාජ්‍ය ඔසුසල වෙත ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාව පැමිණිම සිටිනු දැක ගත හැකි විය 26 January 2022
ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සභාපති නීතිඥ හේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 26 January 2022
දුර්ලභ සුදු ලේනෙක් කලුතරින් හමුවෙයි වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසල පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට දුර්ලභ සුදු ලේනෙක් ඊයේ (25) පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි . 26 January 2022
’’මෝඩ යකා’’මෙහෙම නම් උගත් යකා කොහොම ඇත්ද? ’’මෝඩ යකා’’ කෝටි තුනහමාරකට වැඩේ දුන්නා නම් ’’උගත් යක්කු’’ ජනතා මුදල් කෝටි කීයකට වැඩේ දෙන්නට ඇද්දැයි සිතාගන්නට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 26 January 2022
බයිඩන්ගෙන් පුටින්ට තර්ජනයක් රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ද සම්බාධක පැනැවීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි. 26 January 2022
රොකට්ටුවක් හඳේ හැපෙන්න යනවා වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති. 26 January 2022
පන්විල පොලීසියේ 19 කට කොරෝනා මහනුවර පන්විල පොලීසියේ නිලධාරීන් 19 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. 26 January 2022
රෝග ලක්ෂණ නැති කොරෝනා දරුවන්ට ගෙදරදී ප්‍රතිකාර කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ නොපෙන්වන ( අමාරු නැති) දරුවන් රෝහල් ගත කිරීමෙන් වැළකී නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබා දෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 26 January 2022
අසලංක විස්සයි20 පිලේ උපනායකත්වයට ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ උප නායකත්වයට යොවුන් පිතිකරු චරිත් අසංලක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 26 January 2022
සෞඛ්‍ය විරෝධයෙන් ටවුන්හොල් අවහිරයි සෞඛ්‍ය වෘත්තියවේදීන් ඇරැඹු පා ගමන සහ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ නගර ශාලාව ,ජාතික රෝහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. 26 January 2022
ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි. 26 January 2022
ඩිල්රුවන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම කඩුලු ලාභී පිට දඟ පන්දුයවන්නා වන ඩිල්රුවන් පෙරේරා, අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ. 26 January 2022
පිපිරුණු ගෑස් සිලින්ඩර ගැන අධිකරණයෙන් නියෝගයක් හානියට පත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අදාළ ආයතනවලට යළි බාර දෙන්නයි විද්‍යුත් මාධ්‍ය මගින් දැන්වීම් පළ කර පාරිභෝගිකයන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට අද (26) දැනුම් දුන්නේය. 26 January 2022
කොරෝනාවට ගොදුරු වූ මන්ත්‍රීවරුන් 43 දක්වා ඉහළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇතැයි එහි වාර්තාවක සඳහන් වේ. 26 January 2022
මා ඔයේ පස් -මැටි කපමින් සිටි තිදෙනෙකු දැලේ පන්නල මා ඔය රක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළු වී මා ඔයේ ඉවුරුවලට හා පරිසරයට හානි වන අයුරින් මහා පරිමාණයෙන් වැලි සහ මැටි කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 26 January 2022
අයි ඩී එච් රෝහලත් රෝගීන් ගෙන් පිරේ ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග ජාතික බෝවන රෝග විද්‍යායතනයද(අයි ඩී එච් රෝහල ) රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. 26 January 2022
පළාත් රැසකට අද පස්වරුවේ වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 January 2022
“ශිල්ප අභිමානී - 2021” සම්මාන උළෙල ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී - 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. 26 January 2022
බදුල්ල දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි කොළඹ කොටුවේ සිට අද (25) රාත්‍රී 10.00 ට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කලින් ආසන වෙන්කරගන්නා දුම්රිය හිටිහැටියේ අවලංගු කිරීමෙන් විදෙස් සංචාරකයන් ඇතුළු මගින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 25 January 2022
හෙරොයින් පැකටි 196 ක් බන්ධනාගාරය තුළදී හසුවෙයි කළුතර බන්ධනාගාරයට රැගෙන එන ලද නවක සැකකරුවන් එම බන්ධනාගාරයේ සිටි පැරණි සැකකරුවෙකුට ලබාදුන් පාර්සලයක තිබී හෙරොයින් පැකටි 196 ක් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 25 January 2022
එක්නැලිගොඩ වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය. 25 January 2022
මාවනැල්ල සභාවේ ධූරය: පෙබ 3 තෙක් පවත්වාගෙන යන්න නියෝග මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ධූරය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ලබන පෙබරවාරි මස 03 වැනිදා තෙක් පවත්වාගෙන යන ලෙසට අභියාචනාධිකරණය අද (25) නියෝගයක් නිකුත් කළේය. 25 January 2022
අලුත් ආසාදිතයෝ 891 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 891 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 25 January 2022
‘යෝජිත බදු පනත අවලංගු කරන්න‘ යෝජිත භාණ්ඩ හා සේවා බදු පනත අවලංගු කරන්නැයි ඉල්ලමින් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව අද (25) දහවල් රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය. 25 January 2022
ජනතාවට ජීවත්වෙන්න රටක් ඉතිරි කරන්න රටේ ආර්ථිකය හරි මගට ගෙන ජනතාවට ජීවත්වන්නට රටක් ඉතිරි කරන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂය ගාල්ලේ දී අද (25) උද්ඝෝෂණයක් කළේය. 25 January 2022
කොටි සංවිධානයට ආයෙත් පණ දෙන්න හැදූ 26 කට වැඩවරදී එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ස්ථාපිත කිරීම සඳහා එය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින සැකකරුවන් 26 දෙනකුගේ අත් අකුරු පරීක්ෂාකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට අද (25) නියෝගයක් නිකුත් කළේය. 25 January 2022
දේවස්ථානයට බෝම්බ ගෙනා සැකකරු කලින් දා ඔත්තු බලලා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය තැබූ පුද්ගලයා අත් බෝම්බය තැබූ දිනට පෙර දින ඔත්තු බැලීම සදහා එම දේවස්ථානයට පැමිණ ඇති බවට සී සී ටී වී දර්ශනවල සටහන්ව ඇතැයි රක්ෂිත භාරයේ සිටි දේවස්ථානයේ සන්ක්‍රිස්තියන්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේදී අද (25) සඳහන් කළේය. 25 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026