
(නිමන්ති රණසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජූලි මස 09 වෙනිදා අයුතු ලෙස ඇතුල් වී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සම්බන්ධයෙන් මෙම පියතුමා සැකකරුවකු ලෙස නම්කර ඇතැයි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .
ඒ අනුව නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වූ පියතුමන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හැරියේය.
සැකකාර පියතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම මානව හිමිකම් කඩ වෙච්ච ජනතාව අයුතු ජන රාෂියක්ද? එතකොට මේ රටේ මහ ජනතාවට රටේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? පුදුම චෝනදනාවක් නේ. නීතිඥයෝ මේවට කතා නොකරන්නේ ඇයි?
මේ ගොයියට ඇප? මගේ තීන්දුව නම් හිටුවාපස් ගහන්න ඕනේ. දැන් හිතා ගන්න පුළුවන් මේ ගොයියෝ වෙනුවෙන් ඉදිරිපත් වෙන ලෝයර්ලා දිහා බැලුවම කොහෙන්ද සල්ලි පොම්ප වෙන්නේ කියලා.
නීතිය හොදටම නමලා