(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැන් පොලිසි වල ප්‍රධාන රාජකාරියක් වී තිබෙන්නේ කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ ෆේස්බුක් ගිණුම් බලා අරගලයට හිතවාදී අය පසුපස ගොස් පොලිසියට ගෙනවිත් බය කිරීම යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එවැනි ක්‍රියා සම්පූර්ණයෙන් හෙළාදකින බව කී මන්ත්‍රීවරයා ජනාධිපති මන්දිරය අල්ලා ගත් වෙලාවේ පොලිසියේ අයත් නිල ඇඳුමෙන්ම එහි "ජිම් එක" පාවිච්චි කරන අයුරු දුටු බවද කීය.
මේවා දුටු මහජනතාව ද සතුන් වත්ත බලන්න යනවා වගේ ජනාධිපති මන්දිරයට ගිය බව කී මනෝ ගනේෂන් මහතා ඒ නිසා සාමාන්‍ය පුද්ගලයන්ට කරදර කරන්න එපා යැයි පොලිසියෙන් ඉල්ලා සිටින බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් පොඩ්ඩක් බයකළා නම් හරි වගේ...
රටේ මෙන්ම රජයේ ආරක්ෂාවට ඔය සියලුදේම අයිති ගොයියෝ. කරුණාකර පොලිස් රාජකාරීවලට ඇඟිලි නොගහ ඉන්නවා