(ලක්ෂ්මී ජයකොඩි)
සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මුලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත පවසා ඇත.
මෙම සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවත් අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.
සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එළිදැක්වීමට නියමිත වාර්තාව ඉතා බරපතල එකක් වනු ඇතැයි පැවසු විග්නේෂ්වරන් මහතා එම වාර්තාවට පෙර තමන් විසින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබු ඉල්ලීම් ඉටු කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි විශ්වාසයද පළ කරයි.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය පැවැත්වීමට පෙර පැවති සාකච්ඡාවලදි දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි හා උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන ඉඩම් ආක‍්‍රමණ වහා නතර කරන්නැයි ඉල්ලා සිටිය බවද එම ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවද ඒ මහතා පවසයි.
තවද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් එහිදි ජනාධිපතිවරයා එකඟ වු බද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොහෙද දේශපාලන සිරකරුවෝ..?
නැතිව ඉතින් කොහොමද අප්පා එකම එක පාර්ලිමේන්තු ආසනයක් තුබුණ මිනිහෙක් ජනාධිපති වෙන්නේ?
මෙන්න දෙමළ බළලා මල්ලෙන් එළියට පැන්නා. මේ ගොයියා සර්වපාක්ෂික ආණ්ඩුවට එන්නේ හිරකරුවන් නිදහස් කරගන්නද? ආ බොල උතුරත් නැගෙනහිරත් අයිති සිංහල මෙරටට. ඒ ඉඩම් රටේ ජනතාව අතර බෙදෙන්න ඕනේ. දෙමළ මුස්ලිම් මෙරටට එනකොට ඉඩම් අරගෙන ආවේ නැහැ. විජයන කියන කල්ලතොනියා තවත් හොරු ටිකක් සමග මෙරටට ආවේ හිස් අතින් කොටන්වල එල්ලිලා. මෙය පල උනොත් ගණන් හිලව් ඇතිව ඉතුරු ටික ලියන්නම්.
සුළු සුළු වැරදි කිව්වේ විග්නේෂ්වරන් මහත්තයෝ, සිංහල ගමක් දෙකක් ගාපු එක, බිම් බෝම්බයක් දෙකක් වළදාපු එක, ප්ලේන් එකක් දෙකක් බිමදාපුු එක වගේ ඒවාද?
මේ තියන්නෙ අරගලේ ප්‍රතිපල. අරගලේට දැන් සතුටු ඇති, මේ දේශපාලුවො ඔක්කොම එකයි කල දුටු කල වල ඉහගනින් න්‍යාය තමා. දූෂණයට විරුද්ධ අරගලයක් කරන්නෙ නැතුව, මූණු වෙනස් කරන අරගල වැඩක් නැහැ කියලා දැන්වත් තේරුනොත් හොඳයි. දැනෙනව ඇතිනෙ දැන් ඉඟුරු දීලා මිරිස් ගත්තම වෙනදේ.
ඔය සුලු සුලු වැරදි කියන්නේ මිනිස්සු 10ක් 15ක් ගම් වලට පැනලා කපලා කොටලා මරපු, එහෙම නැත්නම් බිම්බෝම්බ තියලා සිය ගානක් මරපු උන් වෙන්න ඇති නේද?
ඔන්න හොර ගිවිසුම්,රන්ජන් රමනායක ,රට වෙනුවෙන් අවුවේ වැස්සේ සටන් කරපු තරුන අරගල කරුවනුත් වහාම නිදහස් කරන්න. ඒ තරනයින් නොමැති නම් රනිල් තාම පසුපෙල මන්ත්‍රි වරයෙක්
නිදහස් කරාටනම් කමක් නෑ, ඒත් ඊට පස්සේ 24/7 මොනවද කරන්නේ කියලත් හොයලා බලන්න ඕනේ.. අනිත් වැඩත් එක්ක බලද්දී මරන්න ඉන්න හරක් නිදහස් කරා වගේ තියෙයි ඉතින්...!
රනිල් ගෝ ගම හදන්න එන කට්ටියගේ නම් මට මෙතැනින්ම කිව්වැහැකි...