21 නාවොත් තනතුරෙන් යනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළහොත් පළමු කැබිනට් හමුවෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බව ඉඩම් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කොළඹ දී අද (23) ප්‍රකාශ කළේය. 23 May 2022
කලබල කළොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා පිරවුම්හල් ආශ්‍රිතව දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බොදාහැරීමේ සේවාවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. 23 May 2022
හිටපු ඇමතිවරුන් නැවත පත්කර රටේ ප්‍රශ්ණ විසදන්න බැහැ හිටපු ඇමතිවරුන් නැවත නැවතත් පත් කිරීමෙන් රටේ ප්‍රශ්ණ නොවිසදෙන බව ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව වටහා ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 23 May 2022
21 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සියලු පක්ෂවලට දීමෙන් පසු කැබිනට් අනුමැතියට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සියලු පක්ෂ වලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 May 2022
ඉන්දීය පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 එයි ඉන්දීය ණය ආධාර යටතේ තවත් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් අද (23) ශ්‍රී ලංකාවට ළගා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය. 23 May 2022
ලොරිය පෙරැළී අයෙක් මරුට:තුනක් රෝහලට කොට පැටවීම සඳහා භාවිතා කරනු ලබන ලොරි රථයක් (බුම් යන්ත්‍රයක්) නානුඔය, රදැල්ල, වංගිඔය වත්තේ පහළ කොටසේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට අද (23) පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 23 May 2022
’’මොන හේතුවක් නිසාවත් අධ්‍යාපනය නොසලකා හරින්න එපා’’ කිසිදු හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරීම නොකළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන සිසු සිසුවියන් වෙනුවෙන් සුබ පතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. 23 May 2022
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත විපක්ෂ නායක හමුවෙයි ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. 23 May 2022
දේශබන්දු මාරු කරන්න නීතිපති උපදෙස් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 23 May 2022
ජගත් අල්විස් සී.අයි.ඩියට අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇත. 23 May 2022
ඔක්ටේන් 95 පෙට්‍රල් බෙදාහැරීම ඇරඹෙයි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද (23) සිට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 23 May 2022
ස්වර්ණා කහවිට දිවි රඟ මඩලට සමුදෙයි 60 සහ 70 දශක වල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 23 May 2022
‘දහ දාහට පොහොර නොදුන්නොත් රටින් ගේන හාල් 400ට විකුණන්න වෙයි රුපියල් දස දහසටවත් පොහොර නොදුන්නොත් හාල් රටින් ගෙනැවිත් රුපියල් තුන් හාරසියයකට විකුණන්නට සිදුවනු ඇතැයි කෘෂිකාර්මික, පොහොර සහ වැවිලි අංශයේ පවතින ගැටළු පිළිබඳ සෙවීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවවෙි සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා කමිටු රැස්වීමේදී පැවසීය. 23 May 2022
නව අමාත්‍යවරු දිවුරති ඇමතිවරු අටදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (23)පෙරවරුවේ දිවුරුම් දුන්හ 23 May 2022
තෙල්වලට ගුටි ඇනගෙන අයෙක් රෝහලට පුත්තලම නගරයේ ඉන්ධන හල් දෙකක පෙට්‍රල් ලබා ගැනිමට පෝලිම්වල සිටි පිරිස් අතර සිදුවු ගැටුම්මලින් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසයි කියයි. 23 May 2022
අනුරගේ කතාවට විමලවීරගෙන් පිළිතුරක් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කියන බූරු කතාවට තමා එකඟ නැති බවත් වර්තමාන පාර්ලිමේන්තුවේ එක බූරුවකුවත් කොටළුවකුවත් නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 23 May 2022
නාගරික මන්ත්‍රී සත්‍යග්‍රහයට රුවන් යයි කොළඹ නාගරික කොමසාරිස්වරිය ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් සත්යග්රහ කරන කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් හමූ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එහි ගියේය. 23 May 2022
‘කබ්රාල්ට සිතාසි‘ බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන ජූලි මස 25 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද (23) යළි සිතාසී නිකුත් කළේය. 23 May 2022
සාපෙළ සිසුවිය පිපිරිමකින් තුවාල ලබයි වගාවන් සඳහා සකස්කළ පැරණි ඉඩමක් බැලීමට ගිය අවස්ථාවේ එම භූමියේ තිබු කිසියම් පුපුරණ ද්‍රව්‍යක් පිපිරීමෙන් 16 හැවිරිදි සිසුවියක තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය පවසයි. 23 May 2022
වඳුරු පැපොල ලංකාවටත් එන්න පුළුවන් අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින් සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය 23 May 2022
අද දිවුරන ඇමැතිවරු මෙන්න කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත. 23 May 2022
විසිඑක අද කැබිනට්ටුවට නෑ විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 May 2022
අදත් තැන තැන වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 May 2022
පාර්ලිමේන්තු අධි ආරක්ෂක කලාපයේ ඔත්තු බැලූ තරුණයෙක් මාට්ටු පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධිආරක්ෂක කලාපයට අයත් ජල තීරයට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටි බවට සැක කෙරෙන තරුණයෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ( පාර්ලිමේන්තු )නිලධාරියා විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 May 2022
අද ගෑස් සිලින්ඩර 82,909 ක් සූදානම් ලිට්රෝ ගෑස් සමාගම අද (23) විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 82,909 ක් පාරිභෝගිකයන්ට සැපයීමට නියමිත බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 May 2022
අරුණි විජේවර්ධන විදේශ අමාත්‍යංශ නව ලේකම් විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය. 23 May 2022
තවත් 10 ඇමැතිකමේ අද දිවුරයි කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දීමට නියමිතය. 22 May 2022
ඩී.අයි.ජීට - ඒ.එස්.පීට පහරදුන් අයෙක් මාට්ටු අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී ඉකුත් (9) තිබූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් අනතුරුව මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ට හා,පොලිස් අධිකාරීවරයකු ට පහර දී පොලිස් මෝටර් රථයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි 22 May 2022
හදිසියේ ලෙඩ වූ සිඟිත්තිය මරුට හදිසියේ රොගී වූ දින දෙකක් වයසැති බිළිඳියක ඉන්ධන ගැටළුව හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම නිසා මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේදි තහවුරු වූ බව දියතලාව හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පවසයි. 22 May 2022
‘ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ පොලිස් ආරක්ෂාව ඉල්ලයි‘ ඉන්ධන ප්‍රවාහන කරන ටැංකි රථවලට ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය. 22 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026