‘ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ පොලිස් ආරක්ෂාව ඉල්ලයි‘ ඉන්ධන ප්‍රවාහන කරන ටැංකි රථවලට ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය. 22 May 2022
කරාපිටිය රෝහලට රෝගීන් බාරගැනීම සීමා කරයි පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට හෙට (23) සිට රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. 22 May 2022
කැනේඩියානු පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවට ඇමති ජී.එල් ගේ විරෝධය ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. 22 May 2022
ඉන්ධන අර්බුදයෙන් එළවළු සහ මාළු මිලත් ඉහළට පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. 22 May 2022
‘ඉදිරියේදී භූමිතෙල් නැති වෙන හැඩ‘ භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය. 22 May 2022
ඉන්දියාවෙන් ලැබුණු සහනාධාර බාර දෙයි ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද (22) භාරදුන්නේය. 22 May 2022
අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙනම ඉන්ධන හල් හමුදාව,පොලිසිය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය අංශවල වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන පිරවුම් හල් වෙනම නම් කිරීමට රජය තීරණය කර ඇත. 22 May 2022
ලෝක ආහාර සංවිධානයෙන් අගමැතිට සහතිකයක් ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් ඇතිවුවහොත් එයින් ගොඩ ඒම සඳහා උදව් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (UN FAO) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී තිබේ. 22 May 2022
නොහික්මුණු රියදුරකු නිසා සිඟිත්තාගේ දිවි තොර වෙයි රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවකුගේ හිස අනාරක්ෂිතව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි. 22 May 2022
රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ දී විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි. 22 May 2022
ලිට්රෝ ගෑස් සමාගමෙන් පරිගණක ‘යෙදවුමක්’ ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදවුමක්’ හදුන්වා දෙන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 22 May 2022
රියදුරු බලපත්‍ර ලක්ෂ 10 ක් හිරවෙලා රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වේ. 22 May 2022
අගමැති අරලියගහ මන්දිරේට නොයයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත. 22 May 2022
මුලතිව් කුරුදුමලෙයි විහාරයේ කැනීම් අවසන් මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ පැවැසූහ. 22 May 2022
ටවුමෙ පාලු ඉඩම් වලත් වවන්න යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් බෝග වගා කටයුතු සඳහා යොදා ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 22 May 2022
ගෑස්වලටත් මිල සූත්‍රයක් පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ලිට්රෝ සමාගමේ නිලධාරීන්ට නිර්දේශ කළේය. 22 May 2022
ජවිපෙ නායකයෝ හෙට පොලිස්පති හමුවෙති රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හෙට සදුදා උදේ හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය . 22 May 2022
තෙල් ඉවර වූ පසු ඉන්ධනහලේ හිමිකරුගේ නිවෙසට ගිනි තියලා ඉපලෝගම රණජයපුර ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ බෝගහඅක්කරය, කලාකරඹෑව නිවසට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි. 22 May 2022
ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට කැන්ගරු පාර්ලිමේන්තුවට ඕස්ට්‍රේලියාවේ 47 වෙනි පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (21) පැවති ෆෙඩරල් මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ උපත ලද කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය ජයග්‍රහණය කළාය. 22 May 2022
තවත් ඉන්ධන නෞකා 3 ක් ඉදිරි දින 10 දී ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් ඉදිරි දින 10 තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව සියලුම ඉන්ධන අඛණ්ඩව සැපයීමේ හැකියාව ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවැසීය. 22 May 2022
‘ජනපතිට ඔරවලා ඇමැතිකම් ගත්තු අය ගැන හිටපු ඇමැති විමලවීරගෙන් දෝස්මුරයක්‘ ජනපතිට ඔරවලා රවලා ගෝල්ෆේස් පිටියට හිස නමලා ඇමැතිකම් අරගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටක් රාජ්‍යයක් හදන්නේ කොහොමදැයි තමාට ප්‍රහේලිකාවක් බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 22 May 2022
‘ඖෂධ ගන්න රටවල් රැසක සහය‘ ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වන විට කැමැත්ත පළකොට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කරන ලද කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය. 22 May 2022
කැස්බෑව ඉන්ධනහලට ඉන්ධන දීම අත්හිටුවයි කැස්බෑව ඉන්ධන පිරවුම්හලට මේ වන විට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 May 2022
‘පාර වැසුවොත් ඉන්ධන නෑ‘ ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුවහොත් එම පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 May 2022
වජිරගෙන් තවත් හෙලිදරව්ක් සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත් වූ නමුත් දැන් ඒ දේ සිදු කෙරෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසී 22 May 2022
අරගලබිමේ තරුණයෙක්ට යකඩ පොල්ලකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට ගාලුමෝදර අරගල බිමේ සිටි තරුණයෙක්ට යකඩ පොල්ලකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ ආධාරකරුවකු වන ’’සතා නාලක ’’ (43) නැමැත්තා හෝකන්දර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2022
‘ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් සදුදා ගෙවනවා‘ ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් ලබන සදුදා ගෙවීමට බලාපොරොත්තු වන බවත් එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොගයක් නිර්මාණය වන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 22 May 2022
කෝටි 5 ක කේරළ ගංජා සමඟ දෙදනකු දැලේ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2022
තැනින් තැන අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 May 2022
සිසුසැරිය’ උපරිම ධාරිතාවයෙන් ධාවනයට උපදෙස් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සඳහා සියලුම ’සිසුසැරිය’ බස් රථ උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව උපදෙස් දුන් බව ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 22 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026