වැලිකන්දේදී ජිප් රියක් දුම්රියක ගැටේ මඩකලපුවේ සිටි පොළොන්නරුව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියට අද සවස 4.00 ට පමණ වැලිකන්ද දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් ගත් ජීප් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් යුවළගෙන් රියැදුරු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 12 January 2024
කන්දකාඩු ගුටිකෙළියෙන් 25ක් රෝහලේ: 50ක් පැනයති වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් අද (12) සවස ඇති කරගත් ගැටුමකින් රැඳවියන් විසිපස්දෙනකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 12 January 2024
ජාතික රෝහලේ රෝගීන්ට රෑ කෑම මධ්‍යම රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ ඊයේ (11) රාත්‍රී ආහාරවේල ලබා දී ඇත්තේ පස්වරු 11.30ට බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 12 January 2024
සී.අයි.ඩීයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. 12 January 2024
කෙහෙළියට සජබෙන් යළිත් විශ්වාසභංගයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද (12)පැවසීය. 12 January 2024
උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි අපොසස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය. 12 January 2024
තේ පෝර 8500ට බස්සයි තේ පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 January 2024
සියඹලාපිටිය අනුරට උත්තර දෙයි වර්ෂය ආරම්භ වී දින ගණනක් ගත වී ඇති මොහොතේ රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 January 2024
ස්වීට්සර්ලන්ත තානාපතිනී අධිකරණ ඇමති හමුවෙයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය Siri Walt මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 12 January 2024
ජනපති ලෝක ආර්ථික සමුළුවට යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි. 12 January 2024
අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක් පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 January 2024
ණය ගෙවා ගන්න බැරුව කාන්තාවෝ 200ක් සියදිවි හානි කරගෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකවූ පවුල් වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුනේදී සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවන්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 January 2024
ඉන්දීය මහකොමසාරිස් ගංගාරාමයට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ එම මැතිණිය කොළඹ ගංගාරාම විහාරස්ථානයට අද (12) පැමිණියහ. 12 January 2024
කොළඹ ප්‍රදේශ 5 කට පැය 16 ක් ජලය නෑ කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 12 January 2024
සියලුම මගී ප්‍රවාහන බස්වලට සී.සී.ටී.වී. කැමරා සවිකරයි කාන්තා සහ ළමා හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 12 January 2024
විදුලි බිල අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට යයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට අද (12) යොමු කරන බවත් එම යෝජනාවෙන් ජනතාවට සහනයක් ලැබෙනු ඇති බවත් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය. 12 January 2024
ලංකාව සැලකිය යුතු දියුණුවක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳව බලවත් ප්‍රසාදය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (Suzuki Shunichi) පැවසීය. 12 January 2024
ජනපතිට මුදල් වෙන් කිරීම ගැන අනුරගෙන් චෝදනාවක් ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි 130 ක් වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 January 2024
තෛපොංගල්වලට හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක් තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විහේෂ වැඩසටහනක් ලබන 15 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 12 January 2024
විදුලි සේවකයින් බියකර විදුලිය ගන්න ගිය මේජර් බිරිය-මිතුරා අත්අඩංගුවට විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයින් දෙදෙනෙකු ගේට්ටුව වසා හිරකර බල්ලන් ලිහා දමන බවට බියවද්දා විදුලි සැපයුම ලබාගැනීමට උත්සාහ කළ හමුදා මේජර් වරයෙකුගේ බිරිඳ ක් සහ මේජර් වරයාගේ මිතුරෙකු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 January 2024
කෙසෙල්වත්තේ ඝාතනයක් කොළඹ කෙසෙල්වත්ත මාටිස් පටුමගේ නිවසකට ඊයේ (11) රාත්‍රී කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් නිවෙස් හිමියාට තියුණු ආයුධවලින් පහරදී නිවස තුළම ඝාතනය කර පළා ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කියයි 12 January 2024
අල්ලස් චෝදනාවෙන් හිටපු සැරයන් නිදහස් රුපියල් 1500ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලද මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන් එම්.ඩි.සරත් විජයතුංග විත්තිකරු අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය . 12 January 2024
ඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1314 ක පොල්ලක් ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක් තවමත් ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 January 2024
ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 January 2024
විදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙන විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 January 2024
අලුත් මන්ත්‍රී දිවුරුම් දෙයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. 12 January 2024
බන්ධනාගාර නියාමක හෙරොයින් සමඟ අල්ලයි පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 12 January 2024
කඩ කාමර නිවාස පෙන්නා කෝටි දෙකකට විද්ද සැකකරු මාට්ටු පෑලියගොඩ වෙළඳ සංකීර්ණය කඩ කාමරයක් සහ කොම්පඤ්ඤවීදියේ අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසමින් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 12 January 2024
පාසල් සිසුවා මත්පෙති සමග මාට්ටු අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක 16 හැවිරිදි පාසල් සිසුවෙක් අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 12 January 2024
යුක්තිය’ තවත් 863 ක් අත්අඩංගුවට ගනී ’යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 863 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (12) පෙරවරුවේ පැවැසීය. 12 January 2024
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026