ලංකා සතොස භාණ්ඩ 9ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 02 April 2024
මාර්තු මාස සංචාරකයන් 209,181ක් ඇවිල්ලා විදෙස් සංචාරකයන් 209,181 ක් පසුගිය මාර්තු මස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පසුගිය දෙසැම්බර් මස සිට අඛණ්ඩව මාස හතරක සංචාරකයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යා බැගින් මෙරටට පැමිණි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය. 02 April 2024
ෆින්ලන්ත පාසලක වෙඩි තැබීමක් ෆින්ලන්තයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ. 02 April 2024
ඉඩම් හබයට මස්සිනා මස්සිනාගේ අත කපයි යාපනය වඩමාරච්චි තම්පසිට්ටි වට්ටුවාන් ප්‍රදේශයේ දී පවුල් දෙකක් අතර වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අතක් වෙන්වන සේ කපාදමා රැගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය. 02 April 2024
මත් රකුසාගෙන් සිසුන් රැකගන්න වැඩසටහනක් පාසල් ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ ’’සුරක්ෂිත හෙටක්’’ සමාරම්භක වැඩසටහන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) වන අද දින මරදාන අසෝක විද්‍යාලයේදී පැවැත්විණි. 02 April 2024
ඩීල් කාරයෝ සිරිසේනට මොනව කරයිද දන්නේ නෑ තම හදවතේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් කිසිදු පක්ෂයකට නොයන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 April 2024
රට පුරා 9000ක් පිපාසයේ පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866 ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 02 April 2024
’’රනිල් අලියගෙන් ආවොත් උදව් කරන්නේ නෑ’’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 April 2024
සුරාබදු අංශ හයක් සුද්ද කරයි මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නිලධාරීන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ විශේෂ අධීක්ෂණ ඒකක පහ සම්පූර්ණයෙන්ම ප්රතිසංවිධාන කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2) පැවසීය. 02 April 2024
කථිකයන් නැතුව මැති සබය නවතී බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 4 දක්වා කල්තැබිණ. 02 April 2024
නගර සභා කම්කරුවාගේ කණ පැලූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව කියන එම නගර සභාවේ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු මහනුවර මුල ස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 02 April 2024
රජයට අයිති දේ විකුණන්න එපා කීම වැරදි කතාවක් රජයට අයිති දේ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 April 2024
කතානායක කියූ දෙයක් ගැන විවාදයක් ඉල්ලයි විදෙස් රටවලට අවශ්‍ය ලෙස ලංකාවේ ඉරණම් කතාව ලියන්න කැස කැවූ බලවේග ගැන කරුණු ආවරණය කර ගැනීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (2)පැවසීය. 02 April 2024
විස නැවට මැතිසබේ විරෝධයක් ඇමරිකාවේ සිට ගමන් අරඹා ඇති ඩාර්ලි නමැති නෞකාව අන්තරායකර අපද්‍රව්‍ය කන්ටේනර 764ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති හෙයින් මහ විනාසයක් වීමට පෙර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 April 2024
මාලිගාවත්ත පාලමක් යට ගිනි අවියක් මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 02 April 2024
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ පත්කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර ඇත. 02 April 2024
බඳ ලොකු ගුවන් යානා හතරක් ලංකාවට සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2024
චන්දිමාල් තරඟය අතහැර දමා ගෙදර එයි බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරඟයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ජේෂ්ඨතම පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් තරඟයෙන් ඉවත්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 April 2024
වතු ජනතාවට ඉඩම් අයිතිය දෙයි වතු ජනතාවට ඉඩම් හිමිකම ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 April 2024
ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2024
සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2024
අලුතින් සරසවි ඇඳුරන් බඳවාගන්න අවසර විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන් ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇතැයි ව්ශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 02 April 2024
බහින්බස් වීම ඝාතනයෙන් කෙළවරවෙයි කලවාන නගරයේ පෞද්ගලික වාහන අලුත්වැඩියා කරන ආයතනයක් අසලදී අද ( 02) තියුණු ආයුධයකින් පුද්ගලයකු පහරදී ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . 02 April 2024
දෑත් ගැටගසා වැලි උරයක් එල්ලූ සිරුරක් මූතූර් කළපුවක දෑත් සහ දෙපා ගැටගසා දෑත්වල වැලි උරයක් එල්ලා මුතූර් කලපුවක ගිල්වා මරා දමන්නට ඇතැයි සැක කරන පුද්ගල සිරුරක් බහිරියා නගර් කලපුව ප්‍රදේශයේ තිබී සොයාගත් බව මුතූර් පොලිසිය පවසයි. 02 April 2024
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 April 2024
මහ බැංකු පනතට ආණ්ඩුවෙන්ම විරෝධය ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල වැඩි කෙරෙන ශ්‍රී ලංකා මහා බැංකු සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 02 April 2024
සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක් සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරානය චෝදනා කරයි. 02 April 2024
ඉම්රාන්ගේ 14 වසරක සිරදඬුවම් අත් හිටුවයි රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි විකිණීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට ලබා දී තිබූ වසර 14 ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය අද (01) අත් හිටවීය. 01 April 2024
දෙහිවලදී සැප රියක් ගිනි ගනී කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වු නවීන පන්නයේ මෝටර් රථයක් දෙහිවල ගුවන් පාලම මතදී හදිසි ගිනි ගැනීමට ලක්වූ දෙහිවල පොලීසිය කියයි. 01 April 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025