පෙම් සබඳතාව නැවතුවැයි පෙම්වතියට පොල්ලෙන් ගහලා ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකදී පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට පොල්ලකින් අද (05) පහර දීමෙන් අනතුරුව පෙම්වතිය රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇතැයි සිරිපාගම පොලිසිය පවසයි. 05 December 2024
වගා වනසන සතුන්ට ගොවි බිමේදී ඕන දෙයක් කරන්න තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීති බාධාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2024
විදුලි බිල අඩු කරන යෝජනා මහජන කොමිසමට හෙට විදුලි බිල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩය පවසයි 05 December 2024
දෙමෝදර බිංගෙයේ අභිරහස් මළ සිරුරක් උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 දුම්රිය බිංගෙය තුල තිබූ අභිරහස් ලෙස මියගිය තරුණයකු ගේ මළසිරුරක් අද (5) සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි . 05 December 2024
ආහාර විස වී ඇගලුම් සේවක සේවිකාවන් 50ක් රෝහලේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ , කම්හල මගින් ලබා දුන් උදෑසන ආහාර අනුභව කිරීමෙන් පසුව , අද (05) දින උදෑසන 09.00 පමණ සිට රෝගාතුර වීම නිසා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ . 05 December 2024
බාර් ලයිෂන් දෙන්න නිර්දේශ කළ අයගේ නම් කියන්න මත්පැන් බලපත් ලබා ගත් අයගේ නාම ලේඛනය මෙන්ම ඒවා ලබාදෙන්නට නිර්දේශ කළ දේශපාලනඥයන්ගේ නම් ද ඉදිරිපත් කරන්නැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2024
රනිල්ගේ ගානම අනුරත් වෙන් කරගෙන 2024 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ෂයට රනිල් වෙන්කර කරගත් මුදලම 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා අනුර දිසානායක ජනාධිපතිවරයාත් වෙන් කරගෙන තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(සජබ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2024
ලක්ෂ 60 ක දේපල සොරා ගත් සංචාරක මඟපෙන්වන්නෙකු අල්ලයි භාෂා 7 ක හසල දැනුමක් ඇති සංචාරක මඟ පෙන්වන්නෙකු රුපියල් ලක්ෂ 60 කට අධික සොරාගත් දේපළ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි 05 December 2024
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා එයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (05 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . 05 December 2024
කඩ සුද්දෙක් මාට්ටු දිවා කාලයේ දිවයිනේ විවිධ නගරවල සැරිසරා සොරා ගැනීමට සුදුසු වෙළඳසැල් පිළිබඳව සොයා රාත්‍රී කාලයේදී පැමිණ වෙළඳසල්වල අගුල් කඩා මහාපරිමාණයෙන් සොරා ගැනීම් සිදු කළ බව කියන තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත් අඩංගුවට ගත් බව යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත්ව ඇත. 05 December 2024
රක්වානේ ගිනි අවි කම්හලක් වටලයි නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදන කම්හලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු ගිනිඅවි නිෂ්පාදන සැකිලි කොටස් සහ ගිනි අවි කොටස් සමඟ රවක්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 05 December 2024
රේණුක පෙරේරා අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 05 December 2024
හන්තානේ අතරමං වූ සිසුහු 10ක් බේරා ගැනෙති කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමකින් අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරා ගත් බව පොලිසිය කියයි. 05 December 2024
සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. 05 December 2024
පළාත් කීපයකට අද සවස වැසි උතුරු සහ නැගෙනහිර පළාත්වත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 December 2024
සහල් දැඩි හිඟයක් මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති. 05 December 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ් අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය. 04 December 2024
පාර්ලිමේන්තුවේ තුන්වන මහලේ හටගත් ගින්න නිමා දමයි පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබීය. 04 December 2024
බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය. 04 December 2024
ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 04 December 2024
මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 04 December 2024
ජනපති- ලෝක බැංකු විධායක අධ්යක්ෂ හමුවක් රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. 04 December 2024
අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය. 04 December 2024
අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රී ලංකීය ධීවරින් එකොළොස් දෙනා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) අවසර ලබා දී ඇත. 04 December 2024
දරුවන් පහක් හැදූ බව කාත් කවුරුත් නැතිව අවසන් ගමනේ දරුවන් පස් දෙනකු මෙලොවට බිහි කළ මවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ හේතුවෙන් හොරොව්පොතන රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආගමික වතාවත් සිදුකොට ඇයගේ මෘත දේහය හොරොව්පොතාන පොදු සුසාන භුමියේ මිහිදන් කිරිමට පියවර ගත්තේය. 04 December 2024
අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය අදාල චෝදනා වලින් ඇයව නිදහස් කිරීමට අද තීරණය කළේය. 04 December 2024
මෙන්ඩිස් සමාගමේ පෙත්සම විසි වෙයි හිඟ සුරා බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. 04 December 2024
කලින් ආණ්ඩුව රට හාල් ගෙන්වා කෝටි 1500ක් නැති කළා එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින් රුපියල් කෝටි 1500කට වඩා රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
ජාතික සමගිය ගේන්න බැරිවීම ගැන හැම පක්ෂයක්ම වගකිව යුතුයි වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026