
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි (27 සහ 32) වයසේ පසු වන දෙදෙනෙකු බව පොලීසිය කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත යතුරු පැදි ලබාදෙන ස්ථානයක් පිළිබඳව ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මාදම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයඑන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd