තැඹිලි අපනයනට ’’හෙනහුරෙක්’’ පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 16 June 2024
ජේලර්වරයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ දෙවන පෙල ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 16 June 2024
ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරඟාවලියේ ශූරයෝ කටුනායකට 15 වන ජාත්‍යන්තර ලෝක වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික වෙඩි තැබීමේ ශූරයින් රන් පදක්කම් 06 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගෙන අද(16) සහ ඊයේ(15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 16 June 2024
බිරිය සමඟ ඩාන්ස් කළැයි ගෙල කපා මරලා ඇඟලුම් ආයතනයක සේවය කරන තරුණියක එම ආයතනයේම තවත් තරුණයකු සමග සංගීත ප්‍රසංගයකදී නර්තනයක යෙදුණේ යැයි කියන සිද්ධියකට උරණ වූ තරුණියගේ සැමියාගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ තරුණයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 16 June 2024
විටින් විට තැනින් තැනට පොඩි වැස්සක් බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 June 2024
ත්‍රි‘මලේ දුම්රියේ නියාමක මඟ හැලෙයි කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරියේ කියයි . 16 June 2024
ටිකිරි මැණිකේ වටගොඩ පාලම උඩ පීලි පනී කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක් වීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16)කොළඹ කොටුව හැටන් සහ බදුල්ල නානුඔය දක්වා සිමා කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 16 June 2024
උණුසුම වැඩිය: හජ් වන්දනාකරුවෝ 6 ක් මැරිලා සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි. 16 June 2024
රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති. 16 June 2024
මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක් අභිනවයෙන් ඉදිකරන ලද මහල් දෙකකින් යුත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින විවෘත කෙරැණි. 15 June 2024
යුක්රේන තරුණිය ඔහිය බිංගෙයක හැපේ කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි. 15 June 2024
අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වෙයි. වඳුරු උණ හැදින්වෙන්නේ එම්.පොක්ස් යනුවෙනි. 15 June 2024
කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටී පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී වූවාය. 15 June 2024
නාමල්ගෙන් සජිත්ට අනුරට උත්තරයක් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. 15 June 2024
තෙල් මිල අඩුවීමේ වාසිය පිල්ලි ගිහින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය. 15 June 2024
ක්‍රිකට් ආයතනයේ නව පනත් කෙටුම්පත ජනපතිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය. 15 June 2024
කටුගේ ගිනි ආරක්ෂාව වැඩ බැරි ටාසන් කෙනෙකුට දීලා කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම වැඩ බැරි කොන්ත්‍රාත්කරුවකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි නවයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 15 June 2024
සිසුවාගේ පිහි පහරින් සිසුවා රෝහලේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක් සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර පොලිසිය පවසයි . 15 June 2024
මහා පොහොර වංචාවක් අධිකරණයේදී එළියට රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ පොහොර මිටිය පුද්ගලික අංශයට 3500කට විකුණා අයුතු ලාභයක් ලබාගෙන තිබියදී එම පොහොර රුපියල් 1100කට ගොවි ජනතාවට ලබා දුන් බව පවසා රජයෙන් රුපියල් 1400ක සහනයක් ලබාගෙන රජයේ මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ප්‍රධාන පෙළේ පොහොර සමාගම් හතක සහ ඊට අනුබල දුන් සිල්ලර කඩපහක(කොළඹ පෙට්ටිකඩ)බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කළේය . 15 June 2024
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2024
කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා ’ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දියාවත් කැනඩාවත් අතරේ විරසකයක් පවතිද්දීය. 15 June 2024
ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක් ඉතාලියේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි. 15 June 2024
කුලි නිවෙස් හිමියන්ටත් බද්දක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. 15 June 2024
රෝයල් පාක් ඝාතකයා ගෙන්න නීතිපති සහය පතයි රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 15 June 2024
මිහින්තලය කෝච්චිය පොසොන් දා සිට වැඩ වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය යළි ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පැවැසීය. 14 June 2024
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් අල්ලයි රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් භාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට අද (14) දින ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමත් වූහ. 14 June 2024
කෝටි 200ක කුඩු සමග ධීවරයෝ හයක් මාට්ටු ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200කට අධික විශ මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබිමට රැගෙන එමින් සිටි ධීවරයන් හය දෙනකු නාවික හමුදාව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 14 June 2024
’’පාස්කු කමිටුව පිළිගන්නේ නෑ’’ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීනගත් ක්‍රියාමාර්ග විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද(14) පැවසීය 14 June 2024
හොඳම අධ්‍යාපන ක්‍රමයක් දරුවන්ට දෙනවා අනාගතයට ගැලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රටේ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2024
උද්දිකගේ නාටකයේ ඒ.එස්.පී ගේන්න උසාවියේ පිහිට පතයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි. 14 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025