ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු හිතා මතා මකලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතා මතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය. 03 December 2024
දකුණු කොරියාවට හමදා නීතිය පනවයි දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය. 03 December 2024
මඩොල්සිම පාරට ගල් කුට්ටියක් පාත් වෙයි මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දි අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි . 03 December 2024
වෙන්නප්පුවේ ගමක් තෙමසක් තිස්සේ යටවෙලා අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් පවුල් 60 ක පමණ ජනතාවක් දැඩි පිඩාවට පත්වි සිටිති. 03 December 2024
සෙල්ෆි ගන්න ගිහින් විදෙස් කත කෝච්චියෙන් වැටිලා ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි . 03 December 2024
’අස්වැසුම’ එකවරක් අයදුම් කිරීම ප්‍රමාණවත් ’අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම වැඩසටහනට මේ දක්වා ඉල්ලුම් නොකළ පවුල් හා තැනැත්තන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට මේ මස 9 වැනිදා දක්වා කාලය ලැබෙන බවත් සුභ සාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පැවසීය. 03 December 2024
ගසක ගෙඩි කෑ මාවනැල්ලේ පාසල් ළමුන් අටක් රෝහලේ මාවනැල්ල මහාවිද්යාලයක භුමියේ වගාකාර ඇති ආදර්ශ ඖෂධ උයනේ ඖෂධ ශාඛයක ගෙඩි කෑ බව කියන සිසුන් අටදෙනෙක් වමනේ යෑම සහ බඩඑළියේ යෑම හේතුවෙන් අද (03) පස්වරුවේදි මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව රෝහල ආරචිමාර්ග සඳහන් කරයි. 03 December 2024
මං කාටවත් ගැහුවේ නෑ තමා කාටවත් පහර දුන්නේ නැතැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
ඊ - පාස්පෝට් ඇණවුම ගැන සොයයයි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (ඊ-විදේශ ගමන් බලපත්‍ර) ලක්ෂ 50ක් මිලදී ගැනීම සඳහා පසුගිය පාලන සමයේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (02) දැනුම් දුන්නේය. 03 December 2024
මාර්ග හැදූ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන සල්ලි ගන්න පරිපූරකයක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ වන මාර්ග ව්‍යාපෘති වලට 2024 වර්ෂය සඳහා පරිපූරක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
වරප්‍රසාද කපන හැටි අධ්‍යයනය කරනවා මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාලව පත් කරන ලද කේ. ටී. චිත්රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (3) පැවසීය. 03 December 2024
පුංචි ඡන්දෙ නාම යෝජනා නැවත කැඳවන්න නීති හදයි 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
ලක්ෂ 10ක කොල්ලු කැලණියෙන් අල්ලයි ඇසුරුම් කළ දිනය සහ භාවිත කළ යුතු කාල සීමාවක් යන කිසිදු තොරතුරක් නොමැතිව රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් කොල්ලු ටොන් තුනක් හෙවත් කිලෝග්‍රෑම් 3,000 ක පමණ තොගයක් කැලණිය ප්‍රදේශයේ ගබඩාවක තිබී භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 03 December 2024
ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවේ ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව නොවැම්බර් මස ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (3) පැවසීය. 03 December 2024
ආනයන බලපත්‍ර නොගෙන හාල් රටින් ගේන්න අවසර දෙයි ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 December 2024
විපක්ෂ නායක ලේකම් පත් කරයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්. ජී. සී. එස්. රණසිංහ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ගේන්න කැබිනට් අනුමැතිය අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
අස්වැසුම ලැබෙන අයට අස්වැසුමක් අස්වැසුම සුබ සාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
රාජකීය සිසුවා රූබික්වලින් ලෝක වාර්තාවක් තියයි රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට ’’ චෝලන් ’’ ලෝක වාර්තාවක් තැබීමට වයස අවුරුදු 11දරුවකු සමත්විය. 03 December 2024
රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
නිදහස් උළෙළ සංවිධාන කරන්න ජනපති අගමැති කමිටුවක් 2025 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 77 වන නිදහස් දින උත්සවය සංවිධාන කටයුතු සඳහා ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැති ලැබී ඇත. 03 December 2024
දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්‍ය සැපයුම් ගන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 December 2024
මහනුවර දිසාපති පත් කරයි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 December 2024
අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක් අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය. 03 December 2024
’’මට ජනපති ගැන සතුටුයි’’ වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක් හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. 03 December 2024
එළවලු තොග මිල පහළට ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති. 03 December 2024
අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
’’රනිල්ගේ ගිවිසුමේ අහිතකර දේ ඉවත් කරන්න සහයෝගය දෙනවා’’ අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026