
(යොහාන් භාසුර)
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කළ බව එම සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (22) පැවසීය.
රේගු වෘත්තිය සමිති සන්ධානය එළඹි එම තීරණය එහි සියලු සාමාජිකයන්ට අද පෙරවරුවේ දැනුම් දුන් බව කී එම නිලධාරියා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ක්‍රියාකළාපය පිළිබඳව එකඟ වියනොහැකි බව ද සඳහන් කළේය.
වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කර නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයා සමඟ ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා කීය.
වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තව දුරටත් කටයුතු කරන්නේ නම් රේගුවේ කටයුතුවලට බාදාඇතිවීම වැලැක්විය නොහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
’’රේගු අධ්‍යක්‍ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’
Don perea Wednesday, 22 January 2025 09:25 PM
ලංකාවේ ලොකුම හොරු ඉන්න තැන.
Nimal Wednesday, 22 January 2025 09:52 PM
සක්කරයා ආවත් ඔය හොර ගුහාව. හොර ගුහාවම තමයි.
sakra Thursday, 23 January 2025 05:52 AM
හේතුව හරි සරලයි . මුන්ගේ හොර වැඩවලට හරස්වන ඕනෑම කෙනෙක් එක්ක මුන් පැටලෙනවා . වෙනත් රටවල නම් කස්ටම් එකේ නිලධාරීන් කියන්නේ තවත් සාමාන්‍ය පුද්ගලයින් වර්ගයක් විතරයි නමුත් අපේ රටේ උන් හිතාගෙන ඉන්නේ උන් හරි පොරවල් කියලයි . පු.ට දෙකක් ගහල පන්නල මෙවදෙට හමුදාව දාල කරගෙන යන්න පාලකයින්ට කොන්දක් නැහැනේ . අර සිය ගෙනාපු නිතිය තියෙන නිසා මුන්ගේ වත්කම් පිළිබඳව දිගට හරහට නඩු ගොනුකරන්න දැන් මහනතාවට පුළුවනි . මුන්ගෙන් ඇති බහුතරක් නීතිවිරෝදී වත්කම් උපයාගෙන ඇති බව ඉතා පැහැදිලියි.
AnuraThursday, 23 January 2025 10:38 AM
වෘත්තීය සමිතිවලට අනුයුක්තව සිටින රේගු නිලධාරීන් විශ්වාස නොකරන්න, වසර 5 කට පෙර ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් පැමිණි මගේ සහය නොදක්වන ගමන් මලු ලබා ගැනීමට එම පහසුකම්වලින් එකකට ගිය විට, පාරිභෝගිකයා මගේ කාලය අවසන් / සවස 3 ට පමණ යැයි පවසමින් මගේ විදේශ ගමන් බලපත්‍රය මා ඉදිරිපිටට විසි කළේය. මම ඔහුව ඉහළ නිලධාරියෙකුට පැමිණිලි කර ඔහුව වරදට ගෙන ගිය අතර ඔහු මට සඳහන් කළේ සමාවෙන්න, මේ යුනියන් කාරයෙක් සහ ඔහුගේ බලය පෙන්වමින්. මට සමාවෙන්න කියලා ඔබට නැවත නැවතත් කියනවා. සරල තීරුබදු හඳුන්වා දීමෙන් ඒ මුළු පොකුරම ඉවත් කිරීමට කාලයයි.