බස් - බස් රේස් ගිහින් අනතුරක් කළාට වසර 13ක් හිරේට ලංගම බස් රථයක් සමග තරගයට ධාවනය කරන අතරතුර ලංගම බස් රථය පසුකර යෑමට උත්සාහ කිරීමේ දී මඟීන් හත් දෙනකුට මරුකැඳවමින් තවත් 25 දෙනකු ආබාධිත තත්වයට පත්කරමින් පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ බෝක්කුවකින් පහළට පෙරළීමේ පෞද්ගලික බස්රථ අනතුරේ රියැදුරුට වසර 13 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය රුපියල් 55,800/-ක දඩයකටද ඔහු යටත් කළාය. 13 June 2024
උද්දිකගේ රංගනය අතේ පත්තු වෙයිද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. 13 June 2024
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමතයි ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. 13 June 2024
‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘ ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවැසීය. 13 June 2024
දුම්රිය පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද (13) දින පස්වරු 3.40 ට පමණ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. 13 June 2024
ගොයම කහ නම් බණ්ඩි යොදන්න ගොයම කහ වීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර යොදන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 13 June 2024
සරසවි නවක සිසුන් ගන්න අයදුම්පත් මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ව2023 විභාගය සමතුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අයදුම්පත් හෙට (14) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් බාර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. 13 June 2024
ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දීමක් ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 June 2024
රටින් ගෙනාපු බෙහෙත් වල කොලිටිය බලලා නැහැ පසුගිය 2012 සිට 2023 දක්වා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ ඖෂධ 1730කින් 1646ක් සාම්පල පරීක්ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 13 June 2024
තෙවැනි වාරිකයට IMF අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලබා දීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව ඊයේ (12) පැවැති රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 13 June 2024
දැරියට පහරදුන් සුළු පියා රිමාන්ඩ් මීගොඩ ගොඩගම ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම දැරියගේ සුළු පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (13) දින නියෝග කලාය. 13 June 2024
පීලිපැනීමෙන් අවහිර වූ මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් විවෘත කරයි පානදුර දුම්රිය පීලිපැනීමෙන් අවහිරවූ එක් මාර්යක් විවෘත කර තිබේ. 13 June 2024
පොලිසියේ හිටපු ලොක්කෝ රවීට - ශානිට එරෙහි වෙති හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් ජාතික ජන බලවේගයට එක්වීමට විරෝධය පළකරමින් විශ්‍රාමික පොලිස්පතිවරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ එකමුතුවක් කෝට්ටේ සෝලිස් හෝටලයකදී අද මාධ්‍ය හමුවක් පැවැත්වීය. 13 June 2024
අවුරා සභාපතිට විශේෂ ප්‍රකාශයක් දෙන්න අවසර රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කපප්මක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුගේ ඉල්ලීම ලබන 18 සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(13) දන්වා සිටියාය. 13 June 2024
මහනුවර ගිනි පෙට්ටි කර්මාන්තකරුවෝ විරෝධයක විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට විනාශවන බව පවසමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධයක් මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත විය. 13 June 2024
වෑන්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි. 13 June 2024
තැපැල් සේවක විරෝධයක් සේවක හිඟය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද දහවල් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 13 June 2024
ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මාස 03 ක කාලයක් තුළ විදේශ ගත වීමට අවසර දුන්නේය. 13 June 2024
සේවක වර්ජනයෙන් තැපැල කොට උඩ සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් ඊ්යේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අද (13) වසා දමා තිබේ. 13 June 2024
සමෘද්ධියට නව පණක් දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 13 June 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වෙයි පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ. 13 June 2024
නව හැවිරිදි දැරියට පහරදුන් සුළු පියා අත්අඩංගුවට නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 13 June 2024
අල්ලස් ගත් වාරි ඉංජිනේරු-රියදුරු කොටුවෙයි අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 02 ක් සිය රියදුරා ලවා ලබාගනිමින් සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු සහ මුදල් ලබාගත් රියදුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අක්කරපත්තුවේ දී අත්අඩංගුවට ගෙන ඇත. 13 June 2024
අදත් වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 June 2024
‘‘අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වෙලා‘‘ 2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ අයවැය පොරොන්දු වල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 13 June 2024
මිහින්තලේ හිමිගේ පැමිණිල්ලට පොලිස්පතිගෙන් නියෝගයක් පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය. 13 June 2024
කුවේට් ගින්න 49 ක් බිලි ගනී කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිවූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඉන්දියානුවන් බව පැවැසෙයි. 13 June 2024
පුත්තලමේ වැඩිහිටි දීමනාවෙනුත් යටි මඩි ගහලා වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවැසීය. 13 June 2024
හිතුමතේ කෙරෙන කැසිනෝවලින් රජයට කෝටි ගණනක පාඩුවක් නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 13 June 2024
නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස් මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12) නියෝග කළේය. 12 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025