මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය. 02 December 2024
විපතට පත් ධීවර - ගොවීන්ට කඩිනමින් වන්දි ආපදාවෙන් විපතට පත් ධීවර සහ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම් කටයුතු කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා කොලඹදී පැවසීය. 02 December 2024
විශාකා බාලිකාවෝ සරුංගල් යවති කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි . 02 December 2024
දේශපාලකයෝ නෑ:රෝහල් වාට්ටුව රෝගීහු විවෘත කරති මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රෝහලේ මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගින් දෙදෙනකුගේ අතින් ඉකුත් දා ජනතා අයිතියට පත්කරනු ලැබිය. 02 December 2024
බස් අනතුරින් කතක් මරුට මොණරාගල සිට කොළඹ බලා පරණපාරේ අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් හංවැල්ල නගරයේදී අද (02) කාන්තාවක් යටකර මරුමුවට පත් කර අධිබලැති විදුලි කණුවක් ද කඩාගෙන පාරෙන් ඉවතට පැන නැවතී ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 02 December 2024
ඉසුරුපාය ඉදිරිපිට කලබල කළ හතරක් රිමාන්ඩ් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතා පවත්වමින් කළ බල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවු දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ වැඩ බල මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය. 02 December 2024
බදුලු දුම්රිය නාවලපිටියෙන් නවතී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගි දුම්රිය නාවලපිටිය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසියි. 02 December 2024
කාන්තා - ළමා කටයුතු ලේකම් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර ඇත. 02 December 2024
මහාධිකරණ විනිසුරු මඩුල්ලට අලුත් නිලධාරීන් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2025 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී. 02 December 2024
ඉසුරුපායේ කලබල කළ හතරක් අත්අඩංගුවට පාසල්වල සේවය කරනු ලබන සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට බදවා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී එකමුතුව අද (2) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපනය අමාත්‍යංශය අසලදී සිදුකළ විරෝධතාවයේදී පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 02 December 2024
ඩෙංගු මඩින්න කියුබා සහය ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීම සඳහා කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර ඇත. 02 December 2024
’’කෝඩුකාරයින්ට වැඩි දුරක් යන්න බෑ’’ ජාතික ජන බලවේගයේ ඇමැතිවරුන්ගේ අද්දැකිම් විරහිතභාවය හේතුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා ඉක්මනින් වර්තමාන ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය. 02 December 2024
තදබදය හොයන්න අද සිට යළි ඩ්‍රෝනා රථ වාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (2) සිට යළි ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි 02 December 2024
අන්තර් ජාලයේ බොරු වැපිරූ තරුණයාට ඇප පසුගිය දින යාපනයේ පැවැත්වූයේ යැයි කියන එල්ටීටීඊ මහවිරු සමරුව ට අදාල ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් රට තුළ හා ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමට තැත් කළේ යැයි කියන කොළඹ 10 පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(02) නියෝග කළේය. 02 December 2024
'මට VIP පුටු එපා' ‘ඇමතිවරු, මන්ත්‍රිවරුන් එනවා කියලා මින් පස්සේ කිසිම රැස්විමකට අනවශ්‍ය වියදමක් කරන්න ඒපා. මගේ සියලුම උත්සව වල වියදම අඩු කරන එක ගැන ආයතන දැනුවත් කරන්න සුදානමින් ඉන්නේ. අපිට වි.අයි.පී.පුටු ගෙන්න ඒපා අනිත් අය වාගේ අපිටත් ප්ලාස්ටික් පුටුවක ඉදගන්න පුළුවන් අය’ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති චන්දන අබේරත්න මහතා පැවසිය. 02 December 2024
සංවර්ධන නිලධාරීහු ‘ඉසුරුපාය’ වටළති සංවර්ධන නිලධාරීන් කණ්ඩායමක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැන් පවත්ව උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බව වාර්තා වේ. 02 December 2024
අස්වැසුමට දිගු පෝලිම් නව රජය යටතේ අස්වැසුම් දෙවන අදිරයේ අයදුම්පත් ලබා ගැනිමට සදහා නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටි විශාල පිරිසක් අද (02) රැස්ව සිටින අයුරු දක්නට ලැබුණි. 02 December 2024
ඉන්දීය මහ කොමසාරිස්- කතානායක හමුවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු විය. 02 December 2024
සම්පන්දන්ගේ බංගලාවත් බාරදෙයි හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට රජයෙන් ලබා දී තිබූ නිල නිවස ඔහු මිය ගොස් මාස පහකට පසුව ඒ මහතාගේ දියණිය විසින් අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට භාරදී ඇත. 02 December 2024
නව අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (2) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. 02 December 2024
ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය. 02 December 2024
කඩුවකින් කපා කොටා ගොවියා ඝාතනය කරලා වවුනියාව, පරමන්කුලම, සෙමඩු ප්‍රදේශයේ ගොවියකු කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අද (02) අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය කියයි. 02 December 2024
ඉසුරුපායේ ලක්ෂ 51 ක තඹ පටි සොරාගෙන බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ 51 ක් වටිනා වටිනා තඹ පටි තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයන් අට දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බව තලංගම පොලිසිය කියයි. 02 December 2024
බයිඩන් පුතුට සමාව දෙයි ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත. බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බයිඩන්ට සමාව දීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චා්දනා නගති. 02 December 2024
සැකකරු පොලිස් සිර මැදිරියෙන් පලා යයි ගංජා ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පේසාලේ පොලිසියේ සිර කූඩුවේ සිටි සිව් දෙනකුගෙන් එක් සැකකරුවෙකු ඊයේ (1) පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පේසාලේ පොලිසිය පවසයි. 02 December 2024
වැස්ස අඩුවෙයි උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 December 2024
උඩරට මඟේ දුම්රිය ධාවනය පෙර පරිදිම වැසි සමඟ උඩුවර 7කණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය අද (2) අලුයම සිට සාමාන්‍ය පිරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 02 December 2024
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 01 December 2024
පාර්ලිමේන්තු ආහාර මිල වැඩිවිය යුතුයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර කිසිම දිනක ලබා නොගන්නා බව හෝ රජය වාහන ලබා ගන්නා බව ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කිසිම දිනක ප්‍රකාශ කර නැතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. 01 December 2024
මහවිරු සැමරු ප්‍රචාරය කළ 4 ක් අත්අඩංගුවට ගනී එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් ප්‍රචාරය කරමින් මහජනයා නොසන්කිරීමේ චෝදනාවට පුද්ගලයන් සිවුදෙනෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ යාපනය ඒකකය අද (1) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 01 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026