අනධ්‍යයන සේවක වර්ජනයට දින 44 තවමත් විසඳුම් නෑ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීර්ඝ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක ප්‍රායෝගික පරීක්ෂණ අඩාලවීමෙන් සිසුන් විශාල පිරිසක් ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 12 June 2024
දැරියක පැහැරගෙන බංකරයක හංගාගෙන බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් මවුපියන්ට පහරදී නිවෙසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැවිරිදි දැරියක පැහැරගෙන යෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෝ තිදෙනෙක් බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 June 2024
ලයිටරයක් නිසා ගිනි පෙට්ටිය නැති වෙයිද? විදෙස් රටවලින් ගෙන්වන ලයිටර් විශේෂයක් නිසා මෙරට දේශීය ගිනිකූරූ නිෂ්පාදන ආයතන වලට යන එන මං නැතිවී ඇතැයි එම ආයතන හිමිකරැවෝ පවසති. 12 June 2024
කුකුල් චමින්ද නීතියේ රැහැනට කොටු කළ තරුණයාට මුදල් ත්‍යාගයක් වැලිඔය පොලිස් වසමේදී කුඩා දැරියකට අමානුෂික පහරදීමේ සිද්ධිය වීඩියෝ කර සැකකරු අනාවරණය කරගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදුන් තරුණයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ එම වින්දිත දැරියට රුපියල් 250,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්රධානත්වයෙන්අ ද(12) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණ. 12 June 2024
ස්විස්ටලන්ත කෞතුකාගරයක තිබු ආදීවාසී අස්ථි කොටස්-කෞතුක භාණ්ඩ යළි ලංකාවට ස්වභාව දහමේ රස කොටස්වලින් ඇට, මස්, නහර හැදුණු ආදි වාසී ජනතාව මේම පොළොවට ණය ගැති වන අතර ඒ ණය ගෙවාදැමීමට මේ භූමියේ මිහිදන් කළ යුතු බවත් පරපුරේ නායකයා ලෙස ස්විස්ටර්ලන්තයේ සිට රැගෙන ආ මෙරට ආදිවාසී ජනතාවගේ අස්ථි කොටස් ඒ ණයෙන් නිදහස් කිරීම සිදුකරන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පැවැසීය. 12 June 2024
මරණ දඬුවම් නියම වු මත් ජාවරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් අධිකරණ බාරයට මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධ නලින් සුරංග චූදිතගේ බවට සැක කරන රුපියල් ලක්ෂ හැටපහක මුදලක් අධිකරණ බාරයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය. 12 June 2024
ධීවර ලේකම් බංගලාවේ සියලු සේසතටම සුද්දෙ දීලා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙන්කර තිබූ නාරාහෙන්පිට මුහන්දිරම් ඊබී දාබරේ මාවතේ නිල නිවසේ දොර ජනෙල් අගුළු සහ සවිකිරීම් සියල්ල ගලවාගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 12 June 2024
පාස්කු බුද්ධි තොරතුරු ගැන හොයන්න ජනාධිපති කමිටුවක් පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 12 June 2024
එක්දරු මව දියරකුසාට බිලි සිය පිරිමි දරුවා පහ වසර ශීෂ්‍යත්ව උපකාරක පංතියකට ඇරලවා කෙටි පාරකින් නිවස කරා ගමන් කළ ගිය 34 හැවිරිදි මවකගේ සිරුර මාටුවාගල දැල්වත්ත මාර් ගයේ කුරුගඟ ආසන්නයේ ජලයේ තිබී සොයාගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි. 12 June 2024
කතුන් අලෙවි කළ නිලියක ඇතුළු හතරක් කොටුවෙයි ජනප්‍රිය නිලියන් සහ සුරූපී කාන්තාවන් රුපියල් 30,000 සිට ඉහළ මිලට ගණිකා වෘත්තිය සදහා යෙදවූ බව කියන සරාගී චිත්‍රපට නිළියක් ඇතුළු කාන්තාවෝ 4 දෙනෙක් මොරගහහේන කෝරළයිම, දෙමටහැත්ත ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 June 2024
ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කළ ලාංකිකයන්ට ඉතාලියේදී වැඩ වරදී වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියකින් සැකසූ, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්‍රා සහිත සහතිකපත් ඉදිරිපත් කරමින් ඉතාලිය පුරවැසිභාවය ඉල්ලුම් කළ ශ්‍රී ලාංකිකයන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇත. 12 June 2024
ලයිට් බිල අඩු කෙරෙන දිනය ගැන ඉඟියක් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුමැතිය ලබාදීම ලබන මස මැද භාගයේදී සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 12 June 2024
බිබිලේ අනතුරකින් තුනක් මරුට බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම දී බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 June 2024
ජනපති සාර්ක් මහ ලේකම් හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 12 June 2024
ඡන්දෙ කල් දානවට පොහොට්ටුව විරුද්ධයි මැතිවරණ කල්දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්ෂ විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා එක කථාවක් ද, එහි ලේකම්වරයා තවත් කථාවක් ද, කියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (12) පැවසීය. 12 June 2024
නෙළුම්මල් කඩන්න ගිය පුතා වැවේ සැඟවේ ඇතිමලේ පොලිස් වසමට අයත් තෝරඅතුපිටිය වැවේ නෙළුම්මල් කැඩීමට ගිය පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි. 12 June 2024
බඹර ප්‍රහාරයකින් කැකිරාව පාසලක 35ක් රෝහලේ පාසැල නිමවීමට ආසන්නව තිබියදී එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඉහළ කාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 12 June 2024
වරාය සමිති එකමුතුව උද්ඝෝෂණයක නැගෙනහිර පර්යන්තය විකිණීමට හා වරාය විනාශ කරන මෑන් පවර්වලට එරෙහිව වරාය සමිති එකමුතුව සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් කොටුව කාන් ඔරලෝසු කණුවා ඉදිරිපිට පැවැත්විය. 12 June 2024
මැලේසියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් යෝජිත ශ්‍රී ලංකා මැලේසියා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා ඉදිරි සාකච්ඡා ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
පී එච් අයි ට පහරදුන් ආපනශාලා හිමිකරු අත්අඩංගුවට මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට සහ ප්‍රජා සෞඛ්‍ය සහායක වරයෙකුට පහර දුන් බව කියන මහනුවර දළදා වීදියේ රාත්‍රී ආපනශාලාවක හිමිකරු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 12 June 2024
හොරගොල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි හොරගොල්ල වලව්ව ඉඩමට අනවසරයෙන් ඇතුළුවූ අයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම ඉඩමේ මුරකරුවන් දෙදෙනෙකු හා ගිනි අවියක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 12 June 2024
විදුලි සැර වැදී සිසුවියක් මරුට රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 12 June 2024
පෙට්‍රල් නැව් තොග පහක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි පෙට්‍රල් 92 unl නැව් තොග පහක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
සංචාරක වාහන ගේන රෙගුලාසි පාර්ලිමේන්තුවට සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
මැණික්-මුදල් කොල්ල කෑ කොස්තාපල් ඇතුළු තුනක් මාට්ටු තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිද රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් ළගතබා ගත් බව කියන නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි. 12 June 2024
’’කුකුල්ලු’’ මට්ටු කරන්න නීතියක් ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 June 2024
මෛත්‍රීට එරෙහි වාරණය දිග් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,ජාතික සංවිධායක හා භාණ්ඩාගාරිකගේ කටයුතුවලට බාධා කිරීම හා ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීම වළක්වමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණය ජූලි 30 දක්වා යළි දීර්ඝ කිරීමට ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද(12) නියෝග කළේය. 12 June 2024
අලුත් ආගමන පනතක් එයි නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
ආහාර විෂ වීමකින් සිසුන් 25ක් රෝහලේ කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12) උදෑසන ආහාර විෂ වීමකින් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 12 June 2024
රසායනික ද්‍රව්‍යක් විස වී 30 ක් රෝහලේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව ඇති බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 12 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025