
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය වලක්වමින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකුට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කළේය .
ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපතිවරයකු වන ලසිත ගුණරත්න මහතා විසින් එම සංගමයේ නිලවරණ කමිටුව ඇතුළු නිලධාරීන් තිස් අට දෙනෙකුට එරෙහිව ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කර ඇත.
නිල මරණය හෙට (21)පැවැත්වීමට නියමිත තිබූ අතර වාරණය ලබන 30දා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
පෙත්සම්කරුගේ නාම යෝජනා භාර ගැනීමකින් තොරව නිලවරණය පැවැත්වීම නීති විරෝධී බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කර ඇත.
නිලවරන කමිටුවේ සභාපති, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ඇතුළු වග උත්තරකරුවන් හත් දෙනෙකුට වාරණය නිකුත් කර ඇති අතර අතුරු තහනමක් නිකුත් නොකිරීමට සම්බන්ධයෙන් ලබන තිස් වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරඇත.
නීතිඥ සංජය ෆෝන්සේකා මහතාගේ උපදෙස් මත නීතිඥ පසිඳු බණ්ඩාර මහතා සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රග්බි සංගමයේ නිලවරණයට වාරණයක්