ජනපති කොල නොබලා කතා කළ හැටි අගමැතිනිය කියයි ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුනේ කොහොමද?ඒ අප සැම එකතු වී අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූහික ප්රතිපත්තියයි.මෙය අප එක රැයකින් කළ දෙයක් නොවේ. කාලයක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවර ප්‍රතිපත්තියක් අප එලෙස ඉදිරිපත් කළා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 03 December 2024
දුරකතන හබේ දුරදිග ගිහින් පිහියකින් ඇනලා ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් 17 හැවිරිදි ඥාති සහෝදරයෙකු එල්ල කල පිහි පහරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වඇතැයි ඔයා මඩුව පොලිසිය කියයි. 03 December 2024
‘මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම නවත්වන්න‘ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය 03 December 2024
පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කරගන්න එපා පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
ව්‍යාපාරිකයාගේ ලක්ෂ 13ක බෑගය සොරාගත් ගෘහ සේවිකාව මාට්ටු මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද(03) කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 December 2024
රිය අනතුරින් බිරිය මරුට සැමියා රෝහලේ පල්ලම අඩම්මන ප්‍රදේශයේදී යතුරු පැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල ලෙස තුවාල සිදුවු සැමියා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව පල්ලම පොලිසිය කියයි. 03 December 2024
ආණ්ඩුව ගැන පූර්ණ විශ්වාසය තබා ගන්න රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2024
බ්‍රසීලයේ ගිනි අවි-උණ්ඩ සමඟ අයෙක් මාට්ටු බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග ’’පොල්වත්තේ ජනක’’ නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 03 December 2024
ගජමුතු සමඟ පිය-පුතු අත්අඩංගුවට ඊච්චලම්පත්තු, පූනගර් ප්‍රදේශයේ ගැනුම්කරුවෙකුට රුපියල් කෝටි දෙකකට විකිණීම සඳහා රැගෙන පැමිණි ගජමුතු දෙකක් සමග පිය පුතු දෙපළක් ඇතුළු හතර දෙනකු සැකපිට ඊයේ (02) අත්අඩංගුවට ගැනීමට ඊච්චලන්පත්තු පොලිසිය සමත් වූහ. 03 December 2024
මුස්ලිම් කොංග්‍රසයේ නවක මන්ත්‍රී දිවුරයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ජාතික ලැයිස්තුවට පත් කෙරුණු මොහොමදු සාලි නලීම් මහතා කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 03 December 2024
ගයන්ත විපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තුව පිළිගනී පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතික මහතා පිළිගන්නා බව කතානායක අශෝක රන්වල මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 03 December 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා රට පුරා හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 December 2024
වීසා නැතිව ලංකාවේ සිටි විදේශිකයෝ 8ක් අත්අඩංගුවට ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා නොමැතිව නුවරඑලිය දේවස්ථානයක රැදි සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය. 03 December 2024
මැතිවරණ ආදායම් - වියදම් 6 වැනිදාට පෙර භාරදෙන්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ අපේක්ෂකයන් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා මෙම මස 6 වැනිදා හෝ ඊට පෙර භාරදිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 03 December 2024
සාපෙළට අයදුම්පත් භාර ගැනීම 10 දා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024-2025) සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය මේ මස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 03 December 2024
කායවර්ධන ලෝක ශූරිය කටුනායකට තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගී වන , I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ , කාන්තා ෆිෂික්ස් සදරේණු පෙරේරා ක්‍රීඩිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 03 December 2024
පොලිසියෙ හතලියකට ස්ථාන මාරු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 40 කට ස්ථාන මාරු කිරීම් ජාතික පොලිස් කොම්ෂන් සභාව අනුමත කර ඇත. 03 December 2024
බිළිදකුගේ පාදයක් සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිහින් හලාවත මුහුදු තීරයේදී ඊයේ (2) සුනඛයෙකු ඇදගෙන ගිය කුඩා දරුවකුගේ පාදයක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 03 December 2024
නිහාල් යයි: මනතුංග එයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිවේදී කේ.බී මනතුංග මහතා පත් කර ඇත. 03 December 2024
රූපලාවණ්‍ය ආලේපන තොගයක් කටුනායක හිර වෙයි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 December 2024
නැ‘හිරට වැසි ස්වල්පයක් නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 December 2024
පුංචි ඡන්දය ජනවාරියේ ආණ්ඩුව ප්‍රකාශ කළ අාකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 02 December 2024
බන්දුල හෙට සී.අයි.ඩියට සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ හෙට (3) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 02 December 2024
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය: විවාදය හෙට අනිද්දා දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 9.30ට රැස්වෙයි. 02 December 2024
වතුර හබයකට මුන්දලමේ පුංචි යුද්දයක ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවකයන් හා ගම්වාසින් අතර ඇතිවන්නට ගිය ගැටුමක් වැලැක්විම සදහා එම ස්ථානයට ගිය මදුරන්කුලිය පොලිසියෙ නිළධාරීන් අහසට වෙඩි තැබිමට කටයුතු කිරීමත් සමග ගම්වාසින් හා පොලිසිය අතර උණුසුම් කාරි තත්වයක් හට ගත්තේය. 02 December 2024
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැරදි සහගත ලෙස කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය. 02 December 2024
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ. 02 December 2024
සිලින්ඩරේ කණ්ඩායම් නායක අනුරාධ ජයරත්න නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කරනු ලැබ සිටී. 02 December 2024
මුදල් කාරක සභාවට හර්ෂගේ නම යෝජනා කරන්න යයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙක් තීරණය කර තිබෙි. 02 December 2024
සහල් හිඟයකින් තොරව අඛණ්ඩව දෙන්න ඉදිරි මාස වලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හමුවේ පැවසීය. 02 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026