IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උද්ධමනය සෘණ 2.0 ක් දක්වා අඩුවෙයි

(යොහාන් භාසුර)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළේය.

නොවැම්බර් මාස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 1.0 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය නොවැම්බර් මාසයේ සියයට 0.0 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ආහාර නොවන කාණ්ඩයේ නොවැම්බර් මස උද්ධමනය සියයට සෘණ 3.1 ක පැවැති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය නොවැම්බර් මාස සියයට සෘණ 2.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.

 



අදහස් (7)

උද්ධමනය සෘණ 2.0 ක් දක්වා අඩුවෙයි

පාඨකයෙක් Tuesday, 21 January 2025 10:24 PM

අදාළ දෙපාර්තමේන්තුවේ අයට එළොව පොල් කැවිලවත්ද? එහෙමත් නැතිනම් 'කොළඹ" කියලා අදහස් කරලා තියෙන්නේ බ්‍රසීලයේ 'කලම්බෝ" නගරයවත්ද? මම එහෙම අහන්නේ, දවස් 9කට විතර කලින් පොල් ගෙඩි 3ක් ගත්තේ රුපියල් 535/-කට...

:       2       52

gundaWednesday, 22 January 2025 08:13 AM

9 වන ලෝක පුදුමය සොයාගතිමි .. හ...හා...හා... පොල් ගෙඩියක් රු. 200/- හාලෝ කිලෝ එකක් 400 , සීනි කිලෝ එකක් 350/- යි .අමු මිරිස් 1500 යි .ලූනු 600/- යි .අල 375/- සුදු ලූනු 1100/- .නියම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවක්

:       1       45

Saman Wednesday, 22 January 2025 12:42 AM

සුනාමි‍යක් එන්න කලින් මුහුද අතුලට යනවා. මෝඩ ජෙබයියෝ ගිහිං සතුටින් මාළු ඇහිදිනවා

:       2       26

යෝගා Wednesday, 22 January 2025 06:35 AM

නන්දලාල් ඉන්නකම් ආර්ථිකය මෙහෙමවත් පාලනය වෙයි. පචයයි පඹයො 159 දෙනයි කලානම් මෙලහට ඩොලරය රුපියල් 350 පන්නලා

:       4       23

ගුණරත්න Wednesday, 22 January 2025 12:13 PM

උද්ධමනය අඩු වුනේ මොන රටේද? චීනයේ වෙන්න ඇති නේ?

:       0       9

Janii Wednesday, 22 January 2025 01:57 PM

මහ බැංකුවෙන් නම් සෘණ ගාණට උද්ධමනය අඩුවීම ගැන පැහැදිලි කිරීමක් කළා. සාමාන්‍ය මට්ටමට උද්ධමනය (5%) එන කාලයත් ප්‍රකාශ කළා. ටෙලිෆෝන් මහත්තුරු කලබල වෙලා...

:       3       6

Kamal Koyrala Wednesday, 22 January 2025 02:23 PM

උදේට ඇහැරුණාම එන්න හිරු බලන්න මේ කමෙන්ටු කරුවන් සමග...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site