
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත්කර තිබේ.
මෙරට දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයසකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ සෙසු පාර්ශ්වයන්ගෙන් යෝජනා ගැනීමට සහ ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය සකස් කිරීමට යෝජනා වී තිබේ.
‘ළමයා‘ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් දීමට අවශ්‍ය සංශෝධන කිරීමට ද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය වූ බව ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාහ වීම සඳහා පිරිමි ළමයෙකුගේ වයස අවුරුදු 22ක් සහ ගැහැණු ළමයකුගේ වයස අවුරුදු 20ක් වත් විය යුතුයි.
මෙතෙක් දැක්ක සාදරණීයම යෝජනාව බව අවිවාදිතයි. හඬ යටපත් කළ දරුවන්ගේ හඬ...
අපේ අත්තම්මා කසාද බැඳලා තියෙන්නේ අවු 13 දී. දරුවෝ 9 දෙනෙක් හැදුවා. අවු 96 ක් ආයු වළඳා මියගියා.
උපරිම වයසක් නං දාන්න එපා පිස් ! තවම බඳින්න තිය හිතලවත් නැහැ
මට නම් හිතෙන්නේ මේකත් තවත් හිස් වැඩක්
අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනෑ...
විවාහ වන අවම වයස තනිවම තමන්ට තීරණය ගැනීමට හැකියාව තිබෙන අවුල. 21 කරන්න. පවුල්වල බර ඇදගෙන දරුවන්ගේ බරත් දරාගෙන ඉන්න 21ට අඩු ගැහැණුන්ට තම යෞවනය විඳීමට සහ උසස් අධ්‍යාපනය හෝ කැමැත්ත මත වෘත්තීයකට යොමුවෙන්න ඉඩ නෑ.ඒක අපරාධයක්.
කසාදෙ පමණක් නොවේ හමේ පාට , අදහන ආගම , ජාතිය වශයෙන් බෙදන්නේ නැතිව ලෝකයේ දියුණු රටවල කරන ආකාරයට ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම එකම නීතියක් යටතට ගෙන එන එක ඉතා වැදගත් .
එක රටක් එක නීතියක් යටතේ ඥාණසාර හාමුදුරුවෝ අනගි වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ගෝඨාභය පාලන සමයේ. අමුතුවෙන් වෙහෙස වෙන්න උවමනා නෑ. අදාළ කාරණා එම වාර්තාවේ තිබෙනවා. රැකියා කිරීමේ වයස, වාහන බලපත්‍රය ලබාගැනීමේ වයස යනාදිය සමඟ විවහවීමේ වයසත් සමපාත විය යුතුයි.
මේ සරෝජා අක්කේ, ඔයා ඔය නීතිය දාන්න කලින් කෙල්ලන්ට කොල්ලොයි, කොල්ලන්ටයි කෙල්ලොයි සෙට් කරලම වැඩේ පටන් ගන්න. වයස තිබුණට බඳින්න එකෙක් නැත්නම් මොකටද නීති.